බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියලුම සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් හැදුණත් සේවයට වාර්තා කිරීම අනිවාර්ය කරයි!.

කොවිඩ් සේවකයන්ට රෝහල තුළ හැසිරෙන ආකාරය ගැන මාර්ගෝපදේශයක් සමග චක්‍රලේඛය සූදානම්....

by editor
අගෝස්තු 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වෛද්‍යවරුන්, හෙදියන් ,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා කොවිඩ් වෛරසය ආසාදනය වුවද රාජකාරියට වාර්තා කිරීම අනිවාර්ය කිරීමට අදාළ කාර්ය පටිපාටියක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පියවර ගනු ලැබ ඇති බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට කොවිඩ් වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය මත රෝහල් සහ සෞඛ්‍ය සේවා බිඳ වැටීමට ලක් නොවී අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් කොවිඩ් ආසාදිතයකු බවට පත් වුවද දැඩි අවදානම් තත්ත්වයේ නොමැති නම් ඔවුන් රාජකාරියට කැඳවීමටත් එහිදී ඔවුන්ට රෝහලේදී නිවසේදී සහ සමාජයේදී ආරක්ෂාකාරී ලෙස කටයුතු කිරීමට අදාල මඟ පෙන්වීම් මාලාවක් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සකසනු ලැබ ඇත.

ලංකාසරට වාර්තා වන අන්දමට මෙහිදී රෝග ආසාදිතයකු බවට හෝ කොවිඩ් ආසාදිතයකුගේ ළඟම ආශ්‍රිතයකු බවට පත්වුවහොත් ඔවුන් පවතින තත්ත්වය හමුවේ රාජකාරී කටයුතුවලට සහභාගී කර ගන්නේද නැද්ද යන්න තීරණය කිරීමට රෝහල් සහ අදාළ සෞඛ්‍ය ආයතන මට්ටමින් කමිටු පත් කිරීමට නියමිතය.

අදාළ සෞඛ්‍ය සේවකයාගේ තත්ත්වය පිළිබඳව මෙම කමිටුව විසින් ඇගයීමක් සිදු කරනු ලබනු අතර ඒ අනුව අදාළ ඇගයීමට ලක්වන සේවයකයන් කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කිරීමට නියමිතය. එනම් දැඩි අවදානම්, මධ්‍ය අවදානම් සහ අඩු අවදානම් ලෙසය.

මෙහිදී ආසාදිතයකු නොවන එහෙත් ආසාදිතයකුගේ ළඟම ආසාදිතයකු වන සෞඛ්‍ය සේවකයන් අඩුම අවදානම් කාණ්ඩයට අයත් වන අතර සුළු රෝග ලක්ෂණ පෙන්වන හෝ රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් මධ්‍ය අවදානම් සහිත කාණ්ඩයට ඇතුළු කර ඇත. රෝග ලක්ෂණ තීව්ර සහ වෙනත් සංකූලතා පවතින සෞඛ්‍ය සේවක ආසාදිතයන් දැඩි අවදානම් කාණ්ඩයට වෙන් කිරීමට නියමිත අතර රාජකාරියෙන් බැහැර වීම සඳහා නිවාඩු ලැබෙන්නේ ඔවුන්ට පමණකි. සෙසු කාණ්ඩ දෙක රාජකාරියට වාර්තා කළ යුතු බවට සෞඛ්‍ය සේවකයන් වෙත දැන්වීමට මේ වනවිට පියවර ගෙන ඇත.

මේ අයුරින් ආසාදිත සෞඛ්‍ය සේවකයන්ද රාජකාරී කටයුතු සඳහා වාර්තා කරන පසුබිමක් නිර්මාණය වී ඇති අතර ඔවුන් ට රාජකාරියේදී මෙන්ම බාහිර සමාජයේදී සෙසු පුද්ගලයන්ට රෝගය බෝ නොවන අකාරයෙන් වගකීම් සහිතව කටයුතු කිරීම පිළිබඳව මාර්ගෝපදේශනයක්ද සකස් කිරීමට පියවර ගෙන ඇතැයි සඳහන් වේ.

මෙම මාර්ගෝපදේශය සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් විසින් සකස් කරනු ලැබ ඇති අතර ඒ අනුව සෞඛ්‍ය සේවකයන්ට මෙම මගපෙන්වීම්වලට අනුව කළ යුතු බවට අවධාරණය කොට ඇත.
ඒ අනුව ඔවුන් රෝහලේ රාජකාරී කරන විට KN-95 ආරක්ෂක මුඛ ආවරණ සෑමවිටම අනිවාර්යයෙන්ම පැළදිය යුතුය. රෝගීන් පරීක්ෂා කිරීම් හෝ ඔවුන්ට ප්‍රතිකාර කිරීමට පෙරත් පසුවත් ඇල්කොහොල් සහිත සනීපාරක්ෂක දියර යොදා දෑත් පිරිසිදු කර ගත යුතුය. එමෙන්ම කාර්ය මණ්ඩලයේ වෙනත් සාමාජිකයෙකුට හෝ රෝගියෙකුට කතා කිරීමේදී සෑමවිටම මුහුණු ආවරණ (Face Shields) පැළදිය යුතුය.

රෝහල, කාර්යාලය හෝ ක්ෂේත්‍රය තුළ සිදුකරන රාජකාරී කටයුතු, දිනය ,ස්ථානය,වේලාව සහ හමුවන පුද්ගලයින් සටහන් කරමින් සටහන් පොතක් නඩත්තු කළ යුතුය. රෝහලේ රාජකාරියේදී හැමවිටම උදේ හෝ හවස වරු වලට පමණක් සීමා කළ යු.තු වන අතර රාත්‍රි සේවා මුර බැහැර කළ යුතුය.

Covid- 19 රෝග ලක්ෂණ ( උණ,කැස්ස,උගුර රිදීම, ඇඟ රිදීම / කොන්ද කැක්කුම,නාසය සිරවීම ආදිය ) පවතින්නේ නම් එදින සේවයට නොපැමිණ නිවසේ රැඳී සිටිය යුතු වන අතර මේ ත්ත්තවය පිළිබඳව අදාළ බලධාරියාට වාර්තා කළ යුතුය.

මේ පිළිබඳව තවත් මඟ පෙන්වීම්ද ඇතුළත් චක්‍රලේඛයක් සියලුම රෝහල්වලට යැවීමට කටයුතු යෙදෙන බව අමාත්‍යංශ ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැලෑවකට යන්න තහනම් ආදිවාසීන් ඉන්න රටක ආදිවාසී දිනය සමරා වැඩක් නෑ… වන්නිලා ඇත්තෝ කියති.

Next Post

කොරෝනා මරණය මැද මන්නාරමේ ගොංකරත්ත තරගයක්… ගොං කරත්ත 48යි… ප්‍රේක්ෂකයන් 700

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.