තමන් සමගම අත්අඩංගුවට පත් වුනු ලහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි, රතිඳු සේනාරත්නට ඇප ලබා නොදී තමන්ට පමණක් ඇප ලැබීම තිබීම හේතුවෙන් ඇප පිට නිදහස් කිරීමට අධිකරණය විසින් නියෝග කළ ප්‍රවීණ රංගන ශිලපීන්වන ජගත් මනුවර්ණ ජෙහාන් අප්පුහාමි, සමාජ ක්‍රියාකාරීන්වන වන ධම්මික මුණසිංහ සහ එරංග ගුණසේකර රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පිටවී යෑම ප්‍රතික්ෂේප කර තිබේ.
මේ සම්බන්ධව මාධ්‍යයට අදහස් දැක්වූ නීතිඥ නුවන් බෝපගේ පැවසුවේ ඇප ලැබුණු සිවු දෙනා අධිකරණ තීන්දුවට ගරු කරමින් ජූලි 01 වැනිදා සියලු දෙනාටම ඇප ලැබෙන තුරු බන්ධනාගාරයේ රැඳී සිට නැවතත් අධිකරණයට කරුනු වාර්තා කිරීමට ඒකමතිකව තීරණය කර ඇති බවය. මෙම අරගලය සාමුහික අරගලයක් බැවින් එවැනි තීන්දුවක් ගත් බ අරගලකරුවන් ප්‍රකාශ කර ඇත.
පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් පොදු දේපලවලට හානි කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රංගන ශිල්පීන් වන ජගත් මනුවර්ණ සහ ජෙහාන් අප්පුහාමි, සමාජ ක්‍රියාකාරීන්වන වන ධම්මික මුණසිංහ සහ එරංග ගුණසේකර යන සිවු දෙනාට අයකුට රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (24 ) නියෝග කර තිබිණි.
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරුන් තම සේවාදායකයන්ට ඇප ලබාදෙන ලෙසට ඉල්ලමින් අධිකරණය හමුවේ ගොනු කළ මෝසම් පත්‍රයක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමාජ ක්‍රියාකාරී රවිඳු සේනාරත්න නොහොත් රෑට්ටා සහ ළහිරු වීරසේකර යන අය සම්බන්ධයෙන් මෙම අධිකරණය හමුවේ මෙවැනිම සිදුවීම් සම්බන්ධයෙන් නඩු පැවතීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය තීරණය කළේය.
ඒ අනුව එම සැකකරුවන් දෙදෙනා ලබන 7 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.