උපසම්පදා විනය කර්මය මෙවර වෙසක් මස සිට පොසොන් මස තෙක් නොපැවැත්වෙන බව අස්ගිරි මල්වතු උභය මහාවිහාරයීය ලේඛකාධිකාරි හිමිවරු පවසති.
මහානායක ස්වාමින්වහන්සේලාගේ උපදෙස් අනුශාසනා පරිදි , මෙම චාරිත්‍රානුකූල උපසම්පදා විනය කර්මය රටේ පවතින වසංගත තත්ත්වය සමතයකට පත්ව ජන ඒකරාශී වීමේ හැකියාවක් ඇති කාලයක පැවැත්වීමට තීරණය කල බවද උන්වහන්සේලා පවසති.
පෙර රජදවස පටන් උපසම්පදා විනය කර්මය වෙසක් පොසොන් මාස අතර පැවැත්වෙන්නේ සම්ප්‍රදායික පෙරහර පහක් පැවැත්වීමෙන් අනතුරුවය. ඇසල මස දී වස් උපෝෂිත ශීලය පැවැත්වෙන බැවින් එයට පෙර උපසම්පදා විනය කර්මය පැවැත්වීම චාරිත්‍රයකි. නමුත් මේ වන විට ලොව පුරා පැතිර ඇති වසංගත තත්ත්වය හේතුවෙන් මෙම උත්සව පැවැත්වීමට නොහැකි වාතාවරණයක් පැවැත්වෙන අතර ජනතාව ඒකරාශී විය හැකි වාතාවරණයක් ඇති වූ වහාම උපසම්පදා විනය කර්මය පැවැත්වීමට කටයුතු යොදන බව ලේඛකාධිපති ස්වාමින්වහන්සේලා දෙනම පවසති.