බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආශ්චර්යයක් කෙළවර රටට දෙන පණිවිඩය… චමරිගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගලවා ගනිමු…

by editor
ඔක්තෝබර් 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රිකට්වල ආශ්චර්යයන් සිදුවන්නේ නැති බව විශ්වාස කළෙමු.  ආශ්චර්යයක් සිදුවී තිබිණි. අපේ කෙල්ලන් බංගලාදේශය පරදවා ලකුණු 07කින් දිනුම්ය.

මැච් එක ගිය හැටියට දෙකක් නැත, ශ්‍රී ලංකා කණ්ඩායම පරාදය. බංගලාදේශ කණ්ඩායම මේ තරගාවලියේ දී පෙන්නූ සටන්කාමී ක්‍රීඩා විලාශය සමග බලන විට ඇත්තටම අප තරගාවලියේත්  හිටියේ උන්ට පහළිනි. ක්‍රීඩා ලෝලීන් ලෙස අපට නම් බංගලි තරගයවත් ගොඩදාගත හැකි තත්ත්වයක ශ්‍රී ලංකා කණ්ඩායම සිටින බව පෙනුනේ නැත. පන්දු යැවීම සම්බන්ධව කිසිම විශ්වාසයක් ගොඩනැගී නොතිබිණි. පිතිකරණය සහ පන්දු රැකීම පිළිබඳ බරපතල ගැටලු මතු වුනේය.

ශ්‍රී ලංකා ඉනිම

මේ තරගය තුළදීත් එසේය. තරගය පැවැත්වුනේ මුම්බායිහි දී ය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීම තේරුවේය. තරගයේ  මුල් පන්දුවෙන්ම ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න දැවී ගියාය.  එහෙත් හසිනී පෙරේරා සහ චමරි අතපත්තු අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක සම්බන්ධතාවයක් ගොඩනැගිනි.

ලකුණු 174කට කඩුළු 04ක් දැවී ගොස් සිටි අවස්ථාවක් පසු කළෙමු. පන්දු ඕවර 31ක් පමණක් යවා තිබුණු ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අඩුම තරමින ලකුණු 250ක ඉලක්කයක් බංගලි ක්‍රීඩිකාවන්ට ලබා දෙනු ඇතැයි සිතුවෙමු. එහෙත් පන්දු ඕවර 48.4ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායම දැවී යන්නේ ලකුණු 202කට ය. උදේශිකා ප්‍රබෝධනී පන්දු 37ක් තුළ ලකුණු 8ක් සහ මල්කි මදාරා පන්දු 42ක් රැඳී සිටිමින් ලකුණු 8ක් ලබා නොගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 සීමාව පන්නන්නේ නැත. අපට හිතෙන්නේ තරගයේ වැදගත්ම සබඳතාවය එය බවය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් හසිනි පෙරේරා ඇයගේ ඉහළම ලකුණු වාර්තා කරමින් පන්දු 99ක් තුළ ලකුණු 85ක් ලැබුවාය. චමරී අතපත්තු පන්දු 43ක දී ලකුණු 46ක් ලැබුවාය. නිලක්ෂිකා සිල්වා ලකුණු 37ක් ලබා ගත්තාය. ඒ පන්දු  38කිනි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

බංගලාදේශය වෙනුවෙන් ශෝනා අක්ටර් ලකුණු 27කට කඩුළු 03ක් බිඳ හෙළුවාය. රෙබෙයා කාන් ලකුණු 39කට කඩුළු 02කි. මරුෆා අක්තර්, නිසිතා අක්තර් නිසී, නහීඩා අක්තර් කඩුල්ල බැගින් ලබා ගත්හ.

බංගලි හඹා යෑම –

තරගය ශ්‍රී ලංකා කණ්ඩායමෙන්  ගිලිහෙන ලකුණු අවස්ථා ගණනක දී පෙනුනේය. ලබා ගත යුතුම පහසු උඩපන්දු අත් හැරියේය.  රැක ගත යුතුම  පන්දු අත් හැරී හතරේ සීමාව ඉක්මවා ගියේය. තරගයක් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය මූලිකාංග එකක්වත් තරගයේ අවසන් අදියර වනතුරු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සම්පූර්ණ කළේ නැත.

බංගලි ක්‍රීඩිකාවන් ලකුණු 203ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන්නේ සන්සුන්ව සැලසුම් සහගතව බව මුල් කාර්තුවේ දී පෙනුණි. ශර්මිනා අක්තර් ලකුණු 64ක් ලැබුවාය. ඇය තරගය අතර ආබාධයකට ලක් වී පිටියෙන් ඉවත් වූවාය. නායක නිගාර් සුල්තානා ලකුණු 77ක් ලබා අවසන් මොහොත වනතුරු කඩුල්ලේ සිටියාය.

