බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසයේ පළමු වරට පොලිස් නිලධාරීන් සිවු දෙනෙකුට එක්වර මරණීය දණ්ඩනය නියම වෙයි…

by editor
පෙබරවාරි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 සූරියවැව නුවන් ජයසේකර 

  • හුංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිළධාරීන් සිව් දෙනෙකුට හම්බන්තොට මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කරයි.

  • ලංකා ඉතිහාසයේ පොලිස් නිළධාරීන් සිව් දෙනෙකුට එක්වර මරණීය දණ්ඩනය ලබා දුන්   මුල්ම අවස්ථාව මෙයයි.

වසර 18කට පෙර තිස්සමහාරාම දෙබරවැව මාතරවත්තදී සොරකමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට වරද කරු වූ හුංගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා ඇතුළු පොලිස් නිළධාරීන් සිව් දෙනෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා අද (15) මරණීය දණ්ඩනය නියම  කළේය.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වුයේ හුංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබන අම්බලන්තොට රිදියගම පදිංචි 58 හැවිරිදි පොලිස් පරීක්ෂක අරංවල ගමගේ උපුල්, තිස්සමහාරාම පදිංචි දැනට විශ්‍රාමික පොලිස් කොස්තාපල් වරයෙකු වන 63 හැවිරිදි ජයන්ති වාසගේ සුසිල් ජයබන්ධු, හම්බන්තොට වරාය පොලිසියේ රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්තව දැනට රාජකාරි සිදුකරනු ලබන පොලිස් කොස්තාපල් වරයෙකු වන දම්මුල්ල බෙලිඅත්ත පදිංචි 51 හැවිරිදි සරඹගේ සිරිල් හා එවකට තිස්සමහාරාම පොලිසියේ පොලිස් කොස්තාපල් වරයෙකු ලෙස කටයුතු කර දැනට සේවයෙන් පහ කර සිටින  මහදිවුල්වැව, අඹන්පොල ලිපිනයේ පදිංචි 46 හැවිරිදි පතිරාජ මුදියන්සේලාගේ රංජිත් සුසන්ත නැමති චුදිතයින් තිදෙනාටය.

චුදිතයින් 2005 ජුනි 29 වන දින තිස්සමහාරාම දෙබරවැව මාතර වත්ත ප්‍රදේශයේදී සොරකම් තුනක් සම්බන්ධයෙන් සැකපිට සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර තිබේ.

එහිදී රාත්‍රි 12ට පමණ දෙබරවැව මාතර වත්ත ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන පසුව සැකකරුට දිව යන ලෙස පවසා වෙඩි තැබිම සිදුකර ඇති බව  මුලික පොලිස් විමර්ශන වලදි අනාවරණය වී ඇත.

පොලිස් වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ දෙබරවැව මාතර වත්ත පදිංචි ලොකු හැන්නදිගේ අමිල මහේෂ් නැමති අයයි. වැටලිම සිදුකළ පොලිස් නිළධාරීන් විසින් සැකකරු නිවසින් එළියට ගෙන දිව යන ලෙස පවසා වෙඩි තබා   ඇති අතර පසුදින උදෑසන සැකකරු ඒ ආසන්නයේ නිවසක් අසල වෙඩි වැදී මියගොස් සිටියදී තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් එවකට තංගල්ල කොට්ඨාසභාරව කටයුතු කළ පොලිස් අධිකාරී වරයාගේ උපදෙස් පරිදි විමර්ශන කටයුතු සිදුකෙරුණි.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වැටලීම සිදුකළ පොලිස් නිළධාරීන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. එහිදී පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව චුදිතයින් සිව් දෙනාට එරෙහිව නීතිපති වරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ 2006.06.29 වන දින මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනා යටතේ අධිචෝදනා ගොනු කරන ලදි.

ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පැමිණිල්ල විසින් චුදිතයින් සිව් දෙනාට එරෙහිව නගා තිබූ අධිචෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් චුදිතයින් සිව් දෙනාටම හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා මරණීය දණ්ඩණය නියම කෙරුණි.

මරණීය දණ්ඩනය නියම කෙරුණි චුදිතයින් සිව් දෙනාට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් නියම කරන දිනකදී ස්ථානයදී මරණීය දණ්ඩණය නියම කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසට අගුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරී වරයාට මහාධිකරණ විනිසුරු වරයා නියම කළේය.

මෙය ලංකා ඉතිහාසයේ පොලිස් නිළධාරීන් සිව් දෙනෙකුට එකවර මරණීය දණ්ඩනය පැනවු පළමු නඩු තීන්දුවය.

නිතිපති වරයා වෙනුවෙන් රජයේ අධීනීතීඥ නිමංක ජයවික්‍රම මහතා පැමිණිල්ල මෙහෙයවන ලදි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එක් දරු පියාට පහර දී ඝාතනය කළ 16 හැවිදිරි අපොස සිසුන් තිදෙනෙක් සැක පිට අත්අඩංගුවට…

Next Post

ලොව විශිෂ්ටම මානුෂික මෙහෙයුමකින් මුදා ගත් තායිලන්තයේ ගුහාවක සිරවසිටි ළමා  පාපන්දු කණ්ඩායමේ  නායකයා දිවියෙන් සමු ගනි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.