දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ රෝහල්වලින් බැහැර කරණු ලබන බවට සැකකෙරෙන වෛද්‍ය අපද්‍රව්‍ය තොගයක් අද (15) සිට යාපනයේ නාගදීපය හා ඊට ආසන්නයේ පිහිටි මුහුදු වෙරළවලට ගොඩ ගසන්නට පටන් ගෙන තිබේ.
මේ පිළිබදව නාගදීප ප්‍රදේශයේ ධීවරයින් යාපනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණිලි කොට ඇති අතර එහි නිලධාරින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නාගදීපයට පැමිණෙන බවට ධීවරයින්ට පොරොන්දු වී තිබේ.
දැනට ගොඩ ගසා ඇති වෛද්‍ය අපද්‍රව්‍ය තුළ ඉන්ජෙක්ෂන් කටු හිස් බෙහෙත් කුප්පු හා විශාල බෝතල් ගෝස් කැබලි භාවිත කරණ ලද ඖෂධ වල ඉතිරි කොටස් ඇතුලු බොහෝ දේ මුහුදු වෙරළට ගොඩ ගසන්නට පටන් ගෙන තිබේ.