බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවත් නිරුවත් කරන දෙහිවල පොලිසියේ පොලිස් කුපාඩිකම්වල කෙළවර කොතැන ද?

by editor
ජූලි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පළවෙනි කතාව

මේ අවුරුද්දේ ජනවාරි 01 වැනිදා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වු ශ්‍රීයානි විජේසිංහගේ සැමියා දෙහිවල නීතිඥ බිරියකගේ සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී සැමියෙකුගේ ගෙවත්තේ දි සිදුවූ නොදන්නා සිදුවීමක් කෙළවර  මරා දමා තිබුණේය. මේ පුද්ගලයා මරා දමා තිබුණු බව අප කියන්නේ උසාවියට ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය වාර්තාව පදනම් කරගෙනය. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ මොට ආයුධයකින් මිය ගිය පුද්ගලයාට බරපතල ලෙස පහර දී ඇති බවත් එම පහරදීම් මාරාන්තික බවත්ය.

මේ වනවිටත් එම නඩුව විභාග වෙමින් ඇත. අප දකින්නේ මිනීමැරුමක් විය හැකි මේ සිද්ධිය වසා දමා විත්තිකරුවන් ගොඩ දාන්නට දෙහිවල පොලිසියේ ඕඅයිසී ප්‍රමුඛ නඩය නිල ඇඳුමෙන් අමුඩය ගසාගෙන උසාවය ඇතුළේත් කරන නින්දිත උත්සාහය ය.

මේ ජඩ ප්‍රයත්නය පිළිබඳව ඉදිරියේ දී සියලු සාක්ෂි සහිතව අප විසින් හෙළිදරවු කරන බව දෙහිවල පොලිසියට කල් තබා දැනුම්වත් කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බව ද ලියා තබමු.

සැමියා අහිමි ඒ අසරණ ගැහැණිය වෙනුවෙන් කිසිම ආර්ථික ප්‍රතිලාභයකින් තොරව මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉදිරිපත් වී සිටින්නේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රතිභා ගීත්ම ප්‍රනාන්දුය. ඔහු සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ රජී වසන්ත වෙල්ගමත් ඇය වෙනුවෙන් පෙනී සිටින්නේය.

දෙවැනි කතාව

මේ කතාව කියන්නේ බීබීසී සිංහල සේවය ය. දෙහිවල පොලිසියේ මනෝ ව්‍යාධිය යළිත් වරක් රටට පමණක් නොව ලෝකයටම පෙන්වන මේ කතාවේ වින්දිත තරුණයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන දැන් මාස 09ක් තිස්සේ ඉන්නේ බන්ධනාගාරගතවය. තරුණයෙකුට කර ඇති මේ අපරාධය මරණයට නොදෙවෙනිය.  මේ ඉහිලුම් නොදෙන අපරාධය කරන්නේත් දෙහිවල පොලිසියේ ඕඅයිසී ය. ඔහු විසින් මෙහෙයවන පොලිස් නඩය ය. පොලිසිය බොරු සාක්ෂි ගොතා තිබිණි. ඒ අපරාධය මානව හිමිකම් නඩුවක් ලෙස ද ඉදිරියේ එනු ඇත.  මෙහි දී ද වින්දිත පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී ඉන්නේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රතිභා ගීත්ම ප්‍රනාන්දුය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මේ අපරාධය බීබීසී සිංහල සේවය වාර්තා කර තිබුණේ මෙසේය. එය ඒ අයුරින්ම සටහන් කර තබමු.

බී.බී.සී හෙළි කරන කතාව

සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූ බව දක්වමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් අත්අඩංගුවට ගත් තරුණයෙක් මාස 9කට ආසන්න කාලයක් සිරගත කර සිටී.

මාවනැල්ලේ පදිංචි, මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් නමැති 21 හැවිරිදි තරුණයෙකු දෙහිවල පොලිසිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරමින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ය.

ඒ, ඊශ්‍රායල් ධජය පාගාගෙන සිටින වීඩියෝවක් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පළ කළ බවට චෝදනා කරමිනි.

ඊශ්‍රායල් විරෝධී ස්ටිකර් ඇලවීම හේතුවෙන් මොහොම් රුෂ්ඩි නමැති තවත් තරුණයෙකු ද මීට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරමින් අත්අඩංගුවට ගෙන රඳවා සිටි අතර ඔහු මේ වන විට අධිකරණයෙන් ඇප මත මුදාහැර තිබේ.

