අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැලෑවකට යන්න තහනම් ආදිවාසීන් ඉන්න රටක ආදිවාසී දිනය සමරා වැඩක් නෑ… වන්නිලා ඇත්තෝ කියති.

දඹාන ආදිවාසී නැටුම් නටන, කවි කියන සංචාරක සංදර්ශන ස්ථානයක් කරන්න ගියොත් වෙන්නෙ සංස්කෘතිය ඉක්මනින් පිරිහීමයි....

by editor
අගෝස්තු 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

කොවිඩ් අතරේ අපට අද දිනය අමතක වුනේය.  ලෝක ආදිවාසීන්ගේ දිනය අදය. ලෝක ආදිවාසී දිනය ප්‍රකාශයට පත් කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ය. ඒ  වර්ෂ 1994 දී ය. ලොව පුරා ජීවත්වන ආදිවාසීන්ට මුහුණ දීමට සිදුවන අභියෝගවලට විසඳුම් ලබා දීමේ අරමුණු සහිතව මෙම දිනය නම් කර ඇත්තේය.

ලොවපුර රටවල් 90ක මිලියන 470ක් ආදිවාසීහු වෙති. ඔවුන් වෙසෙන රටවල් අතර ලංකාවට හිමිවන්නේ සුවිශේෂී තැනකි. අප රට තුළ ආදිවාසී ජනතාව දිස්ත්‍රික්ක 06ක ගම්මාන 62ක් තුළ ජීවත් වෙති.

ආදිවාසී දිනයේ දී වැදිනායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් සමග සංවාදයක යෙදෙන්නට ලංකාසරට හැකි විය.

එහිදී වන්නිලා ඇත්තෝ මෙසේ සිය අදහස් දැක්වූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලෝක ආදිවාසී දිනය සැමරීමේ දී  ආදි වාසීන්ට යහපතක් වෙන්න ඕන.  අපේ ජනතාවට ප්‍රශ්න තියනව. ඉදිරි කාලයේ දී හෝ අපේ අයගෙ නිදහස, සාමය,   සතුට    ඉදිරි පැවැත්ම තහවුරු කරමින් අපේ වරිගයේ   ආරක්ෂාව  සකසයි කියලා මා විශ්වාස කරනව.

ලෝකයේම  මිනිස්සු එකතුවෙලා ආදිවාසීන්ගේ දිනය සමරනවා කියලා නැටුම් නටලා සිංදු කියලා උත්සව කරලා වැඩක් නෑ. ඇත්තටම මේ වගේ දිනයකදි ආදි වාසීන්ට තියන ප්‍රශ්න ගැටලුවලින් එකකට හරි විසඳුම් දෙන්න ඕනෑ. එතකොට තමයි මම විශ්වාස කරන්නේ මේ දිනයේ තිබෙන වැදගත්කම.

දැන් වෙනකොට අපේ සංස්කෘතිය ගැන ප්‍රශ්නය තමයි මට තියන ලොකුම ප්‍රශ්නය. අපේ පරම්පරාවේ අද දවස වෙනකොට සමහර ගම් තියනවා, ඒ ගම්වල නායකයන්ටවත් අපේ භාෂාව කතා කරන්න බෑ. සමහර ගම්මාන  තියනවා ඒ ගම්වල මිනිස්සු ජීවත් වෙන්නෙ අමාරුවෙන්.

ආදීවාසීන් කියන්නෙ අපේ තිසාහාමි තාත්තගෙ කාලෙ වගෙ නිදහසේ ජීවත් වෙච්චි කණ්ඩායමක්. අද වෙනකොට ඒ පරිසරය විනාශ වෙන තැනට වැඩ යෙදිලා තියෙන්නේ. ඒ විනාශය නතර වෙන්න නම් අපේ අයට තිබුණු නිදහස, අයිතිවාසිකම් නැවත ලැබෙන්න ඕන. අපේ රටේ ආදිවාසීන්ට තියෙන්නෙ ජීවත්වෙන එකේ ගැටලුවක්.

ජීවත්වෙන්න තියන ගැටලුව තමයි කැලෑවට යන්න බෑ. කැලෑවක ජීවත්වෙන්න තහනම්. එහෙම තහනම් වෙනවා නම් අපේ  අයට ජීවත්වෙන්න මාර්ගයක් තියෙන්න ඕන.

සමහර වෙලාවලදි සාකච්ඡා කර තිබෙනවා  සංචාරකයන් ට එන්න පුලුවන් ලස්සන පෙනුම තියන ප්‍රදේශයක් කරලා ආදිවාසී  නැටුම් ඉදිරිපත් කර, කවි ගායනා කර සංදර්ශන  වගේ ව්‍යාපෘති ගැන. එහෙම කරන්න ගියොත් මම හිතෙන්නෙ අපේ පරම්පරාවෙ විනාශය ඉක්මන් වෙනවා.

මම හිතන්නෙ එහෙම නෙමෙයි වෙන්න ඕන. අපේ අයට නිදහසේ ජිවත්වෙන්න ඉඩ දෙන්න ඕන. කැලෑවකට යන්න අවසර දෙන්න ඕන.  එහෙම උනොත් අපේ ජනතාව වගේම දඹානත් ආරක්ෂා කරගන්න පුලුවන් වේවි.

නිදහසේ ජීවත්වීමට අපට හැකියාවක් ලැබිලා නැහැ නීති නිසා. පැලක් හදාගන්න ඉලුක් කොළ ටිකක් ලී ටිකක්  කපා ගන්න අපට ආණ්ඩුවෙන් අවසර ඕන. එහෙමනම් ආදිවාසී දිනය සමරලා වැඩක් නෑ. ඒ දිනය සමරනවා නම් ආදිවාසීන්ගේ අයිතිවාසිකම් ලැබිලා තියෙන්න ඕන.

සතුන් මැරීමේ දී ගොවිතැන් කිරීමේ දී තහනම් තියනවා. නීති රීති තියනවා. බෙහෙත් ටිකක් හරි හොයා ගන්නවා නම් නිලධාරීන්ගෙන් අවසර ගන්න ඕන.

අපේ තාත්තගෙ කාලෙ ඉඳන් අද වෙනකම් සෑම පරම්පරාවකම මේ ප්‍රශ්න ගැටලු තියනවා. එ කාලෙත් මේ ගැන කතා ආණ්ඩුත් එක්ක. රට රටවලත් මේ ගැටලු ගැන කතා කරලා තියනවා. නමුත් මේ හැම ප්‍රශ්නයකටම විසඳුම හිසේ රුදාවට ඒ වෙලාවට බෙහෙත් ටිකක් දානව  වගේ වැඩක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තත්වය දරුණුයි – දැඩි ලෙස ඇඳිරි නීතිය හෝ ක්‍රියාත්මක කරන්න

Next Post

සියලුම සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් හැදුණත් සේවයට වාර්තා කිරීම අනිවාර්ය කරයි!.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.