අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගරු ඇමති තුමනි…. ඔබේ වගකීම් නැති කතාව නිසා මට පාරෙ බැහැලා යන්න බෑ… ඔලිම්පික් ගිය ජාතික ක්‍රීඩිකා නිමාලි කියයි!

by editor
අගෝස්තු 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකාදීප –

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩිකාව ඔලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා ටෝකියෝ නුවර බලා ගියේ ක්‍රීඩා පාවහන් යුගලය ගෙදර තියා බවට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් යයි මලල ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි පැවැසුවාය.

‘කිසිවකු විසින් ක්‍රීඩා ඇමැතිවරයා නොමග යවා තිබෙනවා’

“මම තරගවලට පාවිච්චි කරන එකම ක්‍රීඩා පාවහන් යුගලය අරන් ගිහින් තමයි ටෝකියෝ ඔලිම්පික් උළෙලට තරග වැදුණේ. එතන සිද්ධ වුණු දේ තමයි මම මගේ සල්ලිවලින් ක්‍රීඩා පාවහන් දෙකක් ජපානයෙන් මිලදී ගන්න උත්සාහ දරලා බැරි වුණාම ජාතික ඔලිම්පික් කමිටුවෙන් මම ඉල්ලීමක් කළා ඒකට මට උදව් කරන්න, මම සල්ලි දෙන්නම් කියලා.” යයි ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ ලංකාවේ එකම මලල ක්‍රීඩිකාව වන නිමාලි ලියනආරච්චි ලංකාදීප කළ විමසුමකදී පැවැසුවාය.

එහිදී මීටර 800 (කාන්තා) ඉසව්වෙන් තරග වැදුණු නිමාලි දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වූ අතර, මූලික වටයේ ඇගේ තරග නිමි කාලය විනාඩි 2 තත්පර 10.23 කි. ඇය ටෝකියෝ නුවර සිට දිවයිනට පැමිණියේ පසුගිය 31 වැනිදාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ ගැන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය, ජාතික ඔලිම්පික් කමිටුව කළ ප්‍රකාශ ගැන කියන්න මම දන්නේ නෑ. මට කියන්න තියෙන්නේ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් මා අසරණ වුණා“

“දැන් මට පාරේ බැහැලා යන්න බෑ. මිනිස්සු ඒ ගැන මගෙන් අහනවා. ෆේස්බුක් එකේත් බොහෝ අය මම ආණ්ඩුවේ සල්ලි කාබාසිනියා කළා කියලා චෝදනා කරලා තිබ්බා. රට වෙනුවෙන් පදක්කම් ගණනාවක්ම දිනා දෙන්න කැපවුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් හැටියට මම මේ සිද්ධියෙන් ගොඩක්ම කලකිරීමට පත්වුණා.” යයි නිමාලි වැඩිදුරටත් පැවැසීය.

නිමාලි ලියනආරච්චි මෙසේ ද පැවැසුවාය.

“ඔලිම්පික් නෙමෙයි ලෝකෙ කොතැනක තිබෙන තරගවලට සහභාගි වුණත් මම පළමුව කරන්නේ මගේ ක්‍රීඩා පාවහන් දෙක සූදානම් කරගැනීමයි. ඒ වගේම මම පිටරට යනකොට පුරැද්ද වෙලා තිබෙන්නේ මගේ ක්‍රීඩා පාවහන් දෙක අතේ අරගෙන යන බෑග් එකක අරගෙන යාමටයි. ඒකට හේතුව ක්‍රීඩා පාවහන් දෙක නැතුව මට තරග වදින්න බැරි හින්දයි. ”

“මම ජපානයට ගිය වෙලාවෙ උත්සාහ කළේ එරටින් වඩා උසස් තත්ත්වයේ ක්‍රීඩා පාවහන් දෙකක් මිලදී ගන්නයි. නමුත් ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයේ නිරෝධායන නීති රීති එක්ක මට එළියට ගිහින් ඒ දේ කරගන්න අවසර ලැබුණේ නෑ. ඒ හින්දා මම ඇවිත් හිටපු ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළා. මම සල්ලි දෙන්නම් මට ඔයාලාවත් මැදිහත් වෙලා ක්‍රීඩා පාවහන් දෙකක් ගන්න උදව් කරන්න කියලා“

“සිද්ධ වුණේ ඒකයි. මම අරන් ගිය ක්‍රීඩා පාවහන් දෙක දාගෙන තමයි මම ටෝකියෝ ඔලිම්පික් මීටර 800 කාන්තා ඉසව්වට දිව්වේ. අවාසනාවකට මට මූලික තරගයේ හොඳට දුවන්න බැරි වුණා. සමහරැ අහනවා කතාව බොරැවක් නම් ඇයි නිශ්ශබ්දව ඉන්නේ කියලා.”

“ක්‍රීඩා ඇමැතිවරයා ඒ ප්‍රකාශය කළේ පාර්ලිමේන්තුවේදී. මම නිහඬව ඉන්නවා ඇරෙන්න මම පාර්ලිමේන්තු ගිහින් ඒකට උත්තර දෙන්න ද?”

“ක්‍රීඩා ඇමැතිතුමා අපට ටෝකියෝ ඔලිම්පික් උළෙලට යන්න සියලු පහසුකම් දුන්නා. අපිට ටෝකියෝ යන්නත් කලින් කොළඹ තරැ පහේ හෝටලයක නවත්තලා නිරෝධායනය වෙන්න අවශ්‍ය පහසුකම් සියල්ලත් ලබාදුන්නා. ඒ ගැන නාමල් රාජපක්‍ෂ මහතාට අපි කෘතඥ වෙනවා.”

“ඇමැතිවරයා කියලා තිබ්බා ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග සංචාර විනෝද සවාරි කරගෙන යනවා කියලා. එතුමා පුහුණුකරැවන් ගැනත් කතා කරලා තිබ්බා. ඒ අය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කරවන්නේ ජාතික මට්ටමේ ජයග්‍රහන සඳහා පමණයි කියලාත් එතනදී කියලා තිබ්බා”

“නමුත් මේ රටේ පුහුණුකරැවන් වෙතින් පුහුණුව හදාරලා ජාත්‍යන්තර පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බොහෝ දෙනෙකුත් ඉන්නවා” යයි නිමාලි කීවාය.

මේ වන විට 31 හැවිරිදි වියේ පසුවන නිමාලි ලියනආරච්චි විශේෂ ප්‍රසාද ලකුණු ක්‍රමයෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට අවසන් මොහොතේදී නිර්දේශ ලබාගැනීමට සමත්වූවාය.

ආසියානු ශූරතා හා සාග් රන් පදක්කම්ලාභිණියක්වන නිමාලි 2017 දී ඉන්දියාවේ බහුබන්සවර්හිදී පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවයි. අවසන් වරට ඇය 2019 පැවැති ලෝක ආරක්ෂක හමුදා ක්‍රීඩා උළෙලේදී මීටර 800 (කාන්තා) ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් අතර එහිදී මීටර 400×4 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා සහාය දිවීමේ කණ්ඩායමටද ඇතුළත් වූවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රථම වරට දෛනික කොවිඩ් මරණ සියය ඉක්මවයි…

Next Post

තත්වය දරුණුයි – දැඩි ලෙස ඇඳිරි නීතිය හෝ ක්‍රියාත්මක කරන්න

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.