සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මේ වෙලාවේ හෙලිකොප්ටර් ගන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි”- ඩඩ්ලි සිරිසේන

by Lanka Sara Editor
ජූනි 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ පවතින කෝවිඩ් වසංගතය හමුවේ තම ව්‍යාපාර බොහෝමක් මේ වන විට පවතින්නේ මෙහෙයුම් කටයුතු වලින් පරිබාහිරව බැවින් මේ මොහොතේ පෞද්ගලික භාවිතයට හෙලිකොප්ටරයක් ගැනීමට තරම් තමා අඥානයකු නොවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු, ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු හෙලිකොප්ටරයක් සිය ගමන් අවශ්‍යතා සඳහා කොළඹ පෞද්ගලික සමාගමකින් රුපියල් කෝටි 11කට මිලදී ගෙන ඇති බවට පළවූ පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පවසා ඇත.

ඩඩ්ලි සිරිසේන මහතා ඒ පිළිබඳ වැඩිදුරටත් සිය නිල ෆේස්බුක් ගිණුමේ මෙලෙස සඳහන්‌ කරයි.

“විශේෂයෙන්ම මේ දිනවල පෞද්ගලික හෙලිකොප්ටරයක් මිලට ගත් පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයෙකු සම්බන්ධයෙන් සංසරණය වන පුවතක් නිසා මාගේ දුරකතනය අතිශයින් කාර්‍යබහුල වී ඇත. බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් මාගෙන් විමසමින්, අදාල හෙලිකොප්ටරය මාගේ දැයි තොරතුරු දැනගැනීමට උත්සුක වෙද්දී තවත් පිරිසක් එය මාගේ බව හැඟවීමට බොහෝ සෙයින් උනන්දු වී කටයුතු කරමින් ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රටේ පවතිනා කෝවිඩ් වසංගතය හමුවේ මාගේ ව්‍යාපාර බොහෝමක් මේ වන විට පවතින්නේ මෙහෙයුම් කටයුතු වලින් පරිබාහිරවය. විශේෂයෙන්ම මේ වන විට අරලිය ජාලයට අයත් හෝටල් සියල්ලක්ම පාහේ වසා ඇති කාලවකවානුවක, අවදානම් රැසක් දරමින් මා විසින් ජාතියට නව ව්‍යාපාර හතරක් දායාද කළේ වගකිවයුතු දේශීය ව්‍යවසායකයෙකු නිසාය. විශේෂයෙන්ම ජාතික ආර්ථිකයට ශක්තියක් වෙමින්, රජයට සැළකිය යුතු මට්ටමේ බදු මුදල් ගෙවමින් මා විසින් සිදුකළේ රට තුළ සෘජු හා වක්‍ර රැකියා අවස්ථා විසිපන්දහසකට ආසන්න සංඛ්‍යාවක් උත්පාදනය කිරීම පමණය.

එහෙයින් මෙවැනි කාලපරිච්ඡේදයක අවස්ථාවාදී වෙමින් මාගේ පරිහරණය තකා පෞද්ගලික හෙලිකොප්ටරයක් මිලදී ගැනීමට තරම් මා අඥාණයෙකු නොවන බව ඔබ හමුවේ වගකීමෙන් යුතුව ප්‍රකාශ කිරීමට කැමතිය.

