එක් දින තරග තුනක් සඳහා බංගලාදේශ සංචාරයට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අයත් සංචිතයට ඇමතිවරයාගේ නිල අනුමැතිය ලැබෙන්නට පෙර මාධ්‍ය වෙත නිකුත් වීම ගැටලුකාරී තත්වයක් බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
සංචිතයට ඇමතිවරයාගේ අනුමැතිය ලැබී තිබුණේ අද (12) නමුත් දින කීපයක සිට මෙම සංචිතය පිලිබඳ සියලු තොරතුරු ඇතැම් මාධ්‍යවල පල කර තිබිණි.
කණ්ඩායම් නායකත්වය කුසල් ජනිත් පෙරේරාටත් උප නායකත්වය කුසල් මෙන්ඩිස්ටත් ලබා දී ඇත. එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දසුන් ශානක සංචිතයට එක් වී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ ප්‍රබල ප්‍රහාරක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සංචිතයට එක් කර නැත.
ඔහු සංචිතයට එක්කර නොගැනීම පිළිබඳ නිශ්චිත හේතුවක් දක්වා නැති අතර ඔහු අවසන් වරයට සහභාගී වූ තරගාවලියේ ලකුණු අතර සිටිමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකි.