රජය ඉදිරියේ දී වාහන ආනයනයේ දී විදුලිබලයෙන් ක්‍රියාකරන වාහන ආනයනය කිරිමට තීරණය කර ඇති අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් පරිසර ඇමති මහින්ද අමරවීර සඳහන් කරයි.
මේ අනුව නාගරික ප්‍රදේශවල ප්‍රවාහනය සඳහා විදුලිබලයෙන් ක්‍රියා කරන පහත් පතුල් සහිත විශාල ප්‍රමාණයේ බස් රථ යොදා ගනිමින් Shuttle Bus සේවාවක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි ද ඇමතිවරයා පවසා සිටියි.
නාගරික ප්‍රදේශවල වායු ගෝලයේ පවතින කාබන් ප්‍රතිශතය මෙන්ම වාහනවල නළා ශබ්ද නැංවීම මැනීමේ නව උපකරණ මිල දී ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දුන් බවද ඇමතිවරයා සඳහන් කරයි.
අපේ රටට ආනයනය කරන ඉන්ධනවලින් සියයට 71ක් යොදා ගැනෙනුයේ වාහන ධාවනය සඳහා බවද ඇමතිවරයා පෙන්වාදෙයි. ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරනුයේ වාහනවලින් වැඩිපුරම කාබන් විමෝචනය සිදුවන්නේ වේගයෙන් ධාවනය වීමේ දී නොව එක තැන වාහන නතර කර සිටීම මත යැයිද පෙන්වාදේ..







