කීර්ති ප්‍රනාන්දු –
තෙල් සේවක වර්ජනය නිසා ඊයේ( 28 )සහ අද( 29 )පෙරවරුවේ ඉන්ධන දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
අවලංගු වූ දුම්රිය අතර කටුනායක ගුවන්තොටුපලට , අනුරාධපුරයට සහ පේරාදෙණිය දක්වා ධාවනය වීමට නියමිතව තිබූ ඉන්ධන දුම්රියන් ද වෙතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවැසීය .
දිනකට කටුනායක ගුවන් තොටුපළ සඳහා ගුවන්යානා ඉන්ධන රැගත් දුම්රිය 04ක්
ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටී .
මේ අතර මේ වන විට දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය කිරීම යථා තත්ත්වයට පත්වී තිබෙන බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී







