ඉතියෝපියාවේ ටිග්‍රේ හී ලක්ෂ හතරකට අධික ජනතාවක් සාගතයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් අනතුරු අඟවා තිබේ.
සාගතයෙන් පෙළෙන පිරිස අතරේ දරුවන් 33000 අධික සංඛ්‍යාවය් සිටින බවත් ඔවුන් දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන බවද එක්සත් ජාතීන්ගේ මානූෂිය කටයුතු පිළිබඳ ප්‍රදානී රමේෂ් රාජසිංහම් ප්‍රකාශ කරයි.
ඉකුත් මාසයේ ඉතියෝපියාවේ ටිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ සහ රජයේ හමුදා අතර පැවැති ගැටුම් හේතුවෙන් විශාල පිරිසක් අවතැන්වී සිටියි.
ඒ අනුව විශාල පිරිසකට මේ වන විට ප්‍රමාණවත් ආහාර නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
මේවන වන විට ටිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ මෙකෙල්ලේ නගරයේ බලය තහවුරුකරගෙන සිටින අතර ඉතියෝපියානු රජයේ හමුදාවෙන් විසින් ඒක පාර්ශවීය සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබේ.