එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසහන මෙරටට විදුලියෙන් ධාවනය වන බස් රථ සහ ත්‍රී රෝද රථ හඳුන්වා දීමේ වැඩසටහනක් යෝජනා කර තිබේ.
කොළඹ නගරය ආශ්‍රිතව මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් සූදානම් කර ඇති අතර මුල් අදියර ලෙස ත්‍රී රෝද රථ 300ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.
මෙරට තුළ ධාවනය කරන ලක්ෂ දහයකට අධික ත්‍රී රෝද රථ වෙනුවට විදුලියෙන් ආරෝපණය කළ හැකි ත්‍රී රෝද රථ හඳුන්වා දීම දක්වා වැඩසටහන පුලුල් කිරීම මෙහි අරමුණ වේ.
විදුලි බස් රථ සේවාවක් ද ඊට සමගාමීව ආරම්භ කිරීමට යෝජනා වී තිබේ.
මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් මිලියන තුනක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර තිබේ.
ඊට අදාල මූලික සාකච්ඡා ඊයේ ප්‍රවාහන හා මහා මාර්ග ඇමති බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.







