fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒ දොස්තර මහත්තයා උන්නෙ දෙවියන්ටත් උඩින්….

දින 6 ago
in පුවත්
690 7
0
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

ව්‍යසනය ජාවාරමක් කරගත් අශික්ෂිත මිනිසුන් අතර මනුස්සකම පිළිබඳ ඇසෙන වචන මාත්‍රයක් ප්‍රමාණවත්ය. ඒ එක් සඳහනක් තවමත් වඳවී නැති බෝසත් මිනිස්සු ගැන කියා දෙයි.

වෛද්‍ය වෘත්තිය තුළ අතලොස්සකගේ පටු ආධානග්‍රාහී හැසිරීම සමස්ථ වෘත්තියම නිග්‍රහයට පත් කළත් උත්තුංග මිනිස්සු තවමත් ඒ වෘත්තිය බබලවති.

මේ කතාව ඇසුනේ බදුල්ල රෝහලෙනි.  වෛද්‍ය පාලිත රාජපක්ෂ බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාය. සිදුවීම වාර්තා වන්නේ ඊයේ  (06) සවස 4ට පමණය.

නොදරුවෙක් රෝහලට රැගෙන ආවේය. වතු ආශ්‍රිත පරිසරයක වැඩෙන පොඩි එකෙකි.  දරුවා දින ගණනාවක් උණ රෝගයෙන් පෙළෙමින් සිට තිබිණි.

රෝහලට ගෙන එන්නේ අන්තිම අමාරු මොහොතේය. පොඩි එකා හුස්ම ගන්නෙ ආයාසයෙනි. පෙනහළු ආසාදනය වී  නිව්මෝනියා තත්ත්වයක් තෙක් රෝගය තීව්‍ර වී ඇති සෙයකි.  කඳුළු පිරුණු දෑසින් පොඩි එකා බලා හිඳී.

වෛද්‍ය පාලිත රාජපක්ෂ දරුවා කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයට යොමු කළේය. ශ්වසන ආධාරත් සමග  දැන් දරුවාගේ පෙනහළු ක්‍රියාත්මකය.

දරුවාගේ බඩ පිරී ඇත. මේ අවස්ථාවේ දී බඩ හිස් නොකළහොත්  එම දියර පෙනහලු කරා පැමිණ නැවත දරුවාගේ මරණය  සහතික කරනු ඇත.

ආමාශගත දේ ඉවත් කිරීමට දරුවාගේ  මුඛයෙන් ආමාශය වෙත බටයක් යැවිනි.  එහෙත් එම බටය චූෂණ යන්ත්‍රයේ මුවවිටට සවි වන්නේ නැති තරම් කුඩාය.

වෛද්‍ය පාලිත රාජපක්ෂ බටයේ කෙළවර සිය මුවට ගෙන දරුවාගේ ආමාශගත තරලය ඇද්දේය. සියල්ල මුවින් ඇද්දේය.

“ කරන්න දෙයක් තිබුණෙ නෑ ඒ වෙලාවෙ. පොඩි එකාගෙ ජීවිතේ ගැන විතරයි අපි හැමෝටම අවධානය තිබුණෙ. ඒ සියලු ද්‍රව්‍ය කටට ආවා.  ඇත්තටම කිසිම අපුලක් දැනුනෙ නෑ. පොඩි එකාට මූලික ප්‍රතිකාර ටික හරියට සිද්ධ වුනා. ප්‍රතිජීවක ඖෂධත් නියමිත මාත්‍රාවට ලැබුණා.  එයා ජීවත් වේවි.“

“ මතක තියාගන්න. මේ අපේ ජීවිතවල එක් සිද්ධියක් විතරයි. මේ වගේ ගොඩාක් දේවල් රෝගීන්ගේ ජීවිත බේරගන්න මේ සෞඛ්‍ය සේවකයො කරනවා. ඒ යථාර්ථය කියැවෙන්නෙ නෑ. මම මේ ගැන පුංචි සටහනක් තිබ්බෙ ඒ නිසා. ක්ෂේත්‍රයෙ අතලොස්සකගෙ හැසිරිම් නිසා සමස්ථ සෞඛ්‍ය පද්ධතියම ගර්හාවට ලක්වුනත් අවධාරණය නොවෙන පැත්තක් තියනවා.  මට දැන් අවුරුදු 53ක්. මං අතින්ම මේ විදිහට රෝගීන් දහස් ගණනක් සුව වෙලා ඇති. අපි බහුතරයකට මේ අත්දැකීම් තියනවා. “

වෛද්‍ය පාලිත අපට කීවේය. අප ඔහුව අමතන මුල් අවස්ථාවේදී ඔහු හිටියේ  හදිසි අවශ්‍යතාවයක් සදහා රෝහලෙන් පිටවි ගොසිනි.

“ ඔව්… දරුවෙකුට හුස්ම ගන්න බෑ කියලා පණිවිඩයක් ආවා. දරුවා හොස්පිටල් එකට ගේන්න විදිහක් නෑ ඒ අම්මලට.  කිලෝ මීටර පහක් විතර දුර. ඔක්සිජන් ටැංකියකුත් අරන් ඒ දරුවා බලන්න ගිහින් එන්න ගියා. “

වෛද්‍ය පාලිත රාජපක්ෂ කීවේය.

