බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවට ගිය පළවෙනි දේශපාලන කණ්ඩායම අපි ද?… පව්… මඩ ගහන අය ගැන අනුර හිනා වෙවී ගුවන්තොටුපලේ දී කියයි!

by editor
පෙබරවාරි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලන ව්‍යාපාරයක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවක් පිට රටකට ගොස් එම රටේ රාජ්‍ය නායකන් මුණ ගැසීමට තම දේශපාලන හෝ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරගැනීමට හේතුවක් නොවන බව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක අද ( 10) කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ දී මාධ්‍ය අමතා පැවසුවේය.

රජය සහ ප්‍රධාන විපක්ෂය පාර්ශවයෙන් මේ සම්බන්ධව දිගින් දිගටම එල්ලවන කර්කෂ විවේචන සම්බන්ධව මාධ්‍ය විමසූ අවස්ථාවේ දී ඔහු යළි විමසා සිටියේ ඉන්දියාවට ගිය පළමු දේශපාලන කණ්ඩායම තමන් ද ? යන්නය. ඔහු සිනා සෙමින් මෙසේ පැවසුවේය.

“ පව්”

තම ඉන්දීය සංචාරය සම්බන්ධව පූර්ණ විස්තරයක් හෙට පැවැත්වෙන ජනමාධ්‍ය සාකච්ඡාවක් හරහා ප්‍රකාශ කරන බව කී ජාතික ජන බලවේග නායකයා සිය මාධ්‍ය විමසූ කෙටි ප්‍රශ්න කීපයකට මෙසේ පිළිතුරු දුන්නේය.

“ඉන්දියානු රජයේ ආරාධනාව මත ජාතික ජන බලවේගයේ කණ්ඩායමක් ඉන්දියාවට ගියා. ඒක තමයි ප්‍රධානම දේ. අප එම සංචාරයේ දී ඉන්දීය විදේශ ලේකම්වරයාත්, විදේශ අමාත්‍යාංශ ලේකම්වරයාත්  ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකවරයාත්, ඒ වගේම ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයාත්,    හමුවුනා.  ඊට අමතරව තාක්ෂණික ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් ලබා ගත්තා.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

  • හදිසියේම  මේ වගේ ආරාධනාවක් ලැබුණෙ ඇයි?

හදිස්සියක් නොවෙයි. කොයි වෙලාවෙ කිව්වත් ඒක හදිස්සියක් වගේ වේවි. මේ පිළිබඳව හෙට අප මාධ්‍ය සාකච්ඡාවක් තියලා සම්පූර්ණයෙන් අපේ පැත්තෙන් කරුණු කියන්න බලාපොරොත්තු වෙනවා.

  • රටේ වත්මන් තත්ත්වය ගැන ඉන්දියාවේ  අදහස කුමක් ද?

රට ආර්ථික වශයෙන් කඩා වැටී ඇති බවත් දේශපාලනිකව මහා අර්බුදයක් තියන බවත් ලෝකයට රහසක් නෙමෙයි.  ඒ වගේම ඔවුන්ට රහසකුත් නෙමෙයි.

ඒ වගේම ජනාධිපතිවරයා විසින් ඡන්ද කල් දාලා තියන වගත් ලෝකයට රහසක් නෙමෙයි.  ඒ නිසා එළඹෙන ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් ඔක්තොම්බර් මාසයේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය අපේ රටේ විශාල දේශපාලන හැරවුමක් බවට පත්වන බවත් කවුරුත් විශ්වාස කරනවා.

  • ඉන්දියාව සම්බන්ධ ඔබට දැඩි විවේචනයක් තිබුණා. ඒ දැඩි විවේචනාත්මක ස්ථාවරයක ඉඳන් ඔබ ඉන්දියාවේ සංචාරය කරනවා.  

“අපිට රටකට යෑම රාජ්‍ය නායකන් මුණ ගැසීම අපේ දේශපාලන හෝ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරගැනීමට හේතුවක් නොවෙයි”

අපි විශ්වාස කරනවා අයි.ටී වැනි ක්ෂේත්‍රවලින් අපට ඉන්දියාවෙන් බොහෝ දේ ලබා ගත හැකියි. ඒ වගේම කලාපීයව   ආර්ථික වශයෙන් ඉදිරියෙන් ඉන්න රටක්.  අපි හදා ගන්න න්‍යායපත්‍රයක ජාතික සැලසුමකට අවශ්‍යවන පරිදි  එම ක්ෂේත්‍රවලින්  සහාය ලබා ගත හැකියි කියලා අපි විශ්වාස කරනවා.

  • ඒ සහයෝගය ඔබට ලබා දෙන බවට ඉන්දියා   පොරොන්දු වුනා ද?.

අපි දේශපාලන ව්‍යාපාරයක්. ඒ වගේ ගනුදෙනු සිද්ධ වෙන්නේ ආණ්ඩ ආණ්ඩු අතර. අපි අපේ අවබෝධය වර්ධනය කරගැනීම සදහා ඔවුන් සමග සාකච්ඡා කළා.

