ලබන සඳුදා සිට සතියක කාලයක් සඳහා කොළඹ නගරයේ සියලුම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඉන්ධන අර්බුදය මෙම පියවර ගැනීමට මුල් වූ හේතුව වී තිබේ.
තදාසන්න නගරවල පාසල් එම සතිය තුළ ඔන්ලයින් ක්‍රමවේදයට ඉගැන්වීමට කටයුතු සිදුකිරීම සම්බන්ධව තවදුරටත් සලකා බලන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙන දහවල් කාලය තුළ විදුලි කප්පාදුවක් නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ සඳහන් කළේ ප්‍රවාහන ගැටලු නොමැති දිවයිනේ සියලුම ග්‍රාමීය පාසල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යා හැකි බවය.
Discussion about this post