කීර්ති ප්‍රනාන්දු –
ගම්පහ මල්වතු හරිපිටිය බුත්පිටිය මහා විද්‍යාලයේ පාසල් කැන්ටිම තුළ තිබී මත් කරල් 38ක් සමග එම ආපන ශාලාව පවත්වාගෙන ගිය 42 හැවිරිදි කාන්තාව මීට ස්වල්ප වෙලාවකට පෙර මල්වතු හිරිපිටිය පොලිසිය විසින් අත්අංගුවට ගත්තේය.
මෙම කාන්තාවත් මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ කාන්තාවක් බව පොලිසිය පවසයි.
හදිසියේ සිදුකළ පරීක්ෂාවක දී මෙම මත් කරල් සමග කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර පාසලේ විදුහල්පතිවරයාගෙන් සහ ගුරු මණ්ඩලයෙන් ද පොලිසිය විසින් ප්‍රශ්න කර ඇත.
මම මත් කරල් සම්බන්ධව සහ පාසල් දරුවන්ගේ වෙනස් හැසිරීම් සම්බන්ධව විදුහල්පතිවරයා සහ ගුරු මණ්ඩලය දැනුම්වත් වී සිට නැති බව මූලික තොරතුරුවලින් පෙනී ගොස් ඇති නමුත් මේ සම්බන්ධව පුලුල් පරීක්ෂණයක් කරන බව ගම්පහ පොලිසිය පවසයි.
මෙම මත්පෙති දරුවන්ට විකුණා තිබේ ද, දරුවන් එම මත් ද්‍රව්‍ය මිලදී ගෙන භාවිතා කර ඇති ද යන්න සම්බන්ධව විමර්ශන ආරම්භ කර තිබේ.
ඊයේ නෙලුක්කුලම ප්‍රදේශයේ දී පාසල් දරුවන් ඉලක්ක කරගෙන මත් පෙති විකිණූ වයස අවුරුදු 22 හා 29 වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත්තේය.