රුපියල් සත තිබේනම් ඉදිරියේ දී තමන්ට අවශ්‍ය බඩු ලබා ගත හැකි බව තවදුරටත් මේ රටේ මිනිසුන් සිතා සිටිනවා නම් එය සිතිවිල්ලක් පමණක් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ මායදුන්නේ පවසයි.
මුදලේ වටිනාකම අවලංගු කරමින් ලංකාව තුළ මතුවන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය සම්බන්ධව ලංකාවේ සිටින සෑම මිනිසෙක්ම දැන්වත් අවබෝධ කරගත යුතුව ඇතැයි ලේකම්වරයා කියයි.
ඔහු යෝජනා කරන්නේ රටේ සෑම මිනිසෙක්ම හැකි උපරිම ආකාරයෙන් දැන් මේ නිශ්පාදන ක්‍රියාවලියට දායක විය යුතු බවය.
“ අපි අපේ භෝග නිශ්පාදනය අනිවාර්යයෙන්ම වැඩි කරගන්න ඕන. ඒ සමගම අපනයන අභිමුඛ වැවිලි භෝග ටිකට අපි සහයෝගයක් දෙන්න ඕන. එය දිරිගන්වන්න ඕන. මුළු රටම වගා බිමක් වෙන්න ඕන. මොකද අපිට අපේ ඇස් පනාපිට පෙනෙනවා ආහාර හිඟයක් එනවා කියලා. ඉතිරිවෙන කෑමටික විසිකළා නේද කියලා කණගාටුවන දවසක් අපිට එන්නෙ.“
ලේකම්වරයා කීවේය.







