සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එළියේ නැගෙන විලාපයට  දැන්වත් ඇහුම්කන් දෙන්නට හැකි මනසක් නිර්මාණය වේවා!

අප හිතුවේ දියවන්නාවේ ඉන්න පවුල් 225 ගැන නොවේ... ඉන් එපිට ඉන්න ලක්ෂ 58 ගැන...

by editor
ජූලි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික න්‍යාය පත්‍රය වෙනුවට පක්ෂ පුද්ගල න්‍යා පත්‍ර වෙනුවෙන් ඒවාට ප්‍රමුඛත්වය දෙමින් ඒ වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන කරමින්  පවත්වාගෙන ගිය වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරිමේ උවමනාව පෙරදැරිව තමා මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අද (20) ප්‍රකාශ කළේය.

මේ ඡන්ද ඉල්කම්වලින් ලද පරාජයක් නොව, ධෛර්ය සම්පන්න   මගපෙන්වීමක් බවත් ඔහු  කීවේය

ඔහු වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

“අපේ උවමනාව තිබුණෙ ඉතිහාසේ පළමු ප්‍රායෝගික සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනගන්න. පරාජය වුනත්  සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනැගීම මල්පල ගැන්වීමේ  අපේ බලාපොරොත්තුව ඉන්  කඩවීමක් වූ බවට අප විශ්වාස කරන්නෙ නෑ “

“ ප්‍රතිඵලය කුමක් වුවත් මේ සම්මුතිවාදය මුලු ලෝකයටම වටිනා පරමාදර්ශයක් සපයා තියනවා.   පුද්ගලික අභිමතාර්ථ පසෙක ලා මා ජනාධිපති ධූරයට යෝජනා  කළේ  සජිත් ප්‍රේමදාස, ස්ථිර කරමින් ශක්තියක් වුනේ  පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස්. එතුමා  ඇතුළු පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ මා වෙනුවෙන් කැප කිරීම්කළා. මේ ජරා ජීර්ණ බෙදීම්වලින් තොරව අප එකතු වුනා.“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ රනිල්  වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සුබ පතන  අතරේම  මේ අරමුණු වෙනුවෙන් කැපවුනු හැම දෙනාටම මගෙ පුද්ගලික ගෞරවයත් මේ රටේ මහා ජනතාවගේ ගෞරවයත් ප්‍රකාශ කළ යුතුයි.“

ජනාධිපතිවරයා කීවා සේම නිදහසින් පසු ගත කරන අමාරුම කාල පරිච්ඡේදය අප ගතකරමින් ඉන්නෙ.   අප්‍රමාදම කර්තව්‍ය විය යුත්තේ  රට සුවපත් කිරිමයි. සු වපත් රටකට පමණයි නැවත නැගිටින්න පුලුවන්. සියලු දෙනාගේම සහයෝගය ඊට අවශ්‍යයයි. “

“අපි ඉතිහාසයේ තීරණ අරන් තියෙන්නෙ දියවන්නා දූපත ඇතුළෙ ඉන්න පවුල් 225 ගැන. නමුත් අපි බැලුවේ දියවන්නාවෙන් එළියෙ ඉන්න පවුල් ලක්ෂ  58ක් ගැන.

මෙය මගේ  දේශපාලන ගමනේ තව එක් හැරවුම් ලකුණක් ලෙස සලකුණු කරමින්  නව ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එලෙසින්ම සුබ පතනවා.  එළියේ දුක් විඳින මිනිස්සුන්ගෙ දුක් විඳින තරුණයින්ගේ පීඩාවට,  අපේක්ෂා භංගත්වයට පත්වෙචිචි මිනිස්සුන්ගෙ හඬට,  දැන්වත් ඇහුම්කන් දෙන්නට හැකි මනසක් නිර්මාණය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම ගෞරවය ප්‍රකාශ කරනවා.

ආදරණීය  මාතෘ භූමියට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව ජනපති ලෙස පාර්ලිමේන්තු පරිශ්‍රයේ දිවුරුම් දෙන්න අවස්ථාවක් දෙන්න – රනිල් කථානායකගෙන් ඉල්ලයි !

Next Post

ගම්වල තේක්ක ගස් වට අඩි ගානට විකිනෙනවා වගේ මේ මැතිවරණයෙදිත් මන්ත්‍රීවරු විකිණුනා!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.