බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඇෆ්ගනිස්ථානුවෝ ඉතිහාසගත ගමන සිල්ලරට නිමා කරති… දකුණු අප්‍රිකාව පහසුවෙන්ම අවසන් මහා තරගයට….

by editor
ජූනි 27, 2024
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

විස්සයි 20 අවසන් ලෝක කුසලාන අවසන් මහා තරගයට දකුණු අප්‍රිකානු කණ්ඩායම අපරාජිතව පහසු ප්‍රවේශයක් ලබා ගත්තේය.

ඒ මෙතෙක් තරගාවලිය තුළ දැවැන්ත සටන්කාමීත්වයක් ප්‍රකට කරමින්  අවසන් පූර්ව වටයට පිිවිසි මි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම  ළදරුවන් සේ අසරණ කරමිනි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 56කට දැවී ගියේය. පන්දු 67ක් ඉතිරිව තිබිය දී එක් කඩුල්ලක් පමණක් දැවී දකුණු අප්‍රිකානුවෝ තරගය නිමා කළහ.

ජලාලාබාද් ඇෆ්ගනිස්ථානය…. අපි වගේමයි… උන්ගේ හීනත් ක්‍රිකට් විතරයි…

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අවසන් පූර්ව තරගයකට තරම් නොවන බව පෙන්වන ආකාරයේ දුර්වල ක්‍රීඩා විලාශයක් ප්‍රකට කෙරුවේය. දකුණු අප්‍රිකානුවන් පූර්ණ අධ්‍යයනයකින් පසු පැමිණ සැලසුම් නිසි ලෙස ප්‍රායෝගීක කළ ප්‍රභල ක්‍රිකට් වෘත්තිකයන් පිරිසක් බව ලෝකයට පෙන්වූයේ අවසන් මහා තරගයේ ප්‍රතිවාදියාට තරගය පහසු නොවන බව පෙන්වා දෙමිනි.

මේ 2024 විස්සයි 20 ලෝක කුසලානයේ මුල්ම අවසන් පූර්ව තරගය වූයේය.  ට්‍රිනිඩෑඩ් හි බ්‍රයන්  ලාරා ක්‍රීඩාංගනයේ පැවති තරගයේ  කාසියේ වාසිය දිනුවේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමය. ඔවුහු පන්දුවට පහරදිම තේරූහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ලෝකය දුටුවේ විහින් හෙණ ගෙඩියක් ස්වකිය හිස මත තබා ගත් ඇෆ්ගනිස්ථානුවන් ය.  ක්‍රිඩා පිටියට එනවාට වඩා වේගයෙන් ඇෆ්ගන් පිතිකරුවෝ ක්‍රීඩාගාරයට ගියහ.

රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 3කි.  ඊබ්‍රහීම් සද්‍රාන් ලකුණු 2කි. ගුල්බඩින් නබී  ලකුණු 09කි. අස්මතුල්ලා ඕමාර්සායි ලකුනු 10කි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ඔහුය.

මෙහොමඩ් නබී ලකුණු ලැබුවේ නැත  කණ්ඩායමට වැඩිම ලකුණු පැමිණ තිබුනේ අතිරේක ලකුණු වශයෙනි. අතිරේක ලකුණු 13කි. ඒ 13 අඩු කළ විට ඇෆ්ගන් ක්‍රීඩකයින් 11 දෙනාම ලබාගෙන තිබුනේ ලකුණු 43කි.  පන්දු ඕවර 11.5ක් තුළ මුළු කණ්ඩායම ම දැවි යන්නේය.

සියල්ල සිල්ලරට ඉවරයි…

දකුණු අප්‍රිකානු සෑම පන්දු යවන්නෙක්ම ස්වකීය ඉලක්කය හඳුනාගෙන තිබිණී. මාර්කෝ ජෙන්සන් ලකුණු 16 ට කඩුළු 03කි. ටබ්‍රයිස් ෂම්සි  විශිෂ්ට පන්දු යැවීමකය. ඔහු පන්දු 11ක් ( ඕවර 1.5)  යවා ලකුණු 06කට කඩුළු 03ක් ලැබුවේය. ඇන්රිච් නොට්ජ් පන්දු ඕවර 3ක් යවා ලකුණු 7කට කඩුළු 2කි.  කගිසෝ රබාඩි නිලකුණු පන්දු ඕවරයක් ද සමග පන්දු ඕවර 3ක් යවා ලකුණු 14කට කඩුළු 2කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්වින්ටන්  ඩි කොක් පමණක් ලකුණු 5කට දැවී ගියේය. කඩුල්ල ලබා ගත්තේ ෆසාල් හක් ෆාරුකී ය. රීසා හෙන්ඩ්‍රිකිස්  සහ නායක ඒඩ්න් මාක්‍රම්  අනුකම්පා විරහිත ප්‍රහාරයක් සමග පන්දු ඕවර 8.5ක් තුළ ගරගය නිමා කලහ.

රීසා හෙන්ඩ්‍රක්ස්  පන්දු 25ක දී ලකුණු 29කි.  ඒඩන් මාක්‍රම්  පන්දු 21ක දී ලකුණු 23කි.  මුළු තරගයම පන්දු ඕවර 20යි පන්දු 4කි.  තරගයේම රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 116කි.

ඇෆ්ගනිස්ථානය සිය සටන්කාමි ගමන සිල්ලරට නිමා කර තරගාවලියෙන් ඉවත් වන්නේය.

දකුණු අප්‍රිකානුවන් අවසන් මහා තරගයට අපරාජිතව ප්‍රවේශ වන්නේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති දෙවන වරටත් නිර්දේශ කළ සංජය රාජතරන්ම් ගේ සේවා දිගුව දෙවන වරට ආන්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවත් ප්‍රතික්ෂේප කරයි!

Next Post

අනතුරකට ලක් කර නාවික සෙබලා මරා දැමූ ඉන්දීය ධීවර මැරයින් 10 දෙනා ජූලි 08 තෙක් රිමාන්ඩ්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.