බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

by editor
දෙසැම්බර් 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අලුයමය. එය අපේ අධ්‍යාපන ගමනේ  සුවිශේෂී කඩඉමක්ය. ඒ කඩඉම ජයගැනීම මහා වික්‍රමයක් නොවන්නට පුලුවන. එහෙත් ඒ විභාගයෙන් ලංකාවේ පළමුවැනියා වීම නම් මහා වික්‍රමයකි.

ඒ වික්‍රමාන්විත දියණිය මහනුවර මහාමායා බාලිකාවෙනි.  ඇය සමාධි රණවකය. මේ ආදරණීය දියණිය සොයා ගියෙමු. ඇය සිරියාවන්ත සිනාවෙන් මුව සරසාගෙන විදුහලේ යෙහෙළියන් වරකොට උන්නාය.  ඇයගේ යෙහෙළිකය වීමත් අභිමානයක් කොට සැලකූ දියණිවරු දකිමින් සිටියෙමු.

විදුහල්පතිනිය ආචාර්ය මණ්ඩලය පිරිවරාගෙන ඇය අද පාසලේ ගේට්ටුවන් ඇතුළුවන්නී සිය සොයුරියන්ගේ ප්‍රීතිමත් මුහුණු සහිත අත්පොලසන් මධ්‍යයේ ය.  මුළු පාසලම මංගල්ලයක සිරි ගෙන ඇති අයුරු දුටුවෙමු.

සමාධි රණවක මධ්‍යමපලාතේ  විද්වත් වෘත්තිකයෙකුගේ දියණියකි.  ඒ ආඩම්බරකාර තාත්තා මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවකය. මව දේශානි ගුණතිලකය. පළමු වසරේ සිට මහාමායාවෙන් අධ්‍යාපනය ලද සමාධි පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් අනායාසයෙන්ම ලකුණු 171ක් ලබා ගත් තරු ලකුණක් ව සිටියාය. විෂය බාහිර ක්‍රියාකාරකම්හි ද ඇය කැපී පෙනිනි.  පාසලේ කණිෂ්ඨ විද්‍යා සංගමයේ ලේකම් ලෙස ද ඇය ය

සමාධිගේ වැඩිමල් සොයුරියන් දෙදෙනා ද අධ්‍යාපනයේ කීර්තිමත් ලකුනු පෙන්වමින් සිටින්නියෝය. වැඩිමල් සහෝදරිය දෙව්මිණි රණවක උසස් පෙළ විභාග ප්‍රතිපල අනුව ජීව විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට  සුදුසුකම් ලබා ඇත්තීය. දෙවැන්නී    යශෝධරා රණවක ජීව විද්‍යා අංශයෙන් මහනුවර මහාමායා බාලිකාවේම උසස් පෙළ හදාරමින් සිටින්නීය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

“ මං දැනගෙන හිටියා මට සාමාන්‍ය පෙළ විභාගයේ දී  ඒ සමාර්ථ 09 ක් ලැබෙයි කියලා. ඒත් අනේ ලංකාවෙන් එක වෙයි කියලා නම් හිතුවෙ නෑ…” ඇය අප සමග සිනාසෙමින් කීවේ එසේය.   “ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදරාලා අනාගතයේ දී වෛද්‍යවරියක වෙන්න ලොකු ආසාවක් තියනවා.” අනාගත සැලසුම ගැන ඉඟි කළ සමාධි අපට කීවේ මේ ගමන හුදකලාව පැමිණියක් නොව, බොහෝ දෙනාගේ උදව් උපකාර සහ ආශීර්වාද මැද පැමිණියක් බවය.

“ විදුහල්පතිනිය ඇතුළු පාසලේ ගරු මණ්ඩලයෙන් මගේ දෙමව්පියන් ගෙන්,   සහෝදරියන් දෙදෙනාගෙන්  ලැබුනේ විශාල සහයක්. මගේ ආදරණීය යාලුවො මාත් එක්ක ගොඩාක් දේවල් බෙදා ගත්තා. මහා  ජයග්‍රහණ  ලබාගන්න හිතාගෙන මම වැඩ කළේ නෑ.”

“ ඉලක්කයක් ඇතිව එදිනෙදා වැඩ එදිනෙදාම කළා.  අවසන් වාර විභාගයට සූදානම් වූ  නිසා විභාගය ආසන්න වෙත් දී පීඩනයක් නැතිව තමයි පාඩම් කළේ. “ සමාධි පැවසුවාය.

“සමාධි දුව පාසලට ගෙනාවේ  විශාල කීර්තියක්.   විදුහල්පතිවරිය මෙන්ම පාසලේ ආදි සිසුවියක් ලෙස මෙම ජයග්‍රහණය පිළිබඳව මට තියෙන්නෙ විශාල ආඩම්බරයක්.”    මහනුවර මහාමායා බාලිකා විදුහලේ විදුහල්පති ශෂිකලා සේනාධීර කියන්නී එසේය.

“ එයා සාමාන්‍ය පෙළ කඩඉම ඉහළින්ම සමත්වුනා.  එයාගේ වගකීම පාසල හා දෙමව්පියන් වෙනුවෙන් එයා ඉටු කළා.  ගුරුවරුන් ගේ මග පෙන්වීම ලැබුණා.  දෙමව්පියන් විදිහට අපි   පීඩනයකින් තොරව අධ්‍යාපනය ලබා ගන්න දරුවට නිදහස දුන්නා. ආදරය විශ්වාසය දුන්නා. අවසනායේ දී ඒ සියල්ල ඇයව විශිෂ්ටත්වයට පත් කරලා තියනවා.” සමාධිගේ ආඩම්බරකාර තාත්තා මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

Next Post

එතනත් මාර්කටිං ද?… බයිබලයත් අරන් හිරේට ගිය ස්වං ප්‍රකාශිත දිවැසිවරයා!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.