බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයෙ මාස ගාණකට මේ අඩවියට සතෙක් එන්නෙ නෑ… උන් යාලට කෙළියා මහත්තයෝ!

යාල වනෝද්‍යානයට ආදරය කරන මිනිස්සු ලංකාසරට කී කතාව...

by editor
ඔක්තෝබර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

යාල ජාතික වනෝද්‍යානයේ සියලුම නෛතික ප්‍රමිතීන් බිඳ දමමින් යාල බ්ලොක් 01 හි  වැලි ආර ගල් තලාව ආශ්‍රිිත තැනිබිමේ සෆාරි ජිප් රථ හතලිහක් යොදාගෙන දැවැන්ත විනාශයක් සිදුකළේ  ජිප් රථ නවීකරණය කරන ලංකාවේ සුප්‍රකට සමාගමක්   බවත් එම සමාගම වාර්ෂිකව යාලට පැමිණ තමන් අලුත්වැඩියා කළ වාහනවල නිවැරදි බව සිය සේවා දායකයින් ඉදිරියේ තහවුරු කරන්නේ මේ ආකාරයෙන් බවත්  හෙළි වී ඇත.

මින් පෙර වසරවල මේ ජෝගිය සිදුවූයේ යාල බ්ලොක් 02 කලාපයේ බව ද එම කාලාපය  දැඩි ලෙස මිනිස් ඇසුර පාලනය කර ඇති හෙයින් මෙතුවක් කල් මේ ජොගියෙන්  සිදුවූ විනාශය හෙළිදරවු වී නොතිබුණු බවද  වාර්තා වේ.

රථ පෙළ වැලි ආර තැන්න තෙක් ගමන් කරන ආකාරය…

යාල ප්‍රවේශයේ සිට කිලෝ මීටර දෙක්ක දුරින් වැලි සිදුකළ මෙම දැවැන්ත විනාශය සිදුවන්නේ යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන කාර්යාලයට කිලෝමීටර් තුනක් නුදුරු සීමාවේ බැවින්  ජිප් රථ 40කින් නැගෙන ඒ මහා ඝෝෂාව එම කාර්යාලයට හා උද්‍යාන භාරකරුට නොඇසීම පුදුමයක් යැයි  මේ සම්බන්ධව ලංකාසරට අදහස් දක්වමින් යාල සෆාරි රියදුරෝ පැවසූහ.

සිද්ධිය සම්බන්ධව ලංකාසරට අදහස් දක්වමින් යාල  ස්වාධීන සෆාරි ජීප්  රථ සංගමයේ සභාපති පී.ඩී. කීර්ති පැවසුවේ ඊයේ උදේ 10 සිට සවස 06ත් පසුවන තුරු සිදුකළ මේ අපරාධය වගකිවයුත්තන්ට ආරංචි නොවීම පුදුමයක් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ මේක ජාතික වනෝද්‍යානයක්. අපිට මේ වනෝද්‍යානයේ පාරවල්වලින් පිට අඩියක් එළියට තියන්න තහනම්. ඒක එහෙම තමයි වෙන්න ඕන. මේ අභය භූමියේ කුඩා ගස් පඳුරු අතරේත් කුඩා සත්තු ඉන්නවා. කුරුල්ලො බිත්තර දාලා තියනවා. ඔවුන්ගෙ භූමියට ඇතුළුවෙන්න අපට කිසිම අයිතියක් නෑ. “

ඒත් මේ මිනිස්සු මොනවද කළේ. මුලු භූමියම විනාශ කරලා දැම්මා. අක්කර ගානක තැනි බිමක් ඒක. එහෙම අපරාධයක් කරන්න සාමාන්‍ය මනුස්සයෙකුට බෑ.

