බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ ජනාධිපති ඡන්දයට අරමුදල් එකතු කරන ප්‍රීමා සෙරන්ඩිබ් පිටි සමාගම්වල මාෆියාව අනුර පාර්ලිමේන්තුවේ දී  හෙළි කරයි…

by editor
ජූලි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක වෙළෙඳපලේ තිරිගු පිටි මිලත් තිරිගු ඇට මිලත් අඩුවී තිබෙන පසුබිමක, තුර්කියෙන් ආනයනය කළ තිරිගු පිටි  කිලෝවක් රුපියල් 35ක බද්දක් සහ ලාභයක් ද සහිතව රුපියල් 160ක මිලකට අලෙවි කළ හැකි වටපිටාවක ප්‍රීමා සහ සෙරෙන්ඩිබ් සමාගම් සඳහා රටේ තිරිගු පිටි ඒකාධිකාරියක් ලබා දී රුපියල් 210ක් දක්වා මිලකට පිටි අලෙවි කිරීමට අවස්ථාව ලබා දී ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයක් සඳහා අරමුදල් එකතුකිරීමේ ව්‍යාපෘතියක් ලෙසින් බවත්, බහුජාතික ප්‍රීමා සමාගම සෑම ජනාධිපතිවරණයක් සඳහාම මෙතෙක් සල්ලි පොම්ප කළ ප්‍රධානම ආයතනය බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

27/2 යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් අනුර කුමාර දිසානායක කීවේ මේ වනවිට තුර්කියෙන් ආනයනය කරන තිරිගු පිටි කිලෝවක් කොළඹ වරායට රැගෙන එන විට මිල රුපියල් 110ක් පමණක් බවය. තිරිගු පිටි ආනයේ දී රුපියල් තිස් පහක බද්දක් ද අය කරන බැවින් එම බදු මුදලත් සමග පාන් පිටි කිලෝවක් රුපියල් 160කට විකිණිය හැකිව තිබිය දී ආනයන බලපත්‍ර  රහිතව තිරිගු පිටි ආනයනය නවත්වා ආනයන බලපත්‍ර නිකුත් කිරීම නතර කර ප්‍රීමා සහ සෙරෙන්ඩිබ් සමාගම් වෙත පිටි ඒකාධිකාරියක් නිර්මාණය කර දීම පිළිබඳව මන්ත්‍රීවරයා විමසුවේය.

“2023 ජනවාරි යේ දි තිරිගු පිටි මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 535යි . පෙබරවාරියේ දී 510. මාර්තුවේ 490යි. අප්‍රේල් 440යි.  මැයි 377යි. ජුනි සහ ජූලිවල දී පිටි මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකන් ඩොලර්  355යි.  ලෝක වෙළෙඳපලේ පිටි මිල ජනවාරියට සාපේක්ෂව තුනේන එකක් දක්වා පහළ වැටී තිබෙනවා.”

ජනවාරියේ තිරුගු ඇට මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 310යි. පෙරවාරියේ දි 307යි.  මාර්තුවේ දී 302යි.  අප්‍රේල්වල දී  292යි.  මැයිවල 279යි.  ජුනි මාසයේ  245යි. ජුලිවල දී තිරිගු ඇට මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකන් ඩොලර් 238යි.

පිටිමිල වගේම තිරිගු ඇට මිලත් ලෝක වෙලෙඳපලේ කැපී පෙනෙන ලෙස අඩු වෙලා තියනවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජනවාරියේ දී   රුපියල්  342.46ක් ලෙස සටහන් වූ ඩොලරයේ අගය ජුලි මාසය වනවිට සටහන් වන්නේ රුපියල් 301.26ක් ලසෙයි.

ලෝක වෙළෙඳපලේ පිටි මිල අඩු වෙද්දි, තිරිගු ඇට මිල වැඩිවෙද්දී, රටේ ඩොලරයේ අගය අඩු වෙදිද් මේ පිටි සමාගම් දෙක අතිශය අයුතු  අසාධාරණ ලාභයක් ලබනවා.

එහි  වාසිය පාරිභෝගික ජනතාවට දෙන්නේ නෑ. ආණ්ඩුව ජු14  ගැසට් නිවේදනයක්  නිකුත් කර තිරිඟුපිටි ආනයනය නතර කරනවා. අනෙක් ආනයනික බලපත්‍ර ලබා දීම නතර කරනවා.

පිටි කිලෝ එකකට ආනයනික බද්ද ලෙස රුපියල් 35ක් ගහද්දි තිරිගු ඇට පිටි කරලා විකුණන පිටි සමාගම් දෙකට ගහන්නේ තිරිගු ඇට කිලෝවකට රුපියල් 03ක බද්දක් විතරයි.

ඔවුන් පිටි කිලෝවක් රට තුළ විකුණන්නේ රුපියල් 210ක මිලකට. මේ බව සාකච්ඡා කරන බව ආරංචි වෙලා ද දන්නේනේ නෑ ඊයේ රෑ බේකරි හිමියන්ට විතරක් ප්‍රීමා සමාගම  පිටි කිලෝවක් රුපියල් 10ක් මිල අඩු කළා.

මේ අයුතු ලාභය ලබන්න ප්‍රීමා සෙරෙන්ඩිබ් සමාගම්වලට මේ පගාව දුන්නේ කවුද?.

