සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දැවැන්ත හඹා යෑමක් අවසන් මොහොතේ දී ගිලිහෙයි… තියුණු තරගයකින් පසු නවසීලන්තය පරදවා ඔස්ට්‍රෙිලියාව ලකුණු 05කින් ජය ගනී!

ඔස්ට්‍රේලියාව ලබා දුන් ඉලක්කය 388 යි... නවසීලන්තය ලකුණු 383 යි....

by editor
ඔක්තෝබර් 28, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

තවත් විශිෂ්ට තරගයක් නිමා වූයේය.  එය ලෝක කුසලාන තරගාවලිය වර්ණවත් කළ තරගයකි. ඔස්ට්‍රේලියාව සහ නවසීන්තය අතර පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාව නවසීලන්තය පරදවා තියුණු ලකුණු 05ක ජයග්‍රහණයක් අත් කරගත්තේය.

තරගයේ ඉරණම වෙනස් කළ අවසන් ඕවරයේ අන්තිම පන්දුවේ දී ජේම්ස් නීෂම් දැවී යෑම…

එය වාර්තාගත හඹා යෑමක් සනිටුහන් කළ තරගයකි. මේ තරගය නවසීලන්තය දිනුවා නම් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුනු සංඛ්‍යාවක්  හඹා විත් පරාජයට පත් කළ රට ලෙස  පකිස්ථානය අපව පරදා තැබූ වාර්තාව බිඳෙන්නේය. ඒත් නවසීලන්තය පරාදය. 388ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ දී ලකුනු 383කට සීමා වුනේය. කඩුළු 09ක් දැවී ගියේය.

එය ගිනි පිටවුන තරගයකි.  ධර්මශාලා පිටියේ  දිවා ගරතයක් ලෙස පැවති තරගයේ කාසියේ වාසිය දිනුවේ නවසීලන්තය ය.  අද නවසිලන්ත කන්ඩායම මෙහෙයවූයේ ටොම් ලැතම්ය. නිත්‍ය නායක කේන් විලියම්සන් හිටියේ බංකුවේය. ඔහු ක්‍රීඩකයන්ට අවශ්‍ය වතුර, අඩුපාඩු ක්‍රීඩා භාණ්ඩ රැගෙන විටින් විට ක්‍රීඩා පිටිය මැදට දිව එනු දක්නට ලැබුනේය.

නායක ටොම් ලැතම් පන්දු රැකීම තේරුවේය. ඒ තේරීම ප්‍රශ්න කරන්නාක් සේ  ඔස්ට්‍රේලියාව දැවැන්ත ප්‍රහාරයක් දියත් කළේය.

ඔස්ට්‍රේලියානු ඉනිමේ මුල්ම කඩුල්ල බිඳ වැටෙන්නේ  ලකුණු 175 දීය. ආරම්භක පිතිකාර යුගල වූ ට්‍රෙවිස් හාර්ඩ් සහ මිචෙල් මාර්ෂ් එල්ල කළ ප්‍රහාරය නවසීලන්ත කණ්ඩායම විසින් බලාපොරොත්තු නොවූ එක්ක බව පැහැදිලි විය.  මුල් කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් දැවි යන විට ඔහු ලකුණු 81ක් ලබා සිටියේ පන්දු 65කට පමණක් මුහුණ දෙමිනි. ඊට හතරේ පහර පහක් සහ හයේ පහර හයක් ඇතුළත් විය. මුල්ම කඩුල්ල දවා ගන්නේ නවසීලන්ත  දකුණත් ඔෆ් බ්‍රේක් පන්දු යවන ග්ලෙන් පිලිප්ස්ය. ඒ වනවිට යවා තිබුනේ තරගයේ පන්දු ඕවර 19.1ක් පමණි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ට්‍රෙවිස් හෙඩ් පන්දු 67ක දී ලකුනු  109ක්

අනෙක් පසින් පිතිකරණය ආරම්භ කළ ට්‍රෙවිස් හෙඩ් පන්දු 67ක දී ලකුනු  109ක් වාර්තා කර සිටිය දී ග්ලෙන් පිලිප්ස්ටම ගොදුරු වූයේ කෙලින්ම පන්දුව කඩුල්ලේ දැවටීමෙනි. ට්‍රෙවිස් නවසීලන්ත පන්දු යවන්නට පන්දු යැවීම එපා කළේය. ඔහු ලකුණු 109ට හතරේ පහර 10ක් සහ හයේ පහර 7ක් එල්ල කළේය. ට්‍රෙවිස් ලකුණු 82ක් ලබාගෙන තිබුණේ හයේ සහ හතරේ පහර වලිනි.  ලකුණු 200 ක් ලකුණු පුවරුවේ සටහන්ව තිබිය දී ට්‍රෙවිස් දැවී යන්නේ පන්දු ඕවර 23.2 දී ය.

