වෙන්නප්පුව පේරගස්හන්දිය ප්‍රදේශයේ සිදුවූ පොලිස් වෙඩි තැබීමකින් එම පුදේශයේ පුද්ලයකු අද (29) මියගොස් ඇත. රන් මාල කොල්ලයක් සම්බන්ධයෙන් සැක කළ පුද්ගලයකු පිළිබඳව විමර්ශණය කිරීමමට පොලිස් නිලධාරීන් දෙදෙනකු ගොස් ඇති අතර අදාළ සැකකරු අත්අඩංගුවට ගන්නට උත්සාහ දරන අවස්ථාවේදී එක් පොලිස් නිලධාරියකු ගේ අත් කියුණු ආයුධයකින් කපා ඇත.
ඒ අසල ගිනි අවියක් අත දරා සිටි පොලිස් නිලධාරියා මෙම පුද්ගලයාගේ පාදයට වෙඩි තබා ඇති අතර තුවාල ලත් සැකකරු රෝහලට රැගෙන යන අවස්තාටව් මිය ගොස් සිටි බව පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයා එම ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.