අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය ගත්තොත් එය IMF ණය වගේ තුන් ගුණයක් !

by editor
සැප්තැම්බර් 23, 2022
in පුවත්
x-press-perl
Share on FacebookShare on Twitter

විශාල සමුදු සහ පාරිසරික දූෂණයක් සිදු කරමින් පසුගිය වසරේ මැයි මාසයේ දී කොළඹ වරාය ආශ්‍රිතව ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළ වන්දි ලබා ගැනීමට අදාළ නෛතික ක්‍රියාමාර්ග නිසි ලෙස ගන්නේ නම් එම අනතුරට අදාළ වන්දිය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න වන්දියක් ලබා ගත හැකි බව ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥ හේමන්ත විතානගේ  පවසයි.

x-press-perl
ගිනිගෙන සැකිලි වී ගිලාසිමින් ඇති නැව

එම වන්දි මුදල ලබා ගත හැකි නම් එය දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ණය මුදල මෙන් කිහිප ගුණයක් වනු ඇති බවත් මේ සඳහා අවශ්‍ය නෛතික ක්‍රියා මාර්ග සඳහා රජයට තවත් ඉතිරිව ඇත්තේ මාස 08ක පමණ කාලයක් බවත් ඔහු පෙන්වා දෙයි.

ලංකාසර කළ විමසීමකදී මේ පිළිබඳව අදහස් දැක්වු හේමන්ත විතානගේ   ශ්‍රි ලංකාව ආශ්‍රිත මුහුදේ සිදුවූ විශාලතම පරිසර හානියක් ගෙන දුන් නෞකා අනතුර මෙය බව සඳහන් කළ අතර එහි ප්‍රතිඵල ශ්‍රි ලංකාව ඇතුළු අවට සාගර කලාපයට තවත් වසර 500ක් වත් යන තෙක් බලපෑ හැකි බවට විද්‍යාඥයින් අනුමාන කරන බව සඳහන් කළේය.

එවැනි විශාල අනතුරකට ලක් වූ මෙම නෞකාවට අදාල වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය ට සම්බන්ධ රජයේ පාර්ශ්ව කඩිනමින් ක්‍රියාත්මක වන බවත් නොපෙනන බවත් එය කඩිනම් කරවීමට අදාළ ව ආයතන පණ ගැන්වීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් යුතුව කඩිනම් කාර්ය සාධක බලකායක් හෝ ඊට සමාන කමිටුවක් වහා ස්ථාපිත කළ යුතුව ඇති බවද හේමන්ත විතානගේ   පෙන්වා දෙයි.

එහිදී තවදුරටත් අදහස් දක්වන හේමන්ත විතානගේ මෙසේ ද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ මෙම නෞකාවේ රසායනික දුව්‍ය විශාල ප්‍රමාණයක් පැවතුණා. ඒ වගේම කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් නව දහසකට ආසන්න ප්‍රමාණයක් තිබුණා. එහෙත් මේ ප්ලාස්ටික්වලින් දැනට මුහුදු තීරවලින් එකතු කරගෙන තිබෙන්නේ ටොන් 2500කට ආසන්න ප්‍රමාණයක්. එය සමස්ත තොගයෙන් සියයට 40කට කිට්ටු ප්‍රමාණයක්. ඉතිරිය අපේ රට අවට මුහුදේ වගේම ඉන්දීය සාගරය පුරා මේ වනවිට විසිර තිබෙනවා.

එහි බලපෑම ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, අන්දමන් දූපත් පුදේශ දක්වා මේ වනවිට ව්‍යාප්ත වී ඇති බවට අනුමාන කරනවා. මීට සාපේක්ෂව මීට වඩා අඩු බලපෑමක් සහිත නෞකා අනතුරක් මුරුසිය ආශ්‍රිත මුහුදේ සිදුවුණා. ඒ සඳහා මුරුසි රජය මේ වනවිට ඩොලර් බිලියන 10ක වන්දියක් ඉල්ලා ඊට අදාළ පියවර ගෙන තිබෙනවා.

අපේ රටේත් සිදුවූ මෙම අනතුර හේතුවෙන් වන්දි  ලෙස අඩුම තරමින් මේ හා සමාන මුදලක් හෝ ලැබිය යුතුයි. නමුත් ඊට අදාළ නෛතික ක්‍රියාවලියට අපට තවත් ඉතිරිව ඇත්තේ මාස 08ක පමණ කාලයක්. හේතුව මෙම නැව අනතුරට ලක් වුණේ 2021 වසරේ මැයි මාසයේ. එම කාලයෙන් පසුව වසර දෙකක් ඇතුළත ඊට අදාළ ක්‍රියාමාර්ග ගෙන වන්දිය ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා තව ඉතිරිව ඇත්තේ මාස 08ක පමණ කාලයක්.

මේ වනවිට මේ අනතුර සහ සිදුවූ හානි සම්බන්ධයෙන් සමුද්‍ර පරිසර දූණන අධිකාරිය විසින් වාර්තාවක් සකස් කර තිබෙන බව පැවසෙනවා. අධිකරණ අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් අප දන්නා තරමින් කමිටු පහක් පත් කළා. නමුත් මෙම වන්දිය ලබා ගැනීමට අදාල නිශ්චිත වැඩපිළිවෙළකට තවමත් ශ්‍රි ලංකාවේ බලධාරීන් කටයුතු කර නැහැ.

අඩුම තරමේ ඊළඟ මාස කිහිපයේ හෝ මීට අදාළ කටයුතු සීඝ්‍ර කළහොත් අපට මේ වන්දි හිමිකම සඳහා කටයුතු කරන්න පුළුවන්. ඒ සඳහා මම විශ්වාස කරන්නේ ඉතා කෙටි කලක් තුළ ඊට අදාල ක්‍රියාමාර්ග ගත හැකි කඩිනම් ජනාධිපති කාර්ය සාධක බලකායක් හො එවැනි කමිටුවක් පත් කිරීමයි.“

ඔහු තවදුරටත් සඳහන් කලේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ග්ලයිෆොසේට් අවශ්‍ය ප්‍රමාණයෙන්ම ආනයනයට කැබිනට්  අනුමැතිය…

Next Post

අරගලයට ගැහුවදාත් පහුවදාත් ජොන්ස්ටන්ට රට වටෙන්ම ගහලා තියෙන්නෙ මෙහෙමයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.