පෙට්‍රල් සහ ඩීසල් සඳහා වන බද්ද ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (3) නිවේදනය කළේය.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක බද්ද රු. 27/- සිට රු. 52/- දක්වා වැඩි වී ඇත.
සුපර් ඩීසල් ලීටරයක බද්ද රු. 13/- සිට රු. 38/- දක්වා වැඩි වී තිබේ.
වෙනත් ඩීසල් ලීටරයක් සඳහා පැවති රුපියල් 6ක නිෂ්පාදනය බද්ද රුපියල් 31 දක්වාත් ඉහළ නංවා ඇත.
මෙම බදු අනුපාත සැලකිල්ලට ගෙන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල ගණන් සංශෝධනය කිරීම, ඉන්ධන මිල සුත්‍රයට අනුව සිදු කරන බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.







