තමන් ගේ උපාධිය සම්බන්ධව මේ වනවිට පලවෙමින් ඇත්තේ පදනම් රහිත බොරු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
නාමල් රාජපක්ෂ පවසන්නේ මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වූ වහාම අධිකරණයට ඉදිරිපත්කර ඇති බී වාර්තාවක් මගින් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රතිපල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති තත්වය තුළ සිදුකෙරෙන අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී රටටම දැකගත හැකිවනු ඇති බවය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මාධ්‍ය අමතා මෙසේ පැවසුවේය.
” මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කීපයකින් විතර අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා. අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවි වලින් මඩක් ගහනවා. දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහස වලට 21 වෙනිදා උත්තර ලැබේවි ” යයි ඔහු මාධ්‍යවේදීන්ට පැවසීය.







