සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒ තීන්දුව?…  අධිකරණ තීන්දු 8ක් කඩකර පුරාණ වඩ්ඪමාන පබ්බත විහාරයේ පොංගල් කළ  පූසාරි ඇතුළු පිරිස වව්නියාව අධිකරණය නිදොස් කොට නිදහස් කරයි…

පොලිසියේ සහ පුරාවිද්‍යාවේ කරුණු දැක්වීම්   විනිසුරුවයා විසින් ප්‍රතික්ෂේප කරයි..

by editor
මාර්තු 19, 2024
in පුවත්
Court-of-Inquiry
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වවුනියාව නෙඩුන්කේණී වෙඩුක්කුනාරීමලේ ආදී ලිංගේස්වර කෝවිලේ ප්‍රධාන පූසාරීයා ඇතුළු සැකකරුවන් අට දෙනා වවුනියාව මහෙස්ත්‍රාත්වරයා විසින් අද ( 19 )  නිදොස් කොට නිදහස් කරණු ලැබීය.

මේ පිරිසට එරෙහිව එල්ල වී තිබුණේ පුරා වස්තුවලට හානි සිදු කිරීම අධිකරණ හා පොලිස් නියෝගවලට පටහැනිව ක්‍රියා කිරීම ප්‍රදේශයේ සාමයට බාධාවක් ඇති කිරීම ජනතාව  උසි ගැන්වීම ඇතුළු චෝදනා අටකි.

නෙඩුන්කේණියේ පිහිටි අතීතයේදී වඩ්ඩමාන පබ්බත විහාරය ලෙසින් හඳුන්වන ලද බෞද්ධ නටබුන් සහිත ස්ථානයට යුද සමයේදී  දකුණේ පිරිසට හා පුරා විද්‍යා නිලධාරීන්ට යාමට නොහැකි වූ නිසා එම ගම්මානය අවට ජනතාව විසින් මේ ස්ථානයේ ශිව කෝවිලක් ඉදිකරගෙන ඊට වන්දනා මාන කරමින් පොංගල් පවත්වමින් කටයුතු කළහ. 

යුද්ධය හමාර වීමෙන් පසුව පුරා විද්‍යා නිලධාරීන් එහි ගිය අවස්ථාවේදී පුරා වස්තුවලට හානි සිදු කරමින් කෝවිලක් පවත්වා ගෙන යාම නිසා එම නිලධාරීන් මේ පිළිබදව  නෙඩුන්කේණී පොලීසියට පැමිණිල්ලක් යොමු කොට තිබේ. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොලීසිය මේ සම්බන්ධයෙන් වවුනියාව අධිකරණයේ නඩුවක් ගොණු කිරීමෙන් පසුව මෙම ස්ථානය පිළිබඳව අයිතිය තහවුරු කෙරෙන තුරු විශාල පරිමාණයේ පූජා පැවැත්වීම සංවර්ධන කටයුතු සිදු කිරීම අධිකරණය විසින් තහනම් කළේය. 

නමුත් හින්දු ජනතාව වරින් වර එම ස්ථානයේ විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීම නිසා පොලීසියට තවත් නඩු පහක් වවුනියාව අධිකරණයට ගොණු කිරීමට සිදුවිණි. 

මෙම සෑම නඩුවකම අවසන් තීරණය වී තිබුණේ මෙම ස්ථානයේ අයිතිය සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට එළඹෙන තුරු කවර හෝ උත්සවයක් මහා පරිමාණයෙන් සිදු කිරීම හා  සංවර්ධන කටයුතු ආරම්භ කිරීමෙන් වළකින ලෙසය.

තත්ත්වය මෙසේ තිබියදී මෙවර මහා ශිව රාත්‍රිය දිනය එළඹ තිබුණු මාර්තු මස 8 වෙනිදා එම කෝවිලේ ශබ්ද වාහිනී යන්ත්‍ර යොදා ගෙන  විදුලි ජනක යන්ත්‍ර මගින් ආලෝකය ලබා ගෙන විශාල පූජාවක් කිරීමට ගිය අවස්ථාවේදී නෙඩුන්කේණී පොලීසිය ඊට විරෝධය දක්වා අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුණි. 

එම නියෝගයේ සඳහන් වූයේ අධිකරණය විසින් කලින් ලබා දි තිබූ තීරණ වලට පටහැනිව කටයුතු කරණ පිරිස අත් අඩංගුවට ගන්නා ලෙසයි. 

හින්දු බැතිමතුන් මේ කිසිදු නියෝගයක් මායිම් නොකොට බලහත්කාරයෙන් පොංගල් පූජාවක් පැවැත්වීමට යාම හේතුවෙන් ඔවුන්ව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව බන්ධනාගාර ගත කරණ ලදී.

ඔවුන්ව නිදහස් කරණ ලෙස ඉල්ලා හින්දු පූසාරිවරයා ඇතුළු සැකකරුවන් අට දෙනා වවුනියාව බන්ධනාගරය තුළ ආහාර වර්ජානයක නිරත වූවත් ඔවුගේ ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් කල් නොලැබුණි. 

ඔවුන්ව යළි දෙවන වතාවට වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව නිදහස් කොට තිබේ.

නෙඩුන්කේණී පොලීසිය මේ පිරිස නිදහස් කිරීමට විරෝධය පල කළ අතර පොලිස් නිලධාරීන් කියා සිටියේ ගත වූ කලය තුළ සිදු වූ සියලුම සිදුවීම් නීතිපතිවරයා වෙත යොමු කොට නීතිපතිවරයාගෙන් යම් උපදෙසක් ලැබෙන තුරු බලා සිටින වගයි.

මෙම අනඩුවේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් ගමගේ  නඩුව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි නමුත් ඊට අවස්ථාවක් නොලැබුණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ ඇයි?… විපක්ෂය පාර්ලිමේන්තුවේ දි කළ කරුණු පැහැදිලි කිරීම …

Next Post

රට ගොස් දුක් විඳින බිරිය  යළි ගෙන්වා ගන්න සිය  වකුගඩුවක් ගලවා දි මිලක් හොයන තරුණ තාත්තා… මේ තමයි අපි ඉන්න රට!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.