2023 LPL සමාරම්භක උත්සවයේ දී ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් ගායනා කරන ලද ජාතික ගීයේ තනුව ව්‍යවස්ථාවේ විස්තර කර ඇති ජාතික ගීයේ තනුව නොවන බව රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම පවසයි.
එම විමර්ශන කණ්ඩායම් විසින් උක්ත වාර්තාව පසුගිය සිකුරාදා (18) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී ඇත.
ජාතික ගීය ගායනා කරන අතරතුර ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ප්‍රධාන ගී පද රචනය වැරදි ලෙස උච්චාරණය කර ඇති අතර, එම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ වීඩියෝවක් සංසරණය විය.
ජාතික ගීයේ තනු නිර්මාණය ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ මධ්‍යම ස්වරයෙන් ගැයීම ලෙසය. නමුත් උමාරා ගීය ගායනා කර තිබුණේ උස් ස්වරයෙනි. ජාතික ගීය උස් ස්වරයෙන් ගායනා කරන අතරතුර ගීයේ ප්‍රධාන ගී පද රචනය ද විකෘති වී ඇත.
එබැවින් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලේකම්වරයා විමර්ශන කණ්ඩායමට උපදෙස් දුන්නේය.
ජාතික උත්සවයකදී ජාතික ගීය භාවිතා කිරීමේදී හැකි ඉක්මනින් එයට නියාමනයක් එක් කරන ලෙස මෙහිදී විමර්ශන කණ්ඩායම උපදෙස් දි ඇත. රෙගුලාසි කඩ කළහොත් ගත යුතු ක්‍රියාමාර්ග සඳහන් කරන ලෙස ද ඉල්ලා විමර්ශකයින් ඉල්ලා තිබේ.
“ජාතික කොඩිය භාවිත කිරීම සම්බන්ධයෙන් අපට යම් යම් නීතිරීති ඇතත් ජාතික ගීය භාවිතය සම්බන්ධයෙන් එවැනි නීතිරීති නැහැ.”
“ජාත්‍යන්තර ඉසව් සංවිධානය කරන සියලුම ක්‍රීඩා සමාජ සහ සංගම්වලට ජාතික ගීය මධ්‍යම ස්වරයෙන් ගැයීමට සහ නිසි පද රචනයට අදාළව ගායනා කිරීමට රෙගුලාසි පනවමින් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස අපි ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියා,” කණ්ඩායම පැවසීය.