මේ මොහොතේ ඒ කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවට ශ්‍රී ලංකාව පැමිණ ඇති බැවින් මේ පාලනය කිරීමට නම් දැඩිව ක්‍රියාත්මක කරන ඇඳිරි නීතිය තත්ත්වයක් වුවද ප්‍රකාශයට පත් කළ යුතු මට්ටමක පවතින බව තමන් විශ්වාස කරන්නේ ඇයි ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
රෝගීන් ප්‍රමාණය මෙන්ම මරණ සංඛ්‍යාව ද වේගයෙන් ඉහළ යන මෙවැනි අවස්ථාවක ආර්ථිකය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට වඩා ජනතාවගේ මරණ බිය හා රෝගී බිය නැති කිරීම ප්‍රමුඛ කොට ගත යුතු කරුණක් බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරයි.
කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඉතා දැඩි ලෙස රටතුළ පැතිර යාම හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා පහසුකම් උපරිම ධාරිතාව ද ඉක්මවා ඇත.
ලෝකයේ ඉහළම කොවිඩ් මරණ අනුපාතය ද මේ වන විට වාර්තා වන පසුබිමක ඔක්සිජන් අවශ්‍යතාවය පවා දැඩි ලෙස ඉහළ යන මේ මොහොතේ දැඩි සංචරණ සීමා හැර වෙනත් විසඳුමක් නැති බව ඔහු අවධාරණය කරති.
දොස්තරලා කලබල වෙලා.. පිස්සෝ ඕවා ගණන්ගන්නේ නෑ මෙයා