මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීම සඳහා සරළ බහුතරය තහවුරු කරගැනීම වෙනුවෙන් ආණ්ඩුව මේ වනවිට කටයුතු කරමින් සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
පසුගිය දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී විජේදාස රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන හා කෙහෙළිය රඹුක්වැල්ල විදේශ ගමන් සඳහා කළ ඉල්ලීමට ජනාධිපතිවරයා අවසර ලබා දී නැති අතර ලබන 24 වැනිදා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන්, මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුව ගර්භය තුල සිටිය යුතු බවට ද උපදෙස් දී ඇතැයි හෙළි වේ.
මහජන උපයෝගීතා කොමිසමේ සභපතිවරයා ඉවත්කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට පොදුජන එක්සත් පෙරමුණ එකඟ වී ඇත. සමගි ජන බලවේගය සහ ආණ්ඩුවෙන් වෙන් වූ විපක්ෂ කණ්ඩායම් විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.