49 වන පන්දු ඕවරය යවන්නට සුගන්ධිකා කුමාරි කැඳවන විට බංගලි කෙල්ලන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 12ක් ලබා ගත යුතු වූයේය. ඒ පන්දු 12ක් තුළය. ශ්‍රී ලංකාව පැත්තට තරගය හැරෙන බවට මූලිකම ලකුණු පහළ වන්නේ 49 වැනි ඕවරයෙනි. ඇය සිය ඕවරයේ 4 වැනි පන්දුවේ දී රිතූ මෝනි දවා ගන්නේ ඇය හොඳින් පන්දුවට පහර දෙමින් සිටියදී ය. එම පන්දු ඕවරයේ ඇය ලබා දෙන්නේ ලකුණු 03ක් පමණි.

ආශ්චර්යය

නියත පරාජයේ අඳුර පහළ කර තිබූ තරගයක් අවසාන පන්දු ඕවරයේ දි ජයග්‍රහණයකට පරිවර්තනය වන්නේ  විශ්වාස කළ නොහැකි ක්‍රීඩා විලාශයක් සමගය. බංගලාදේශයේ  බිඳවැටීම තිගස්වන සුළු විය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් මොහොතේ  සාධනය කරගත්තේ  කළේ කිසිවෙක් ප්‍රාර්ථනා නොකළ යථාර්ථයකි.

අවසාන පන්දු ඕවරයේ කඩුළු 05ක් අතැතිව ලකුණු 09ක ඉලක්කයක් ජයග්‍රහණය සඳහා බංගලාදේශ කණ්ඩායම ලබා ගත  යුතුව තිබිණි. ඒ වනවිටත් ලකුනු 77ක් සහිතව නිගාර් සුල්තානා එක් අන්තයකය.  චමරී අතපත්තු ඒ වනවිටත් පන්දු යැවීමේ දී හොඳ හැටි ගුටිකා තිබිණි. ඇය යැවූ පන්දු ඕවර 09 තුළ බංගලි ක්‍රීඩිකාවෝ ලකුණු 41ක් ලබා ගත්හ.  එවන් පරිසරයක අවසන් පන්දු ඕවරය යැවීම  චමරී අතපත්තු තමන් විසින්ම භාර ගත්තාය.

ඉන් අනතුරුව සිදුවන්නේ මුළු තරගයම කණපිට පෙරලීමකි. දුවද්දී දැවී යෑමක් සමග බංගලාදේශ ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් අවසන් ඕවරයේ පළමු පන්දු 4 තුළ දවා ගන්නට චමරී අතපත්තු සමත් වූවාය. ඕවරය නිමා වන විට ඇය ලබා දී තිබුණේ එක් ලකුණක් පමණි.  තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 07කින් ජය ගත්තේය.

චමරිගෙන් ශ්‍රී ලංකා කණඩායම ගලවා ගනිමු –

චමරී සිය පන්දු යැවීමේ ඉතිහාසයේ හොඳම අවස්ථාව වාර්තා කළාය. ඇය ලකුණු 42කට කඩුළු 04ක් ලැබුවාය.

මේ ජයග්‍රහණය මේ ලෝක කුසලාන තරගාවලියේ විචිත්‍රම ජයග්‍රහණය වූ බව ලියා තැබිය යුතුය. ක්‍රිකට් අවිනිශ්චිත ක්‍රීඩාවක් බව සැබෑය. එහෙත් එහි මහා පුදුම දකින්නට ලැබෙන්නේ නැත.  ක්‍රිකට් පුදුමයක් කළ අවස්ථාව සජීවීව  දැක ගැනීමට මේ ලියන මටත් හැකි වූයේ නැත. තරගය පරාදවන බව පෙනෙන   අවස්ථාවේ දී ටී.වී.එක ඕෆ් කර දැම්මේය.  පැය බාගයකින් නැවත ලකුණු සටහන පරීක්ෂා කරද්දී අප මැච් එක දිනාගෙනය.

සජීවීව එම අවස්ථාව දැක ගැනීම  ගිලිහී යෑම සම්බන්ධව තවමත් පසුතැවීමක් ඇත. තවත් පසු තැවීමක් තිබේ. තවමත් ශ්‍රි ලංකා කන්ඩායම යනු චමරි අතපත්තු වීමය. චමරීගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගලවා ගත යුතුය. ඇය නැතිව මැච් දිනවන ශ්‍රී ලංකා කණ්ඩායමක් ගැන සිහිනයක රටක් ලෙස අපි පසුවෙමු.   චමරී ගේ සිහිනයත් එය වනු ඇතැයි අපට විශ්වාසය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

Next Post

අභ්‍යන්තර ස්ථාන මාරු බුරුතු පිටින්… සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර කටයුතු අවුල් ජාලයක් වෙයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.