සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්ස්ප්‍රස් පර්ල් පරිසර හානි ගණනයේ පළමු අතුරු වාර්තාව ජාත්‍යන්තර නීති සමාගමකට!

by editor
අගෝස්තු 28, 2022
in පුවත්
x-press-perl
Share on FacebookShare on Twitter

සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍ර කරමින් තිබියදී ඉකුත් වසරේ මැයි මස 20 වැනිදා මෙරට මුහුදු සීමාවේදී ගිලී ගිය එම්.වී එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව හේතුවෙන් මුහුදු තීරයට හා වෙරළ තීරයට සිදුවූ පරිසර හානිය ගණනය කර සකස්කළ පළමු අතුරු වාර්තාව නෞකා අනතුරු  වන්දි ලබාගැනීම පිළිබඳ විශේෂඥතාවයක් සහිත ඕස්ට්‍රේලියානු නීතිඥ ආයතනය වෙත යවා තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ලහදපුර  පැවසුවාය.

එම ආයතනයෙන් උපදෙස් ලැබුණු පසු නීතිපති දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඉදිරි නීතිමය පියවර ගන්නා බවද ඇය සඳහන් කළාය.

මෙම නෞකාව ගිලී යෑමෙන් නිකුත්වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත්කොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු වෙනුවෙන් නෞකාවේ රක්ෂණ සමාගමෙන් රුපියල් බිලියන 1.3 ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලැබී ඇතැයි ද ඇය කීවාය.

එම මුදලින් අදාල ගෙවීම් කටයුතු පියවීම සදහා රුපියල් 903,857,293 ක මුදලක් මහාභාණ්ඩාගාරයෙන් ඉල්ලමින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට මේ වන විට අනුමැතිය ලබා දී ඇති බවද ඇය කීවාය.

එමෙන්ම මුහුදු පත්ලේ ගිලී ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගොඩ ගැනීමේ කටයුතු නැව අයිති සමාගම විසින් චීන සමාගමක් වෙත පවරා තිබෙන බව කී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය එම චීන සමාගම පසුගිය කාලයේදී මෙරටට පැමිණ නැව ගොඩ ගැනීමේ මූලික කටයුතු ආරම්භ කළ බවද කීවාය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එහෙත් වාරකන් කාලයේදී මුහුද රළුවීම හේතුවෙන් නැව ගොඩගැනීමේ කටයුතු මේ වන විට තාවකාලිකව නතර කර තිබෙන බවත් මෙම වසරේ නොවැම්බර් මාසයේදී එම කටයුතු නැවත ආරම්භ කරනු ඇති බවත් ඇය සඳහන් කළාය.

සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍ර කරමින් තිබූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 9ක් දුරින් නැංඟුරම් ලා තිබියදී ඉකුත් වසරේ මැයි මස 20 වැනිදාය ගිනි ගැනීමකට ලක්වූ අතර ජුනි මස 02 වැනිදා මුහුදුබත් විය.

නෞකාවේ ගබඩාකර තිබූ නයිට්‍ර්ක් අම්ල හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදුවූ අතර නැව මුහුදු බත්වීමට පෙර ඇතිවූ පිපිරීමක් හේතුවෙන් එහි තිබූ බහාලුම් 1486 න් යම් ප්‍රමාණයක් මුහුදට වැටුණි.

මෙම බහාලුම්වල තිබූ රසායනික ද්‍රව්‍ය හා ප්ලාස්ටික් පබළු මුහුදු ජලය සමඟ මිශ්‍ර වීමෙන් මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා වූ කිලෝමීටර 746 ක මුහුදු කලාපය සම්පූර්ණයෙන්ම දූෂණයට ලක්විය.

එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විසිරුණු අපද්‍රව්‍ය හේතුවෙන් අපවිත්‍රවූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු පසුගිය වසරේ මැයි මස 20 වැනිදා සිට මේ දක්වා සිදු කරනු ලබයි.

මේ වනවිට ස්ථාන 2723 කදී එම පිරිසිදු කිරීම් කටයුතු සිදුවන අතර එමඟින් කිලෝමීටර 746 ක දුර ප්‍රමණයක් ආවරණය කරනු ලබයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන තානාපති මල්වතු අස්ගිරි මහ නා හිමිවරු දකින්නට යයි!

Next Post

සුපිරි ඩීසල් සාමාන්‍ය ඩීසල් ලෙස බෙදන්න නියෝග… ට්විටර් ඇමති  ඩීසල් මාරුව නිසා සංස්ථාවට කෝටි 16ක පාඩුවක්….   

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.