සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරේ පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණය වන රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ… පුරාවිද්‍යා නිලධාරීනුත් අනාරක්ෂිතයි… විගණනය කියයි!

යුද්ධය සමයේදීත් ආරක්ෂා වූ පුරාවිද්‍යා නටබුන් දේශපාලන කල්ලි සහ කොවිල් භාරකරුවන් විසින් වනසන අයුරු විගණනය හෙළි කරයි....

by editor
ඔක්තෝබර් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

යුද්ධය නිමා වීමත් සමග උතුරේ  වව්නියාව, මුලතිව්, මන්නාරම, යාපනය හා කිළිනොච්චිය දිස්ත්‍රික්කවල සිදුකළ මූලික පුරාවිද්‍යා ක්ෂේත්‍ර  ගවේෂණවල දී  හඳුනාගෙන වාර්තා කර තිබූ පුරාවිද්‍යා ස්ථාන 479කින් අති බහුතරයක් 2023.07.28 වනවිට දරුණු ලෙස විනාශ වී ඇති බව ජාතික විගණන   කාර්යාලය   අද (03) කෝප් කමිටුව වෙත ඉදිරිපත් කළ   විශේෂ ක්ෂේත්‍ර    විගණන වාර්තාව හරහා හෙළි දරව් කරයි.

උතුරු නැගෙනහිර කලාපයේ යුද්ධය පවතින වකවානුවේ ආරක්ෂා වී  තිබී, යුද්ධයෙන්  පසුව හඳුනාගෙන වාර්තා කළ පුරාවිද්‍යා ස්ථාන 479 ඇතුළත් උතුරේ පුරවිද්‍යා උරුමය සම්බන්ධව  වර්ථමාන කාර්ය සාධනය පරීක්ෂාව සඳහා පසුගිය ජූලි මස 17 සිට 28 දක්වා කාලයක තුළ ජාතික විගණන ලේකම් කාර්යාලය සිදුකළ ක්ෂේත්‍ර විගණන පරීක්ෂාව පිළිබඳ වාර්තාව නිකුත් කරමින් එම කාර්යාලය මෙම අනාවරණය සිදු කරයි.

ක්ෂේත්‍ර විගණනයේ දී පුරාවිද්‍යා ස්ථාන 83ක් එම විගණන කණ්ඩායම විසින් ආවරණය කර තිබිණි.

විගණනය මෙහිදී අවධාරණය කර පෙන්වා දී  ඇත්තේ උතුරු පළාත තුළ රටේ නීතිය වූ පුරාවිද්‍යා ආඥා පනත ක්‍රියාත්මක කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු බලතල ක්‍රියාත්මක කළ නොහැකිව  තිබූ බවය.

බොහෝ පුරා විද්‍යාත්මක ස්ථානවල ඉදිරි පුරාවිද්‍යාත්මක කාර්යයන් සඳහා සිවිල් ජනතාවගෙන් විරෝධයක් නොපැවති නමුත් පවතින දේශපාලනික හා කෝවිල් භාරකත්වයේ බලපෑම් නිසා විශාල වශයෙන් පුරාවස්වතුවලට සහ පුරාවිද්‍යා භූමිවලට හානි වී තිබුණු අයුරු නිරීක්ෂණය කළේ යැයි විගණනය වාර්තා කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හඳුනාගත් ඇතැම් පුරාවිද්‍යාත්මක ස්ථානයන්හි දැනටමත් ස්ථූප ගොඩැලි සම්පූර්ණයෙන්ම පොළොවට සමතලා කර ඒ මත විශාල කෝවිල් ඉදිකර ඇති ආකරය නාග තාම්බ්‍රාන් සහ වව්නියාව සිවපුරම් ශ්‍රී මලේ පුරාවිද්‍යා ස්ථාන නිදර්ශන කර    විගණනය පෙන්වා දෙයි.

එමෙන්ම සමහර ස්ථූප ගොඩැලි මත කුඩා කෝවිල් හා දෙමළ ක්‍රිස්තියානි පල්ලි ඉදිකිර ඇති ආකාරය විගණන කාර්යාලය විසින් ඉදිරිපත් කරන්නේ නෙඩුන්කේනි ශිවනගර් පුරාවිද්‍යා නටබුන් සහ කුලාමුරිප්පු සහ කොඩ්ඩියාමලෛ පුරාවිද්‍යා ස්ථානවලට සිදුවී ඇති හානිය උපුටා දක්වමිනි.

මෙතෙක් යුද හමුදා කඳවුරු පිහිටි ඉඩම්වල ආරක්ෂා වී තිබූ පුරාවිද්‍යා ස්මාරක එම කඳවුරු ඉවත් වීමත් සමග ඉතා අනාරක්ෂිතව විනාශ වෙමින් ඇති බව ද විගණනය කියයි.

මේ තත්ත්වය තුළ ප්‍රවේශ මාර්ග අවහිර කිරීම, සන්නිවේදන ගැටලු, තර්ජන හා බියවැද්දීම්, කණ්ඩායම් බලය ප්‍රමාණවත් නොවීම වැනි හේතූන් මත දෙපාර්තමේන්තු නිලධාරීන් ද අනාරක්ෂිත බව විගණනය ප්‍රකාශ කර ඇත.

තිස් වසරක් යුද්ධ කාලයේ ආරක්ෂිත වී තිබුණු පුරාවිද්‍යා ස්මාරක, සහ පුරාවිද්‍යාත්මක ලෙස සංවේදී කලාප විනාශ වී යෑම බලවත් අපරාධයක් බව විගණනය විසින් අවධාරණය කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තිරිඟු පිටි සඳහාත් මිල සූත්‍රයක්… රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කරයි!

Next Post

“පැය 24 රැකවලේ “  කියන පොළොන්නරුව වටදාගේ ඇතුළු මළුවත්  පුරාවස්තු හොරු බිඳන්න හදලා…  ගල් විදින්න  විදුලිය අරන් තියෙන්නේ ආරක්ෂක මුර කුටියෙන්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.