අමෙරිකා එක්සත් ජනපදය විසින් වීසා ලබාදීම ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ට චීනයේ සංචාරයක් සඳහා එරටින් විශේෂ ආරාධනයක් ලැබි ඇතැයි වාර්තා වේ.
ඒ ආරාධනාව අනුව Boao Forum For Asia නම් සංවිධානය විසින් ඔක්තෝබර් 29 සහ 30 දිනවල චීනයේ හුනාන් ප්‍රාන්තයේ පවත්වනු ලබන දෙවැනි ගෝලීය ආර්ථික සංවර්ධන සහ ආරක්ෂක සංසදයට(Global economic development and security forum) මන්ත්‍රීවරයා සහභාගී වීමට නියමිත බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.
මන්ත්‍රීවරයා සිය සංචාරය අතරතුර Boao Forum for Asia හි මහ ලේකම් .Li Baodongද මුණගැසෙනු ඇත.
සරත් වීරසේකර මන්ත්‍රීවරයා චීන හිතවාදියකු සේ සැළකෙන අතර, ඉන්දියාවේ මෙන්ම එක්සත් ජනපදයේ ද ප්‍රබල විරෝධය නොතකා ආන්දෝලනාත්මක චීන නෞකාවක් වන ‘යුවාන් වැන්ග් 5’ මෙරටට පැමිණි අවස්ථාවේදී, එය පිළිගැනීම සඳහා හම්බන්තොට වරායට ගොස් එහිදී විශේෂ කතාවක්ද පැවැත්වීය.
එසේම අමෙරිකානු සංචාරය සඳහා වීසා ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනියගේ ප්‍රකා වලට එරෙහිව මන්ත්‍රීවරයා මැදිහත්වී පාර්ලිමේන්තුව හරහා නිර්දේශයක්ද ඉදිරිපත් කරනු ලැබීය.
මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස බලකරමින් මන්ත්‍රීවරයා ප්‍රධානත්වය දරන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් වෙත දැනුම්දෙන ලෙස එහිදී නිර්දේශ කර තිබේ.