ඊශ්‍රයාල ඝාතන ප්රයත්නයෙන් හමාස් සංවිධානයේ ඉහළ පෙළේ නායකයින් දිවි ගලවා ගත් නමුත් පුද්ගලයින් හය දෙනෙක් මිය ගිය බව හමාස් සංවිධානය උපුටා දක්වමින් අල් -ජසීරා වාර්තා කරයි. මිය ගිය අය අතර ගාසා තීරයේ ප්‍රධානී කළිල් අල්-හයිරාගේ පුත්‍රයාත්, ඔහුගේ සහායකයෙක්, කටාර් නිලධාරියෙක් ඇතුළු හය දෙනෙක් වෙතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
දෝහාහි ප්‍රහාරවලින් පසු නිකුත් කළ පළමු නිල ප්රකාශයේදී හමාස් පවසන්නේ ඊශ්‍රායල ප්‍රහාරය සටන් විරාමය සහ සිරකරු හුවමාරු සාකච්ඡා කඩාකප්පල් කිරීම අරමුණු කරගත් බවයි.
“මෙය නැවත වරක් ඊශ්‍රයාලයේ සාපරාධී ස්වභාවය සහ එකඟතාවයකට පැමිණීමේ ඕනෑම අවස්ථාවක් අඩපණ කිරීමට ඇති ආශාව හෙළි කරයි,” හමාස් පැවසීය.
දෝහා හි හමාස් නියෝජිත පිරිසක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකිමින්, පසු ගල්ෆ් කලාපයේ රටවල් මේ ප්‍රහාරය පිළිබඳ “ඉහළම මට්ටමින් පරීක්ෂණ පවත්වන” බව එක්සත් ජාතීන්ගේ කටාර් ස්ථිර නියෝජිත ෂෙයිකා ආලියා අහමඩ් බින් සයිෆ් අල් තානි ලිපියක් මගින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දන්වා තිබේ.
කලාපීය ආරක්ෂාව අඩපණ කරන මෙම ආක්‍රමණශීලී ඊශ්‍රායල හැසිරීම කටාර් නොඉවසන බවත් කටාර් රාජ්‍යයේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ඉලක්ක කරගත් කිසිදු ක්‍රියාමාර්ගයක් පිළි නොගන්නා බවත් ලිපියේ සඳහන්ව ඇතැයි වාර්තා වේ.
එමෙන්ම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් කටාර් වෙත එල්ල කළ මෙම ඊශ්‍රායලයේ ප්‍රහාර දැඩි ලෙස හෙළා දැක ඇත. ඔහු පවසන්නේ “හේතුව කුමක් වුවත් මෙම ප්‍රහාරය පිළිගත නොහැකි” බවය.
“කටාර්හි ස්වෛරීභාවය උල්ලංඝනය කරන සහ කලාපය පුරා තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් ඇති” මෙම ප්‍රහාර එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් හෙළා දුටුවේය. ”
මොරිටේනියාව පැවසුවේ ඊශ්‍රායලයේ ක්‍රියාවන් “ජාත්‍යන්තර සම්මුතීන් සහ නීති දැඩි ලෙස උල්ලංඝනය කිරීමක්” වන අතර “මෙම ආක්‍රමණය සම්බන්ධයෙන් ස්ථිරව හා දැඩි ලෙස කටයුතු කරන ලෙස” ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටි බවයි.
අභිප්රායන් කුමක් වුවත්, “මෙම ක්‍රියා පිළිගත නොහැකි” බවත් ජාත්‍යන්තර නීතියට පටහැනි බවත් කසකස්තානය පැවසීය.







