බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු පොලිසිය වෙඩි තබා ඝාතනය කළ  ශ්‍රී ලාංකික රාජන් මුණසිංහ වෙනුවෙන් පවුලේ අය යුක්තිය ඉල්ලති…

by editor
දෙසැම්බර් 5, 2022
in පුවත්
RAJAN-MUNASINGHE
Share on FacebookShare on Twitter

ටෙක්සාස් හි ඔස්ටින් පළාතේ පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන රාජන් මුණසිංහට, ඔස්ටින් පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් යුක්තිය ඉල්ලමින් සිටින බව ‘වොෂින්ටන් පෝස්ට්’ වාර්තා කරයි.

නොවැම්බර් 15 වැනිදා ඔස්ටින් පොලිස් නිළධාරීන් රාජන්ගේ නිවසට පැමිණෙන අතර, ඒ වන විටත්     තුවක්කුවක් අතැතිව සිටින රාජන්ට ‘ඔබේ තුවක්කුව බිම දමන්න’ යැයි කෑ ගසන පොලිස් නිළධාරීන් එක්වරම ඔහුට වෙඩි තබන ආකාරය පසුගියදා නිකුත් වුණු වීඩියෝ හා ඕඩියෝපටවලින් හෙළිදරව් වී තිබේ.

අසල්වැසියෙකු තුවක්කුවක් ද අතැතිව සිටින බවට 911 ට ලැබුණු ඇමතුමකට අනුව එම නිවසට ගිය බව පොලිස් නිළධාරීන් පවසා තිබේ.

නාඳුනන දුරකථන ඇමතුම්කරු පවසා ඇත්තේ රාජන් පෙර දින දී ද සැකකටයුතු යමක් දුටුවේදැයි විමසීමට සිය නිවසට පැමිණි බවයි.

ආරක්ෂක කැමරාවල දර්ශන මේ වන විට නිකුත් කර ඇති අතර එයින් පෙනී යන්නේ සිය තුවක්කුව ද සමඟින් නිවසේ පිටත රැඳී සිටින රාජන් නිළධාරීන් පැමිණි පසු, නිවස තුළට වෙඩි දෙකක් තබන ආකාරයයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

නිළධාරීන් පැමිණීමට මත්තෙන් ඔහු සිය නිවස දෙසට කතා කරන ආකාරයක් පෙනී ගියත් ඒ මන්දැයි පැහැදිලි නැත.

මුණසිංහ පොලිස් වෙඩි ප්‍රහාරයට ලක් වූ විගස නිළධාරීන් ඔහු බේරා ගැනීමට උත්සාහ කරන ආකාරයත්, නිවස පරීක්ෂා කරන ආකාරයත් වීඩියෝපටවල සටහන්ව තිබිණි. එහෙත් ඒ මොහොතේ නිවසේ කිසිවෙකු නොසිටි බව නිළධාරීන් පවසා තිබිණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරන මුණසිංහගේ වැඩිමහල් සොහොයුරු ජොහාන් මුණසිංහ පවසන්නේ ‘නිළධාරීන් ප්‍රථමයෙන් වෙඩි තබා පසුව ප්‍රශ්න කළ බවයි..’

මේ සිදුවීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතු බව පෙන්වා දෙන ඔහු පවසන්නේ ‘එහෙම නැති වුණොත් මේ වගේ වෙඩි තැබීම් ඉදිරියටත් සිදු වේවි. ඔස්ටින් පොලීසිය වෙඩි තියලා අහිංසක මිනිස්සු මරා දමාවී..” යනුවෙනි.

මුණසිංහ සහෝදරයන් වෙසෙන නිවසට නිවාස පහකට එහායින් වෙසෙන ඔවුන්ගේ මිතුරෙකු වන කටාරි ද මේ සිදුවීමෙන් කම්පනයට පත්ව ඇති අතර මින් දින කිහිපයකට පෙර මිනිසෙකු මුණසිංහ නිවසේ වැට පැන ගොස් ඇති බවයි.

“අසල්වැසි ආසන්න ප්‍රදේශයක සිද්ධ වුණු අපරාධෙකින් පස්සේ රාජන් තමන්ගේ ආරක්ෂාව ගැන බොහොම අවධානෙන් හිටියේ… අපි හැමෝම අවට වටපිටාව ගැන වැඩි අවධානයක් යොමු කළා.. මේ විදියට වෙඩි තබා දැමීම රට පුරා පොලීසියට නම් අසමාන්‍ය දෙයක් නෙමෙයි.. සිද්ද වුණු දේවල්වලට පොලීසිය වග කියන්න ඕනේ..”

ඔහු සෘජුවම චෝදනා කර තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර අවට ස්පාවලට පොලිසියෙන් අමුතු සැපක්!

Next Post

මත් කරල් 38ක් සමග මල්වතු හිරිපිටිය බුත්පිටිය මහා විද්‍යාලයේ ආපනශාලාව කළ කාන්තාව අත්අඩංගුවට…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.