එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධව කටයුතු කළ දේශීය නැවු සමාගම් නියෝජිත ආයතනය වූ සී කොන්සර්ටියම් ලංකා (SEA CONSORTIUM LANKA) සමාගමේ හිමිකාර අර්ජුණ හෙට්ටිආරචිච් ඇතුළු ආයතනයේ සියළුම කළමණාකාරිත්වය අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබ ඇත.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විමර්ශන කටයුතු ඉදිරියට පවත්වා ගැනීම සඳහා මෙම පුද්ගලයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත යුතු බවට ලැබුණු උපදෙස් ප්‍රකාරව අදාල අත්අඩංගුවට ගැනීම් සඳහා පොලිස් කණ්ඩායම් එම නිවසේවලට යන විට අයෙක් නිවෙස්වල නොසිටි බව වාර්තා වේ.කෙසේ වුවද ඔවුන් අද දිනය තුළ අත්අඩංගුවට ගත හැකි වනු ඇති බව ට පොලිසිය විශ්වාසය පළ කරයි.
මෙම නෞකාව කොළඹ වරායට ගෙන ඒමේ දී නිශ්චිත තොරතුරු වසංකිරීම හා තොරතුරු විනාශ කිරීම සම්බන්ධව මෙම ඒජන්ත සමාගමට චෝදනා එල්ල වී තිබිණි.