ප්‍රිමා සමාගම විසින් පාන් නිෂ්පාදන සදහා භාවිත කරන ලබන (මිල්ක් බ්‍රැන්ඩ්) පිටි කිලෝ එකක මිල රු 3.50 කින් අද (15) දින සිට වැඩි කර ඇති බව ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දි ඇත.
ප්‍රිමා සමාගම විසින් මිල්ක් බ්‍රැන්ඩ් කිලෝ 50 ක් සහිත පිටි මිටියක් රුපියල් හාරදහසකට අලෙවි කල අතර නව මිල වැඩි කිරිමත් සමග එය රුපියල් 4175.00 දක්වා ඉහළ යන බව ප්‍රිමා තිරිගු පිටි අලෙවි නියෝජිතයෝ පවසති.
ප්‍රිමා තිරිගු පිටි සමාගම විසින් රොටී සදහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක් පසුගිය දා රුපියල් 4.00 කින් වැඩිකරනු ලැබීය. පාන් නිෂ්පාදනය සදහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක මිල වැඩි කිරිමත් සමග බේකරි නිෂ්පාදන වලද මිල දැමිමට සිදු වන බවද බේකරි නිෂ්පාදකයෝ ප්‍රකාශ කරති.