7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (10) බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
කොන්සල් කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ සහ ප්‍රියංකා ගමගේ විසින් ගෞරවයෙන් පිළිගනු ලැබීය.
අනතුරුව ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ඇතුළු එහි කාර්ය මණ්ඩලය සමඟ සුහද කථා බහකට එක් වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැඟීමේ ක්‍රියාවලියේ දී ඔවුන්ට ලබාදිය හැකි සක්‍රිය දායකත්වය පිළිබඳව ද එහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.







