දිනසේන රතුගමගේ –
මුලතිව් පුදුකුඩීඉරිප්පු මන්නාකන්දල් හා වසන්තපුරම් යන ප්‍රදේශ වලින් යුද හමුදාව ඉවත් වීමත් සමගම එම ගම්මාන වලට මායිම්ව තිබූ අක්කර 80 ක තේක්ක වගාව දැව ජාවාරම්කරුවන් විසින් 8 දා කපා දැව රැගෙන ගොස් තිබේ.
මෙම ඉඩම් මුලතිව් ප්‍රදේශයේ වැසියන්ට අයත් ඉඩම් නිසා යුද හමුදාව එම ඉඩම් වලින් ඉවත් වී වෙනත් රජයේ ඉඩමක් වෙත ගොස් තිබේ.
යුද හමුදාව ඉවත් වූ ඉඩම් ආපසු ජනතාවට ලබා දීම පිණිස රජයේ නිලධාරීන් වෙත බාර දී ඇති අතර එසේ බාර දුන් දිනයට පසු දිනයේම රජයේ රක්ෂිත වනයේ වූ තේක්ක වගාව මුලුමනින්ම කපා දමා තිබේ.
රජයේ රක්ෂිත වනය තුළ මෙම තේක්ක වගාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ වගා ව්‍යාපෘතියක් වශයෙන් සිටුවා තිබූ අතර යුද හමුදා කදවුර නිසා එම තේක්ක වගාවට පූර්ණ් ආරක්ෂාවක් ලැබී තිබුණි.
මේ පිළිබදව මුලතිව් අඩවි වන නිලධාරී කාර්යාලය පුදුකුඩීඉරිප්පු පොලීසියට පමිණිලි කොට තිබේ.