ආරම්භයේ දී තැබූ ස්ථානය ශක්තිමත්ව ස්ථාවර කරමින් ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 24ක දී වේගවත් ලකුණු 41ක් ලැබුවේය. ඒ හතරේ පහර 5ක් සහ හයේ පහර 02ක් සමගිනි. කඩුළු රකින ක්‍රීඩක ජොෂ් ඉන්ග්ලිස් පන්දු 28ක දි ලකුණු 38ක් ලැබුවේය.  තරගය ප්‍රවේගවත් කළේ නායක පැට් කුමින්ස්ය. කුමින්ස් පන්දු 14ක් තුළ ලකුණු 38ක් ලැබුවේ හයේ පහර 04ක් සහ හතරේ පහර 2ක් සමගිනි. මිෂෙල් මාර්ෂ් පන්දු 51ක දී ලකුණු  36ක් ලැබුවේය. පන්දු ඕවර 49.2ක් තුළ දැවී ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 388ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී ග්ලෙන් පිලිප්ස් ලකුණු 37ට කඩුළු 03ක්, ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 77ට කඩුළු 03ක් ලැබුහ.

මිෂෙල් සැන්ට්නර් ප්‍රහාරයට ලක් විය. ඔහු ලකුණු 80ක් ලබා දුන්නත් කඩුළු 02ක් දවා ගත්තේය. මැට් හෙන්රි සහ ජේම්ස් නීෂම් කඩුල්ල බැගින් ලැබූහ.

නවසීලන්ත ඉනිම.

හඹා යෑම සඳහා පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායමේ මුල් කඩුල්ල පන්දු ඕවර 7.2ක දී ලකුණු  61කට දැවී යන්නේය. ඒ පන්දු 17ක දී ලකුණු 28ක් ලබා ගන්නා ඩෙවොන් කොන්වේ ය. කොන්වේ ලකුණු 28න් 24ක් ලබා ගන්නේ හතරේ පහර වලිනි.  ලකුණු 72 වනවිට විල් යන්ග් ද දැවි ගියේය. ඒ පන්දු ඕවර 9.4ක දීය.

ඉන් අනතුරුව තරගය මුලුමනින්ම වෙනස් උනුසුම් තැනක් කරා රැගෙන එන්නේ නවසීලන්තයේ බලාපොරොත්තු සහගත යෞවනයා වූ රචින් රවීන්ද්‍ර ය.  ඔහු සහ ඩේරි මිෂෙල් අතර සම්බන්ධතාවය ලකුණු 96කි.  පන්දු ඕවර 23 වැනි පන්දු වාරයේ අවසන් පන්දුවේ ඔහු දැවි යන විට ලකුණු සංඛ්‍යාව කඩුළු 03කට 168කි.

රචින් රවීන්ද්‍ර මනරම් ලකුණු 116ක් රැස් කළේය…

එක් අන්තයක රචින් රවීන්ද්‍ර රැඳී සිටිමින් මනරම් ලකුණු 116ක් රැස් කරන්නේ හතරේ පහර 09ක් සහ හයේ පහර 05ක් සමගිනි.  තරගය අවසන් උණුසුම් මෙහොත නිර්මාණය වන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ජේම්ස් නීෂම් අතරය. නීෂම් ලකුණු 58ක් ලබා සිටිය දී දැවී යන්නේ නවසීලන්ත කණ්ඩායම ලකුණු 383ක් ලබා සිටිය දී ය. ඔහු දුවද්දී දැවී යෑමට ලක් නොවන්නට තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබිණි. නමුත් ඕස්ට්‍රේලියානුවන්ගේ තියුණු පන්දු රැකීම හමුවේ  නීෂම් දුවද්දී දැවී යෑමට හසු විය.

අවසන් පන්දුවේ දී ජයග්‍රහණය සදහා නවසීලන්තයට ලකුණු  06ක් ලබා ගත යුතු විය. නමුත් අවසන් පන්දුව ලකුණු නොදී නවත්වා ගන්නට මිෂෙල් ස්ටාක් සමත් විය.

ඇඩම් සම්ප්සා ලකුණු 74ට කඩුළු 03ක්..

පන්දු යැවීමේ දී ඇඩම් සම්සා ලකුණු 74ට කඩුළු 03ක්, ජොස් හෙසල්වුඩ් ලකුණු 70ට කඩුලු 02ක්, පැට් කුමින්ස් ලකුණු 66ට කඩුළු 02ක්,  ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 62ට කඩුල්ලක් ලබා ගත්තේය.

තරගයේ වීරයා ඔස්ට්‍රේලියානු පිතිකරු ට්‍රෙවිස් හෙඩ් ය. මේ තරගය දිනුවත් තවමත් ප්‍රසාද ලකුණු සටහනේ උඩින් ඉන්නේ නවසීලන්ත කණ්ඩායමය. ඔස්ට්‍රේලියාව ඉන්නේ සිවුවන තැනය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකාව වීසා ප්‍රතික්ෂේප කළ පසු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරට චීනයෙන් ආරාධනාවක්!

Next Post

ප්‍රවීන ගායක සුනිල් සිරිවර්ධනයන් දිවි සැරියෙන් සමුගනි.

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.