ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව ඉරානය සමඟ ඊශ්‍රායලයේ ගැටුම උත්සන්න වෙමින් පවතිද්දී පවා දිනපතා ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ අසරණ සිවිල් වැසියන් සිය ගණනක් තුවාලවන බවත් මරා දැමෙන බවත් පවසන ලියෝ පාප් වහන්සේ ගාසා තීරයේ දුක් වේදනා ගැන සිහියෙන් සිටින ලෙස ලෝකයෙන් ඉල්ලා සිටිති.
“ගාසා තීරයට ප්‍රමාණවත් මානුෂීය සහයෝගයක අවශ්‍යතාවය වඩ වඩාත් හදිසි වෙමින් පවතින අවස්ථාවක ලෝකයට ගාසා තීරයේ සහ අනෙකුත් ප්‍රදේශවල ජනතාවගේ දෛනික දුක් වේදනා අමතක වීමේ අවදානමක් ඇත,” පාප් වහන්සේ වන්දනාකරුවන් සමඟ සතිපතා යාච්ඤාවකදී කිහ.
එක්සත් ජනපදයෙන් රෝමානු කතෝලික පල්ලියේ ප්‍රධානී තනතුරට තේරී පත්වුන පළමු සහ එකම පාප් වහන්සේ වූ ලියෝ පාප්වහන්සේ අනතුරු අඟවා ඇත්තේ “ආපසු හැරවිය නොහැකි” යුද්ධයක් ඇතිවිය හැකි බවත් මෙම ප්‍රවේශයට තමන් වහන්සේ එරෙහි වන බවත්ය.
“රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් ආයුධ නිහඬ කිරීමට ඉඩ දෙන්න, ජාතීන්ට ඔවුන්ගේ අනාගතය ප්රචණ්ඩත්වය සහ ලේ වැකි ගැටුම් සමඟ නොව සාම ප්රයත්නයන් සමඟ සැලසුම් කිරීමට ඉඩ දෙන්න,”
. “ යුද්ධයේ ඛේදවාචකය ආපසු හැරවිය නොහැකි අගාධයක් වීමට පෙර එය නැවැත්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සෑම සාමාජිකයෙකුටම සදාචාරාත්මක වගකීමක් ඇත:.” ලියෝ පාප්වහන්සේ කීහ.







