අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිල පාලනය ජනතාවට දී ඩඩ්ලි රජයේ සහල් පාලන මිල සහතික කරයි…

හෙට සිට මාස තුනක් නඩු 220යි... සම්බා 230යි... කීරි සම්බා 260යි...

by editor
ජූනි 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මොන තරම් දැඩි පාඩුවක් ලබමින් වුවද තමන් ඇතුළු සියලුම ප්‍රධාන වී මෝල් හිමියන් රජයේ පාලන මිලට විකිණීම සඳහා හෙට සිට සහල් නිකුත් කරන බවත්,  මිල පාලනය ආණ්ඩුවේ ගොං බූරු ගැසට් නොව හෙට සිට ජනතාව අතට ගන්නා ලෙසත් ලංකාවේ ප්‍රධානම සහල් ව්‍යාපාරිකයා වන අරලිය සහල් හිමි ඩඩ්ලි සිරිසේන පැවසුවේය.

අද පැවැත්වූ විශේෂ පුවත්පත් සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඩඩලි සිරිසේන කීවේ  කවුරුන් මොනවා කීවත් ලබන සැප්තැම්බර 15 වනතුරු මේ රටට ප්‍රමාණවත් සහල් තොග රට තුළ තිබෙන බවය.

ප්‍රධාන වී මෝල් හිමියන් සතුව වී මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ප්‍රමාණයක් පවතින බවත් වී මෙට්‍රික් ටෝන් ලක්ෂ දෙකකින් සහල් මෙට්‍රික් ටොන් එක හමාරක් නිශ්පාදනය කල හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. මහා පරිමාණ වී මොල් හිමියන් ලඟ වී මෙට්‍රික් ටොන් ලක්ෂ පහක ප්‍රමාණය මාස දෙකකට රටට ප්‍රමාණවත් බවත්, රටේ සමස්ථ වී තොග  ක්‍රමානුකූළ පරිභෝජනයෙන් රටට අවශ්‍ය සහල් මාස තුනක් තුළ පිරිමසා ගත හැකි බව ඔහු කීවේය.

හෙට සිට තමා ඇතුළු මහා පරිමාණ මෝල් හිමියන් පස් දෙනා  නාඩු රුපියල් 220ට සම්මබා සහල් 230ට, කිරී සම්බා 260 ටයත්ව විකිණිය හැකි සේ වෙළෙඳපලට සහල් නිකුත් කරන බව ඩඩ්ලි සිරිසේන කීවේය. මේ මිලට විකිණිය නොහැකිනම් සහල් නොගන්නා ලෙස ඔහු සහල්  වෙළෙඳසල් හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ මාස තුන මෙම කටයුත්ත කරන්නෙ පාඩු ලබමින් බවත්, එය තමන් ගේ වගකීමක් ලෙස සලකා මේ රටේ දුක් විඳින මිනිසුන් වෙනුවෙන් කරන බවත් ඩඩ්ලි සිරිසේන කීවේය.

ඩඩ්ලි සිරිසේන මෙසේත් පැවසුවේය.

“කෘෂිකර්ම ඇමතිගේ කතාවෙන් හා අගමැතිගේ කතාවෙන් පස්සේ කොළඹ මිනිස්සු පොලොන්නරුව මන්නාර මඩකලපු පැත්තට    ගිහින් වී අරන් එනවා ආරක්ෂිත ආහාර තොගයක් නිවෙස් තුළ තබා ගන්න. ඔවුන් දන්නෙ නෑ වී ටික කොටාගන්නෙ කොහෙන්ද කියලවත්. “

“ඇගමැතිත් ඇමතිත් සත්‍ය තත්ත්වය ඉදිරිපත් කලේ තේරුමක් නැති හරයක් නැති විදිහට.  එයින් වී විකුණන්න හිටපු විකුණන්නෙ නැතිව ගියා.  අනවශ්‍ය විදිහට වී  තොග මිනිස්සු අරගත්තා.  ගිය මාස්  කන්නයේ ගොවියො වගා කළේ      පොල් පොහොර, තේ පොහොර,  එළවලු පොහෝර,  පාවිච්චි කරමින්.  කාබනික පොහොර පාවිච්චි කළා.  එහෙමයි වී  නිශ්පාදනය ගත්තෙ. මේ කන්නයෙ ඒ කිසිම පොහොරක් නෑ. “

“මගෙ ලග තියන තොග හංගගෙන  නිකුත් නොකර  ඉන්නෙ නෑ. මම කියන්නෙ වේල් තුන කන්න. ප්‍රමාණය අඩු කරන්න. මාස තුනකට ප්‍රමාණවත් වී ප්‍රමාණයක් රට තුළ තියනවා“

