බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ වෘත්තීය සමිති නායක ජයලාල් කියන විදිහට බෝනස් දෙන්න බෑ… ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය සේවක බෝනස් නවත්වයි!

by editor
දෙසැම්බර් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගයට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය ඉල්ලා සිටින ආකාරයට සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා දීමට නොහැකි බවත් මේ වසරේ ප්‍රසාද දීමනා ලබා නොදීමට  ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ තහවුරු කළේය.

මෙම වසරේ ලංකා විදුලිබල මණ්ඩලය විශාල ලාභයක් ලැබුවද, එම මුදල් ණය ආපසු ගෙවීම් සහ විදුලිබිල අඩු කිරීම සඳහා යොදවා ඇති බව එහි අධ්‍යක්ෂ මණ්ඩලය අවධාරණයෙන් ප්‍රකාශ කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය. අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ ජාතික ජන බලවේගයට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය විසින් ප්‍රසාද දීමනා ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කර සිටින පසුබිමකය.

එම සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා විදුලි සේවයකයින්ට ප්‍රසාද දීමනා අවශ්‍ය බව කීවේ මෙසේය.

“ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ ප්‍රසාද දීමනාව ගැන කියනවා නම් ඉතාම පැහැදිලියි. දැන් මේ ආයතනය ලාබ ලබන නිසා එය සේවකයින්ට ලබා දෙන්න ඕන. 10ට පෙර මේක දෙන්න. නත්තල 25.. රජය නියෝජනය කරන වෘත්තීය සමිති ව්‍යාපාරයට පාරට බැහැලා දියව් ගනිව් කියලා කියන්න ඕන කමක් නෑ. මේ අපේ ආණ්ඩුව. අපි හදපු ආණ්ඩුව. ඒ ආණ්ඩුව මේක දෙන බව අප දන්නවා. අපි ඒ ආණ්ඩුවට මතක් කරනවා. අපි බෝනස් එක ගන්නවා.” රන්ජන් ජයලාල් අනිවාර්යයෙන් සේවකයින්ට ලැබෙන බෝනස් එකක් ගැන කීවේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

කෙසේ වෙතත් එම ප්‍රසාද දීමනාව ලබා නොදීමට විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මේ වනවිට තීරණය කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ උපුටා දක්වමින් අද දෙරණ වාර්තා කරන්නේ විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනාවක් ලබා නොදීමට මේවන විටත් එහි අධ්‍යක්ෂ මණ්ඩලය අවසන් තීරණයක් ගෙන ඇති බවය.

ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේදී විශාල ලාභයක් ඉපයුවද ඉන් රුපියල් බිලියන 112ක්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන වෙත ණය ආපසු ගෙවීම් ලෙස වැයකර ඇති බවද,  2024 වසරේ විදුලිබල මණ්ඩලය ලැබූ ලාභයෙන් ඉතිරි වූ රුපියල් බිලියන 41ක මේ වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට යෙදවූ බවද ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සද්ද දමා හමුදා කඳවුරු ඉවත් කරගෙන එක දවසයි… මුලතිව් අක්කර 80ක තේක්ක කැලෑව එදා රෑම සුද්දයි…

Next Post

අපි පිනට මත් පැන් බලපත්‍ර බෙදුවේ නෑ…. විනිවිද භාවයකින් යුතුව ජාතික ආදායම වැඩි කරන්න උපායක් දියත් කළා… බාර් ලයිෂන් ගැන රනිල් කියයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.