මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් ආයුධ මණ්ඩපයේදී පෙරේදා (10) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී දියවඩන නිලමේතුමා පැවසූ අකාරයට මෙවර දළදා වහන්සේ වැඩම කිරීමේ භාග්‍යය හිමිවිය හැකි ඇතුන් සිව් දෙනා පිළිවෙලින් මෙසේය.
1. ශ්‍රී දළදා මාලිගාවට අයත් සිංහ රාජා
2. රුහුණු ම්හා කතරගම දේවාලයට අයත් වාසනා
3. ශ්‍රී දළ්දා මාලිගාවට අයත් ඉන්දි රාජා
4. කැලණි රජ මහා විහාරයට අයත් කණ්ඩුල
රටේ විහාරස්ථානවල දේවාල පෙරහර බොහොමයක් මේ වනවිට නිමා වී ඇති බැවින් මෙවර ශ්‍රී දළදා පෙරහරට අලි ඇතුන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරගත හැකි වනු ඇතැයි ද දියවඩන නිලමේ වරයා පැවසුවේය.