“ වී ටොන් ලක්ෂ පහක් සඟවාගෙන ඉන්නවා කියලා එක මෝල් කාරයෙක් කියනවා. එහෙම කියලා ඒක  අවුරුද්දට ඇති කියනවා. ගණිතය දන්නෙ නෑ. වී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙක හමාරක් ඕන  මාසයසකට අවශ්‍ය සහල් හදන්න.  ඒකෙන් සහල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහසක් ගන්න පුලුවන්. “

“වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් කෙටුවාම හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ගන් පුලුවන්.  මාස දෙකකට ඕන වී   ප්‍රමාණයක් අපි ලඟ තියන වග කවරුත් දන්නවා. “

“අද සිට මාස තුනක් දක්වා මේ රටේ ජනතාවට අවශ්‍ය සහල් නිශ්පාදනය කරන්න වී තියනවා. ඒ නිසා මං කියපු ඩීසල් ගණන් ගියත්. ඇසුරුම්, අමතර කොටස්, ඇතුළු  සියලු දේ ගණන් වැඩි වුනත්   අපි හෙට උදේ සිට වෙළෙඳපලට රජයේ පාලන මිලට විකුණන්න සහල් නිකුත් කරනවා.

“ඒ අරලිය සහල්පමණක් නොවෙයි.  අනෙක් සෑම සහල් නිශ්පාදනයක්ම  රජයේ සහල් පාලන මිලට යටත් විය යුතුමයි.  ඒකට යටත්ව සහල් විකිණීම සඳහා මේ රටේ සියලුම සහල් නිශ්පාදන වෙළඳපලට නිකුත් කළ යුතුමයි. “

“මම ආදරණීය වෙළෙඳ  ව්‍යාපරිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා තමුන්නාසෙල් එක හාල් ඇටයක් ගන්න එපා වැඩි මිලට විකුණන්න. “

“ව්‍යාපාරිකයො ඉන්නවා  එක බඩුවක් විකුණගන්න බැරිව   හාල් ටික නැතිව. හාල්   හොරට විකුණගන්න බැරි ගුණ යහපත් ප්‍රජාවක් ඉන්නවා වෙළෙඳසල් වහලා දාපු.“

“මම අද සිට රජයෙ සහතික මිලට විකුණන්න සහල් නිකුත් කරනවා. මට සාපේක්ෂව මේ රටේ සහල් නිශ්පාදකයො ඒ ක්‍රමයට සහල් නිකුත් කළ යුතුමයි. ඒ ගැන දෙක්ක තියාගන්න එපා. “

“ඒ  වගේම  සහල් මිල පාලනයේ පූර්ණ වගකීම ජනතාවට භාර දෙනවා.  ජනතාව ඕනෑම කඩයකින් අද සිට රජයේ පාලන මිලට සහල්  ඉල්ලන්න. පාලන මිලට වැඩිය සහල් විකිණුවොත්  රාජකාරිමය තීන්දු ගන්න. පැමිණිලි කරන්න. මේ සඳහා සියලු රාජ්‍ය නිලධාරීන් එකතු වෙන්න. මේ වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න.“

ආපහු කියනවා. රටේ  වී තියෙන්නෙ මාස තුනකට විතරයි. යල අස්වැන්න  ලබන අගොස්තුවල එන්න ඕන. ඒක සැප්තැම්බර මැද වේවි දැන් තියන තත්ත්වයත් එක්ක.  සැප්තැම්බර් 15 වෙනකම් අපිට වී ටික බැලන්ස් කරගන්න පුලුවන්.

එතකම් පාලන මිලට විකුණනන්න පුලුවන් විදිහට සහල්නිකුත් කරනවා.  පාඩු විඳගෙන කරන්නෙ. ඒකට යටත්ව සහල් ටික ජනතාවට දෙන්න. ජනතාව පත්ව තිබෙන තත්ත්වය ගැන කල්පනා කරලා  අපි කණ්ඩායම් ලෙස එකතුවෙලා   අභියෝගය ජය ගනිමු.“

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඩඩ්ලි සිරිසේන කීවේය.  කෙසේ නමුත් මේ කන්නයේ පොහොර දී අවශ්‍ය තෙල් ටික ඉන්ධන ටික දී කුඹුරු අස්වැද්දුවේ නැතිනම් තව මාස තුනකින් එන සහල් හිඟයට තමන් හෝ වෙන කිසිවෙකුට චෝදනා නොකරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්ධන හිඟය කොළඹ පාසල් වසයි… සඳුදා සිට සතියක් ඔන් ලයින්…

Next Post

වැරදි වැඩ කළ ඉන්ධන බවුසර තුනක “ලයිසන් කැන්සල්“

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.