විශේෂයෙන්ම 90 දශකයේ මුලාරම්භයේ පටන් මා ව්‍යාපාර වලින් ලාභ ලෙස ඉපැයූ සෑම සතයක්ම ආයෝජනය කලේ මේ රට තුලය. බොහෝ ව්‍යාපාරිකයන් තම ඉහළ පරිසාධන මට්ටම් වලට ළඟා වූ පසු අන්තර්ජාතික මට්ටමේ ආයෝජන අවස්තා හඹා යාම සාමාන්‍ය දෙයක් වුවද මා එසේ නොකළේ දේශීය ව්‍යවසායකයෙකු සතු වියයුතු චින්තනයන් අගය කරමින්ය. එහෙයින්, මා විසින් රට තුළ සිදුකළ හැකි ආයෝජනයන් ලෝකයට ගෙනයනවා වෙනුවට විදෙස් ආයෝජන ලංකාවට ගෙන ඒම සඳහා මුල්තැන දී කටයුතු කළේය. විශේෂයෙන්ම, ලෝකයේ ඇති ඉහළම තාක්ෂණය සහිත හොඳම සහල් නිෂ්පාදනගාරය බිහිවූයේ එලෙසින්ය.

රටේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු වුවද, බිලියන ගණනින් ව්‍යාපෘති නිම කළද, තවමත් මා නමින් ඇත්තේ ලක්ෂ 80ක ස්ථාවර තැන්පතුවක් පමණය. එයද මීට වසර ගණනාවකට පෙර මා විසින් මහජන බැංකුවෙන් ගත් ණයක් වෙනුවෙන් විවෘත කළ ධනයෝජන ගිණුමක එකතු වූ මුදල්ය. එය හැර අන් සෑම සතයක්ම මා ආයෝජනය කර ඇත්තේ රැකියා අවස්ථා දහස් ගණනින් උත්පාදනය වූ ඇති දේශීය ව්‍යාපෘති තුළය.

විශේෂයෙන්ම මා විසින් රට තුළ ඉදිකර ඇති හෝටල් සඳහා පමණක් ලබාගත් සම්පුර්ණ ණය ප්‍රමාණය රුපියල් කෝටි 850 කට ආසන්නය. එසේ තිබියදී අනවශ්‍ය ලෙස හෙලිකොප්ටර් ආදිය මිලට ගනිමින් අතිශය සැපවත් ජීවිතයක් ගත කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් මා හට නොමැති බව කිවයුතුමය.

විශේෂයෙන්ම මා මේ ව්‍යාපාර සියල්ලක්ම ගොඩනඟනු ලැබෙවේ කුඩාම තැනක සිටය. ලොරි ක්ලීනර් කෙනෙකු, ඉන්ධන පිරවුම්හළක පොම්පකරුවෙකු හා ගුවන් හමුදා සෙබලෙකු වශයෙන් ජීවිතයේ මූලාරම්භය පියවරෙන් පියවර සනිටුහන් කළ මා අද වන විට ගතකරන්නේ ඉතා සරල, එමෙන්ම සැහැල්ලු ජීවිතයක්ය. ඒ මාගේ හැටිය. ඩඩ්ලි සිරිසේන ගැන හොඳින් දන්නා සමීපතමයන් එයට සාක්ෂි දරනු ඇත.

එහෙයින් මෙවැනි අසත්‍යය ප්‍රකාශ මත පදනම්ව මා වෙත වක්‍රාකාරයෙන් සිදුකරන මෙවැනි බරපතළ චෝදනා මවිසින් බැහැර කරන්නේ පිළිකුලෙන් යුතුවය.

එහෙයින් වෙනදා මෙන් ඔබව දිරිමත් කරමින්, දියුණුව සඳහා වන දොරටු පෙන්වා දෙමින් ඉටු කළා වූ සමාජ වගකීම මොහොතකට පසෙකින් තබා මෙවැනි දුර්මතයක් වෙනුවෙන් කරුණු දැක්වීමට කාලය මිඩංගු කිරීම සම්බන්ධයෙන් මා කණගාටුව පළ කරන්නේ හදවතින්මය.

ඩඩ්ලි සිරිසේන.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකා මුහුදේ පරණ බස් රථ ගිල්වීමට එරෙහිව ඉන්දියන් ධීවරයන් උද්ඝෝෂණයක

Next Post

ඉන්දියානු රෝහල් අපද්‍රව්‍ය නාගදීප වෙරළට ගොඩගසයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.