“ මම ඕෆ් වෙන්න හිටියෙ  හවස දෙකට… ඒත් පවතින තත්ත්වය උඩ  මම ටිකක් වෙලා හිටියා.  ජීවිත දෙකක් බේරගන්න පුලුවන් වුනා. මේක අපි හැමෝටම අමාරු කාලයක්. තමන්ගෙ රාජකාරියෙන් අඩියක් දෙකක් ඉස්සරහට ගිහින් වැඩ කරන්න අපි හැමෝම කටයුතු කළේ නැතිනම්  රට මේ තැනින් අපිට ගොඩගන්න ලැබෙන්නෙ නෑ…“

ඔහු කියනු අසා සිටියෙමි.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

නිස්සන්ට නිසි තැන දෙන්න… රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමියෝ ජනපතිට කියති…

Next Post

කෙහෙල්බද්දර දී වෙඩි තබා තරුණයෙක් ඝාතනය කරයි… පස්පොඩ්ඩා ඝාතනයේ දිගුවක් දැයි සැකයක්!

Related Posts

ගෝඨාබය හිටපු ජනපති කොන්දේසි පිට තායිලන්තයට ගොඩබැස්ස හැටි…

අගෝස්තු 11, 2022

ඩුබායිහි සැඟවී ඝාතන රැල්ලකින් රට මළගෙයක් කළ පාතාලයේ හරක්කටා අත්අඩංගුවට!

අගෝස්තු 11, 2022

කිසිම චීන නෞකාවක් ලංකාවේ කිසිම වරායකට ඇතුළුවන බව දන්වා නෑ – හම්බන්තොට වරාය පාලක

අගෝස්තු 11, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ගෝඨාබය හිටපු ජනපති කොන්දේසි පිට තායිලන්තයට ගොඩබැස්ස හැටි…
  • ඩුබායිහි සැඟවී ඝාතන රැල්ලකින් රට මළගෙයක් කළ පාතාලයේ හරක්කටා අත්අඩංගුවට!
  • කිසිම චීන නෞකාවක් ලංකාවේ කිසිම වරායකට ඇතුළුවන බව දන්වා නෑ – හම්බන්තොට වරාය පාලක
  • හම්බන්තොට ඉන්දියානු කොන්සල් ජනරාල්ගේ පියා දිවි නසා ගැනීමේ තැතක… 
  • රාජපක්ෂලා සමඟ හැදූ සර්ව පාක්ෂික ආණ්ඩුවට අපි එන්නේ නෑ ! ජවිපෙන් ජනපතිට පිළිතුරක්

ජනප්‍රිය පුවත්

  • දැන් මේ සමස්ථ දූෂිත ක්‍රමය වෙනස් කිරීම මගේ ජීවිත මෙහෙයුමයි… පිටුවහලේ යැවූ ස්කොට් තරුණිය කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • විරෝධතා වීඩියෝ සමාජ ජාලවලට දැමූ ස්කොට් තරුණියගේ වීසා කැන්සල් ! රටින් පිටවන ලෙස නියෝග

    174 shares
    Share 70 Tweet 44
  • නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…

    242 shares
    Share 97 Tweet 61
  • කොටහේන කෝටිපති ව්‍යාපාරිකයා කොල්ලකෑම සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරික බිරිය…

    223 shares
    Share 89 Tweet 56
  • ඩුබායිහි සැඟවී ඝාතන රැල්ලකින් රට මළගෙයක් කළ පාතාලයේ හරක්කටා අත්අඩංගුවට!

    172 shares
    Share 69 Tweet 43
  • හාස්කම් ගැන කියන උණවටුන ගැටරඹ සතරමහා දේවාලයේ ප්‍රධාන දේවගැති ළමා අපචාර චෝදනා මත අත්අඩංගුවට…

    215 shares
    Share 86 Tweet 54

Highlights

හම්බන්තොට ඉන්දියානු කොන්සල් ජනරාල්ගේ පියා දිවි නසා ගැනීමේ තැතක… 

රාජපක්ෂලා සමඟ හැදූ සර්ව පාක්ෂික ආණ්ඩුවට අපි එන්නේ නෑ ! ජවිපෙන් ජනපතිට පිළිතුරක්

මැයි 09 හවස “කාල්ටන්“ ගිය දිලීප වෙදආරච්චිගේ සොයුරු නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට…

පෙරහර වියදම ලක්ෂ දෙදහසක් පනී… වියදම තුන්ගුණයකින් වැඩියි – නාථ දේවාල බස්නාය නිලමේ…

දැන් මේ සමස්ථ දූෂිත ක්‍රමය වෙනස් කිරීම මගේ ජීවිත මෙහෙයුමයි… පිටුවහලේ යැවූ ස්කොට් තරුණිය කියයි!

යලේ අස්වනු නෙලන්න පටන් අරන්… වී මිල අඩුවෙලා… රජයට මැදිහත් වන්නැයි ගොවීහු ඉල්ලති!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ගෝඨාබය හිටපු ජනපති කොන්දේසි පිට තායිලන්තයට ගොඩබැස්ස හැටි…

by editor
අගෝස්තු 11, 2022
0

හිටපු ජනපති ගෝඨාබය රාජපක්ෂ අද තායිලන්තයේ...

ඩුබායිහි සැඟවී ඝාතන රැල්ලකින් රට මළගෙයක් කළ පාතාලයේ හරක්කටා අත්අඩංගුවට!

by editor
අගෝස්තු 11, 2022
0

පසුගිය මාස දෙක තුළ ඩුබායි රාජ්‍යයේ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist