සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියානු ණය අරන් ගේන බෙහෙත්වලින් සියයට 80ක්ම ඖෂධ නියමාන අධිකාරියේ ලියාපදිංචි කර නෑ..! විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම බිහිසුණු හෙළිදරව්වක් කරයි…

බෙහෙත් නැතිව මිනිස්සු මැරෙන රටේ  සියලු ජීවිත අපේක්ෂා සුන් කරමින් ණයට දෙන බෙහෙත් ටිකෙනුත් ගසා කන හැටි! 

by editor
පෙබරවාරි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • අත්‍යාවශ්‍ය ඖෂධත් නැත්තට නැති වෙනකොට ගෙනවමින් තිබෙන ඖෂධ අතරේ අත්‍යාවශ්‍ය ඖෂධ ලයිස්තුවේ නැති ඖෂධ   තිබෙනවා. ඒ වගේම දැනට විශේෂඥ වෛද්‍යවරුන් සුල බව භාවිත නොකරන ඖෂධත්   තිබෙනවා.

  • රටට ඖෂධ ගෙන්වීමේ ප්‍රතිපත්තිය විනාශ කරමින්  ණය සහනයත් වැය කර   මෙම ඖෂධ ගෙන්වීමට  සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාත් අනුමැතිය ලබා දීලා 

අත්‍යවශ්‍ය ඖෂධ හිඟයට පිළියමක් බව පවසමින් ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ලැබෙන විදේශ මුදල් භාවිත කර රජය විසින් ගෙන්වීමට ඇණවුම් කර ඇති ඖෂධ වර්ගවලින් සියයට 80ක්ම ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ, ආරක්ෂාව සහ සාර්ථකත්වය පිළිබඳව කිසිදු ඇගයීමකට ලක් නොකළ ඖෂධ බව ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ  වෛද්‍යවරයකු වන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

ශ්‍රි ලංකාවට ඖෂධ ගෙන්වීම්දී මෙතෙක් භාවිත කළ ක්‍රමවේදය කඩ කරමින් ණය සහනයත් වැය කරමින් මෙම ඖෂධ ගෙන්වීමට කටයුතු කළේ කවුද යන්න පිළිබඳව පූර්ණ වශයෙන් පරීක්ෂණයක් සිදු කර ඔවුන්ට අදාළ දඬුවම් ලබා දිය යුතු යයිද වෛද්‍ය විජේවික්‍රම මෙහිදී අවධාරණය කළේය.

සාමාන්‍යයෙන් ඖෂධයක් ගෙන්වීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්ථාපිත විවිධ ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් ඖෂධ ඇගයීම් කමිටුව මඟින් මෙම ඖෂධවල සාර්ථකත්වය, ආරක්ෂිත බව ආදිය පිළිබඳ ව පවතින වාර්තා අධ්‍යයනය කර ඒවා මෙරට රෝගීන් සඳහා භාවිත කිරීමට සුදුසු බවට අනුමත කළ යුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාත් මෙලෙස ඉන්දියානු ණය සහන භාවිත කරමින් මෙම ඖෂධ ගෙන්වීමට අදාල අනුමැතිය මෙම ඇගයීම් කමිටුවේ නිර්දේශවලින් තොරව ලබා දී ඇති බවද පෙන්වා දුන්නේය.

වෛද්‍ය විජේවික්‍රම මේ බව සඳහන් කළේ අද ශ්‍රි ලංකා වෛද්‍ය සංගමේදී පැවැති සියලුම් විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍රවල වෛද්‍යවරුන් ගේ ඒකාබදධ මාධ්‍ය හමුවකදීය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය වින්යා ආරියරත්න ඇතුළු වෛද්‍යවරුන් රැසක් සහභාගී වූ අතර මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය විජේවික්‍රම මෙසේද පැවසීය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

“ අද රෝහල්වල විශාල ඖෂධ හිඟයක් පවතිනවා. රෝගීන්ගේ ජීවිතවලට අත්‍යවශ්‍යම තීරණාත්මක වන ඖෂධ පවා මේ වනවිට රෝහල්වල නෑ. සමහර රෝහල්වල ඒක්ස් රේ පටලය දෙන්නේ ඉස්සර දුන්නු එක හතරට කපල පොඩි කොලයක. සමහර රෝහල්වල ඒකත් නෑ. අද සමහර රෝහල්වල ශල්‍යකර්ම කල් දමන්නට සිදුව තිබෙනවා. හේතුව නිර්වින්දන ඖෂධ අරපිරිමැස්මෙන් යුතුව භාවිත කිරීමට සිදුව තිබීමයි.”

“නමුත් මේ ණය භාවිත කර ගෙන්වන්න යන ඖෂධ අතරේ අත්‍යාවශ්‍ය ඖෂධ ලයිස්තුවේ නැති ඖෂධ පවා තිබෙනවා. ඒ වගේම දැනට විශේෂඥ වෛද්‍යවරුන් සුල බව භාවිත නොකරන ඖෂධ පවා තිබෙනවා. අපට ප්‍රශ්නයක් තිබෙනවා මෙච්චර ඖෂධ හිඟ කාලේ කවුද මේ වගේ ඖෂධ ගේන්න තීරණය කළේ කියල දැන ගන්න.”

“මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු තවදුරටත් සඳහන් කළේ රජය මේ මොහොතේ වහාම කළ යුතු වන්නේ පවතින සීමිත විදේශ විනිමය අරපිරිමැස්මෙන් භාවිත කර සියලුම කෂේත්‍රවල විශේෂඥ වෛද්‍ය නියෝජිතයන් සහභාගී කරගෙන මේ මොහොතේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ අඩු මිලකට ගන්නට අදාළ වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කිරීම බව ද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් සජබ හැර යයි!

Next Post

මුලින් පශ්චාත් මරණ පරීක්ෂණය කර තන්තුවකින් ගෙල සිරවී ශාෆ්ටර් මළ බව කී අධිකරණ වෛද්‍ය නිලධාරියාම දැන් සයනයිඩ් කතාවක…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.