ඉතාම ජනප්‍රිය කාරණය තමයි මේ ප්‍රීමා ආයතනය ජනාධිපතිවරණ ඇතුළු  මැතිවරණවලට සල්ලි දෙන බව.

මේ තීරණය කැබිනට් මණ්ඩලයේ තීරණයක් නොවන බැවින් අගමැතිවරයා හෝ සභානායකවරයා ඇතුලු මෙතැන සිටින කැබිනට් මණ්ඩලය වගකිව යුතු නැති බව කී අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ සාගල රත්නායක මේ සම්බන්ධව ප්‍රශ්න කළ යුතු බවය.

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඔහුගේ රාජකාරිය කරගෙන නොගොස් මුදල් අමාත්‍යාංශයේ බදු තීරණය කිරීමේ බලය ගෙන ඇති බවත් එම බලය ඔහුට ලැබුනේ කෙසේදැයි විමසියිය යුතු බවත් මන්ත්‍රිවරයා කීවේය.

මෙම සමාගම් දෙක දේශිය සමාගම් නොව, බහුජාතික සමාගම් බව කී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඔවුන් කරන්නේ රටේ වත්කම් ප්‍රමාණය ඩොලර් කර පිට රටට පොම්ප කරන එක බව පෙන්වා දුන්නේය.

එවැනි අවස්ථාවක මේ ආකාරයේ බදු සහන ඔවුන්ට ලබා දී රටේ ජනතාවගේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල  වැඩිවන ආකාරයේ තීන්දු ගනිමින් තිරිගුපිටි ආනයනයේ දී රජයට හිමිවන පිටි කිලෝවක් සඳහා රුපියල් 35ක ආනයන බද්ද ද නැති කරගන්නේ කුමක්නිසා දැයි ප්‍රශ්න කළේය.

“අවම වශයෙන් ලෝක වෙළඳපලේ  තිරිගු පිටි මිල අඩුවීමේ වාසිය ජනතාවට දෙන්න කියලා මේ සමාගම් දෙකට  කියන්නත් ආණඩුව බය ද කියලා සැකයක් ඇති වෙලා .තියනවා. “

1 ලෝක වෙළඳපලේ තිරිගු පිටි මිල අඩුවෙමින් තිබිය දී පිටි ආනයනය  නතුර කර දැමුවේ කවර හේතු නිසා ද?

2 ප්‍රකාශ කර ඇති පරිදි තිරිගු පිටි ආනයනය සඳහා ආනයන බලපත්‍රනිකුත් කරන්නේ ද? එම බපත්‍ර ලබා දෙන කමවේදය කුමක්ද?

3 ලෝක වෙළෙඳපලේ තිරිගු පිටි මිල සහ තිරිගු ඇට මිල ක්‍රමිකව වේගයනේ අඩු වී තිබිය දී  තිරිගුපිටි ආනයනය හේතුවෙන් වෙළඳපල ඒකාධිකාරියක් ගොඩනැගුන බවත් පාරිභෝගිකයාට අසාදාරණයක් වූ බවත් පිළිගන්නේ ද,

4 ජනතාවගේ අත්‍යවාශ්‍ය ආහාර හා බැඳුන මෙම කරුණු සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය මැදිහත්වීම් කිරීමට කටයුතු කරන්නේ ද? ඒකාධිකාරියෙන් පාරිභෝගිකයා බේරා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන්නේ ද?

මන්ත්‍රීවරයා මෙම ප්‍රශ්නවලට හැකි ඉක්මනින් විෂය භාර ඇමතිවරයාගෙන් පිළිතුරු විමසුවේය.

“ පිටි කිලෝ ග්‍රෑම් එකට රුපියල් 35ක බද්දක් ගැහුවා. ඒ සමාගම් දෙක ආරක්ෂා කරලා දෙන්න. සමාගම් දෙකට ගැහුවේ  ඇට කිලෝ එකට රුපියල් තුනක බද්දක්.”

“මේ දේශීය කර්මාන්ත නෙමෙයි. බහුජාතික සමාගම්.  දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කිරීාමේ න්‍යායයක් නෑ කිසිසේත්ම. “

“මේ වෙන්නේ ජනාධිපති ඡන්දය සඳහා අරමුදල් හැදීම.   මේකයි එකඟතාවය. මේ අය හැම ජනාධිපති ඡන්දයකටම සල්ලි පොම්ප කරපු අය. විශේෂයෙන්ම ප්‍රීමා ආයතනය. ඒක නොදන්න කෙනෙක්  නෑ. “

“මේ පිටි අධික මිලකට පාරිභෝගික ජනතාවට ගන්න වෙලා තියෙන්නේ ඊලඟ ජනාධිපතිවරණයට අරමුදල් එකතු කිරීමේ කැම්පේන් එක නිසා.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උස් ස්ථානයකින් ඇද වැටී සිදුවූ බහුවිධ තුවාල නිසා  ඩෙන්මාර්ක් කාන්තාවගේ මරණය  සිදු වෙලා…

Next Post

ළමා රෝහලේ  බාහිර රෝගී අංශයේ වැඩ වර්ජනයක් සිද්ධ වුනේ නෑ… රෝහල් අධ්‍යක්ෂ කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.