අපි දන්නවා ඒ කණ්ඩායමත් එක්ක වනජීවී එකේ ට්‍රැකර්ස්ලා 06ක් හිටියා. ඒ මිනිස්සු නිහඬවෙලා ඉන්න බලපෑමක් වෙන්න ඕන. “

“මේ වෙච්චි අපරාධය භූමියට විතරක් සිද්ධ වුනේ නෑ. ඔය ගල්තලාව හරිම ප්‍රසිද්ධයි කොටින් දකින්න. එතන කාලයක් තිස්සෙ ඉඳන් කොටිය පැටව් දෙන්නත් එක්ක ඉන්නවා. “

“ඒ වගේම මුවෝ වගේ සත්තු ඉන්නවා. මේ විදිහෙ දැවැන්ත සද්ද එක්ක ඒ සත්තු ආයෙ මාස ගණනකට මේ පැත්තටවත් එන්නෙ නෑ. ලොකු සත්තු අඩවියෙන් ඈතට යනවා.  මේ මිනිස්සු කළේ ඒ වගේ අපරාධයක්. “

සභාපතිවරයා අපට කීවේය.

ජිප් රථ ජෝගිය…

වාර්තාවන පරිදි මේ පුද්ගලික ආයතනය මෙම ක්‍රියාකාරකම සෑම අවුරුද්දකම කරන්නේය. ඒ යාල බ්ලොක් 2වලය. බ්ලොක් 2ට ඇතුළු වීමට   උදේ 9ට පෙර යාලට පැමිණිය යුතු වුවද එසේ පැමිණීමට  නොහැකි වූ බැවින් මෙම වාහන ජල්ලිය බ්ලොක් 01 හි දෙනෝ දාහකට පෙනෙන සේ සිදුකර ඇත.

පසුගිය වසර වල බ්ලොක් 02 හි අප්‍රකටව සිදුකළ මේ ජිප් රථ ජෝගිය මොනවා කළා දැයි කිසිවෙක් දන්නේ නැත. එය  ප්‍රසිද්ධ වූයේ    යාල බ්ලොක් 01හි උද්‍යාන පාලක කාර්යාලයටත් නුදුරින් සිදුවීම නිසා බව සභාපති කීර්ති කීවේය.

“  හෙට උදේ   සුද්දො 80ක් එනවා පාර්ක් එකට. කොවිඩ් කාලෙන් පස්සෙ යාලට එන ලොකුම විදේශික කණ්ඩායම. අපි උත්සාහ කළා මේ කණ්ඩායම   පදනම්ගට එක්ක   ගිහින් ඒ ගල්තලාවෙ ඉන්දවලා  ගිහින් බීම එකක්  දීලා ඔවුන්ව පිළිගන්න. ඒක සංගමයෙන් සූදානම් කළ ඉවෙන්ට් එකක්. ඒක කරන්න තහනම් කිව්වා. පාරෙන් එළියට යන්න බෑ කිව්වා. අපිට එහෙම කියමින් තමයි මේ ඩිෆෙන්ඩර් කාරයින්ට යාල විනාශ වෙන්න අරින්නෙ.“ ඔහු  කීවේ එසේය.

වනජීවී ඇමතිවරයා මේ සම්බන්ධව කියන්නේ තමන් මේ ගැන නොදන්නා බවය. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් පවසන්නේත් මේ සම්බන්ධව කිසිම දැනුම්වත් කමක් නැති බවය. සියලු දෙනා විෂයෙහි නිතිය ක්‍රියාත්මක කරන බවය. උද්‍යාන පාලකවරයාත් පැය 08ක් තිස්සේ සිය කාර්යාලය අසල නටපු මේ ජෝගිය දන්නේ නැතැයි පවසා ඇත. ඒ පිලිබඳව දැනගැනීමට අප ඔහුගේ ජංගම දුරකථනයට කතා කළත් එය ප්‍රතිචාර දැක්වූයේ නැත.

“කොතැනක හරි හයියක් තියනවා . නැතිව මේ නිලධාරීන් ගොළුවො බීරො කරලා මේ අපරාධය කරන්න බෑ. උන් යාලට කෙළියා මහත්තයො“

යාල වනෝද්‍යානයට ආදරය කරන, මේ අපරාධය සියැසින් දුටු තරුණයෙක්  අපට පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාන් ගෙඩියක බර සහ උපරිම මිල ඉක්මනින් ගැසට් කරන්න !

Next Post

මාස 02යි… අගමැතිලා 03යි… බ්‍රිතාන්‍ය අගමැති පුටුව ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනක්ට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.