බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇවන්ගාර්ඩ්ලා ගේ ජොබ් එක අතට ගත් නාවික හමුදාව සමුද්‍රාරක්ෂක මෙහෙයුම්වලින් මාස 04ක දී ඩොලර් ලක්ෂ 06ක විදේශ විනිමය හොයයි!

previously handled by private companies such as Avant Garde

by editor
පෙබරවාරි 11, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඇවන් ගාර්ඩඩ් සමාගම වංගු ගසා  හම්බ කරපු  ඩොලර් මින් පසු නාවික හමුදාව හරහා කෙළින්ම රජයේ ඒකාබද්ධ ගිනුමට…

මෙන්ම ඔවුන්ව නඩත්තු කරනු ලබන පහසුකම් සපයන්නන් වූ ඇවන් ගාර්ඩ් වැනි පුද්ගලික සමාගම්යටතේ පැවති  ජාත්‍යාන්තර වෙළෙඳ නෞකා සඳහා ආරක්ෂාව සලසලන සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්, එම පුද්ගලික සමාගම්වලින් ඉවත් කර නාවික හමුදාවට   ස්වාධීනව පවත්වාගෙන  යෑමේ බලය රජය විසින්  පැවරීමෙන් පසු    ගතවුන මාස 04ක කාලය තුළ පමණක්  ඇමරිකානු ඩොලර් 598,250ක මුදලක් විදේශ විනිමය ලෙස රජයේ ඒකාබද්ධ ගිනුමට බැර කිරීමට කටයුතු කර ඇති බව නාවික හමුදාව පවසයි.

නාවික  හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්     රියර් අද්මිරාල්  හර්ෂ ද සිල්වා  පවසන්නේ පසුගිය මාස 04ක කාලය තුළ සිදුකළ මෙහෙයුම් 323න්  මෙම ඇමරිකානු ඩොලර් 598,350ක මුදල ඍජු විදේශ විනිමය ආදායමක් ලෙස රජයට ලැබුණු බවය.

රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මේ බව ප්‍රකාශ කළේ අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් සඳහා එක්වෙමිනි.  ඔහු පැවසුවේ වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සපයන සන්නද්ධ ආරක්ෂකයින්  වෙනුවෙන්  අවි ගබඩා පහසුකම් සැපයීමේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සඳහා නාවික හමුදාව මුල් වී කටයුතු කිරීම ආරම්භ කරනු ලැබුවේ  2009 සැප්තැම්බර් මාස  10 වැනිදා සිට බවය.

නමුත් විටින් විට ලැබුණු උපදෙස් මත එම වගකීම පෞද්ගලික අංශ වෙත පැවරූ පසු මෙම මුලු ඩොලර් ආදායම එම පෞද්ගලික ආයතනය විසින් ලබාගෙන ඉතා සුළු මුදලක් රුපියල් වලින් රජයට සහ නාවික හමුදාවට ගෙවූ ආකාරය රියර් අද්මිරාල්වරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඔහු මෙසේ ද පැවසුවේය.

“මීට පෙර  මෙම  සේවාව සැපයීමේ බලය පෞද්ගලික ආයතනයක් වෙත පවරා තිබූ නිසා මේ ආදායම සම්පූර්ණයෙන්ම ලබාගත්තේ ඔවුන් විසිනුයි.  ඔවුන් ඒ ලැබුණ ඩොලර් ආදායම සම්පූර්ණයෙන්ම අරගෙන එයින් සියයට විස්සක් වැනි පොඩි කොටසකට අදාල වටිනාකම පමණක්  රුපියල් වලින් නාවික හමුදාවට ගෙව්වා.”

“නමුත් 2025 ඔක්තොම්බර් මස 03 දින ඉඳලා මේ 2026 පෙබරවාරි 10 දින දක්වා  මාස හතරක කාලයක් තුළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් 323ක් සිදුකරලා එමගින් උපයන ලද ඇමරිකානු  ඩොලර් පන් ලක්ෂ අනූ අට දහස් දෙසීය පනහක් ඍජුවම විදේශ විනිමය ආදායම ලෙස ජාතික සුබ සිද්ධිය සඳහා ලබා දීමට හැකියාව ලැබිලා තියනවා.”

“”ශ්‍රී ලංකා නාවික හමුදාව සමග සමුද්‍රීය ආරක්ෂක  මෙහෙයුම් කරනු ලබන විදේශීය ආරක්ෂක සමාගම්වල දේශීය නියෝජිතයින් ගිවිසුම්ගත වීම  තව දුරටත් ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මනා සැලසුමකින් යුතුව සිදුවෙනවා. එහි වර්ධනයක් තියනවා. පුළුල් වීමේ අවකාශයක් තියනවා.  මේ වනවිට සමාගම් 32ක් අප සමග ගිවිසුම්ගත වෙලා තිබෙනවා.”

රතු මුහුද  ආශ්‍රිතව නාවික ගමණාගමනයට ඇතිවන  තර්ජන හේතුවෙන් අවි සහිත ආරක්ෂකයින් එම නෞකාවලට ආරක්ෂාව සපයන බවත්, ඔවුන්ගේ ආයුධ නාවික හමුදාව යටතේ ගබඩා කර තබා රතු මුහුද හරහා යන විට එම ආයුධ සැපයිමටත්, නැවත ලංකාව අසලින් ආපසු යනවිට එම ආයුධ නාවික හමුදාව භාරයේ ගබඩා කිරීමටත්  අදාලව මෙම මෙහෙයුම් ප්‍රධාන වශයෙන් දියත් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බලංගොඩ කස්සප හිමි ඇතුළු 10 දෙනාටම ඇප…

Next Post

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ ඓතිහාසික පනතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඒකමතික අනුමැතිය!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.