  • ආණ්ඩු පාර්ශවය සහ විපක්ෂය දිගින් දිගටම මේ ඉන්දීය ගමන ගැන විවේචනයන් එල්ල කරනවා.    

ඉන්දියාවට ගිය පළමු දේශපාලන කණ්ඩායම අපි ද?… පව්.

ජනාධිපතිවරයා කවර මැතිවරණය කල් දාන්න උත්සාහ කළත් මේ ජනාධිපතිවරණය පැවැත්වීම කල් දාන්න විදිහක් ඔහුට නැ. ඒ නිසා මේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. මේ රටේ විනාශකාරී දේශපාලනය නතර කළ යුතුයි. ඒ සඳහා විශාල පිබිදීමක් ඇති වී තිබෙනවා. බලපොරොත්තුවක් ඇති වී තිබෙනවා. ඒ සඳහා නායකත්වය ලබා දෙමින් මේ රටේ විශාල පරිවර්තනයක් ඇති කරගැනීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ පරිවර්තනයට අපිට ජාත්‍යාන්තර සහාය අවශ්‍යයයි. මොකද අපි සංවර්ධනය වෙලා තියන රටක්, මහා අතිරික්ත ධනයක් තියන රටක්, මහා තාක්ෂණයෙන් කෙළ පැමිණි රටක් නොවෙයි.

ඒ නිසා සමහර ක්ෂේත්‍ර සඳහා අපට ප්‍රාග් ධනය අවශ්‍ය වෙනවා. සමහර ක්ෂේත්‍ර සඳහා තාක්ෂණය අවශ්‍ය වෙනවා.  සමහර වෙළෙඳපල විවෘත කරගැනීම සඳහා යම් රාජ්‍යයන් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා.

ඒ නිසා ශ්‍රී ලංකාව ලෝකයේ හුදකලා වෙච්ච රාජ්‍යයක් ලෙස  අපේ රටට ජයග්‍රහණය අත්පත් කරගන්න බෑ.  ඒ නිසා එවැනි සබඳතා ශක්තිමත් කරගැනීමත් අපේ වෑයමක්.

  • අපට තියෙන්නේ  මුදල් නැති භාණ්ඩාගාරයක්. ඉතින් කොහොමද ඡන්දයක් තියන්න මුදල් වෙන් කරගන්නේ?

රනිල් වික්‍රමසිංහට 19 වතාවත් රට යන්න සල්ලි තියනවා. ඒ රට යන හැම වෙලාවකම සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරු ගෙනියන්නත් ඔහුට සල්ලි තියනවා.  ඔබ දන්නවා ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට යනකොට   සජබෙ වඩිවෙල් සුරේෂ්ව ගෙනියනවා.  ඔහු ඩුබායි රාජ්‍යයට යනකොට මාන්නප්පෙරුම ගෙනියනවා. ඔහු උගන්ඩාවලට යනකොට කිංස් නෙල්සන් ගෙනියනවා.  ඔස්ට්‍රේලියා යනකොට ඉෂාක් රහුමාන් ගෙනිහින් තිබෙනවා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඔහුගේ ඉතාම සමීප ගෝල බාලයින්ට  ඕන තරම් මහජනයාගේ ධනය විනාශ කරන්න පුලුවන්.

ඒ වගේම ලෝකෙ සල්ලි නෑ කියලා මොන රටේ ද මැතිවරණ නොතියා ඉඳලා තියෙන්නේ. ඇත්තටම භාණ්ඩාගාරය හින්දවපු නිසාම තමයි ඡන්දයක් ඕන. ඉන්න පාලකයො පන්නා හැරලා භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම සඳහා නව පාලනයක් ගොඩනගන්න අවශ්‍ය.

  • ජනාධිපතිවරයා තමන්ගේ  රාජාසනයේ දි කතාවෙදි කියනවා රට ගොඩ නගන්න ආණ්ඩුවට එක් වෙන්න කියලා. ඔහු එයට ආරාධනා කරනවා ඔබට…

පළමු කොටම රටේ මැතිවරණයක් තියලා ජන වරමකින් යුත් නායකයෙක් පත් වෙන්න. ජනවරමකින් යුත් නායකයෙක් එක්ක අප ගනු දෙනු  කරන්න ලෑස්තියි. එහෙම නැතිව ජනතාව ප්‍රතික්ෂේප කරන ලද, පාර්ලිමේන්තුවට එන්න බැරි, කිසිම ජනවරමක් නැති, රාජපක්ෂලාගේ එකම රැකවරණය බවට පත් වී තිබෙන රාජපක්ෂලා රැකීම තමන්ගේ එකම වෘත්තිය බවට පත් කරගත්තු  අයත් එක්ක මොන ආණ්ඩු ද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පොල බෙන් හිල් ජාත්‍යාන්තර පාසලේ ගසට යටවී අසාධ්‍ය තත්ත්වයේ සිටි දෙවැනි පෙරපාසල් දරුවාත් මිය යයි!

Next Post

 ජනපති බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක… සාගලත් නිරික්ෂණ ගමනට එක් වෙයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.