‘මෙයාව අත්අඩංගුවට ගත්තා අයිඩෙන්ටිය නෑ කියලා’

2024 ඔක්තෝබර් මස 23 වන දා මොහොමඩ් සුහායිල් දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, දෙහිවල ප්‍රදේශයේදී ය. ඒ, ගුවන් කාර්ය මණ්ඩල (cabin crew) පාඨමාලාවක් හදාරමින් සිටින අතරතුර නවාතැනක් සොයමින් සිටි අතරවාරයේදී ය. ජාතික හැඳුනුම්පත සන්තකයේ නොමැති බවට චෝදනා කරමින් ඔහු පොලිස් භාරයට ගෙන තිබූ බව ඔහුගේ පියා වන මොහොමඩ් රිෆායි බීබීසි සිංහල වෙත පැවසීය.

“පුතා කෝර්ස් එක කරන හින්දා ඉන්න රූම් එකක් හොයන්න දෙහිවලට ගියා. ඔක්තෝබර් 23 වෙනිදා හවස 3ට විතර මෙයාව අත්අඩංගුවට ගත්තා අයිඩෙන්ටිය නෑ කියලා. ඊට පස්සේ මට කෝල් එකක් දුන්නා දෙහිවල පොලිසියෙන්. මම දෙහිවල පොලිසියට වට්ස්අප් එකෙන් යැව්වා පුතාගේ අයිඩෙන්ටිය. මට කිව්වා අවුලක් නෑ හවසට එන්න අවුලක් නැහැ පුතාව එක්කන් යන්න පුළුවන් කියලා. ඊට පස්සේ 23 රෑ අයිඩෙන්ටිය අරගෙන ගියා ම කිව්වා ඕඅයිසී මහත්තයා අද නෑ උදේ තමයි යවන්න වෙන්නේ කියලා. ඔක්තෝබර් 24 උදේ මෙයාව ගල්කිස්ස උසාවියට දැම්මා. උසාවියට දැම්මා ම නිදොස් කොට නිදහස් කළා.”

අධිකරණයෙන් නිදහස් කළ දිනයේ ම නැවත අත්අඩංගුවට

එදින තම පුතු සමග රාත්‍රී 9ට පමණ මාවනැල්ලේ පිහිටි තම නිවසට එන විට දෙහිවල පොලිසිය තම පුත්‍රයාව අත්අඩංගුවට ගැනීමට පැමිණ සිටි බව මොහොමඩ් රිෆායි සඳහන් කළේ ය.

“මම ඇහුවා උසාවියෙන් නිදහස් කළා නේ, ඇයි ආවේ කියලා. මෙයාගේ කටඋත්තරයක් අරන් උදේ 6ට එවනවා කියලා කිව්වා. මම කිව්වා උසාවියෙන් නිදහස් කරපු කෙනෙක් එහෙම එක්කගෙන යන්න බෑනේ, මම කිව්වා මාවනැල්ල පොලිසියේ ඕඅයිසී ගාවට එක්කගෙන ගිහින් එහෙන් එක්කගෙන යමු කියලා. එහෙම ඕනේ නෑ මාවනැල්ල ඕඅයිසීට කෝල් එකක් දෙන්නම් කියලා දෙහිවල ඕඅයිසී කෝල් එකක් දුන්නා. ඊට පස්සේ මාවනැල්ල ඕඅයිසී කිව්වා පුතාව බය නැතුව යවන්න හෙට උදේ ම එවයි කියලා.”

ඔක්තෝබර් 24 වන දා සිය පුතු දෙහිවල පොලිසියට රැගෙන යාමෙන් පසු ඔක්තෝබර් 25 වන දා පුතා ආපසු රැගෙන ඒමට ගිය ද, පොලිසිය මොහොමඩ් සුහායිල් නිදහස් කර නොමැති අතර ඉන් දෙදිනකට පසු එනම් ඔක්තෝබර් 27 වන දා වැඩබලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කළ බව මෙහොමඩ් රිෆායි කියා සිටියේ ය.

බන්ධනාගාරගත කළ මොහොමඩ් රිෆායි නැවත ඉදිරිපත් කර ඇත්තේ, ඊට පෙර ඔහුව නිදහස් කරන ලද ගල්කිස්ස මහේස්ත්‍රාත් වෙත ය. එදින අධිකරණයේ සිදුවු දේ ඔහුගේ පියා මෙලෙස විස්තර කළේ ය.

“ඒ විනිසුරුවරිය පොලිසියෙන් ඇහුවා මෙයාව මම නිදහස් කළේ ආයේ කොහොම ද ඇල්ලුවේ කියලා. පොලිසිය කිව්වා 25 ආයේ මෙයා දෙහිවල ඇවිල්ලා හිටියා දෙහිවලින් තමයි ඇල්ලුවේ කියලා බොරු කේස් එකක් දැම්මා.”

නීතිඥ ප්‍රභාත් ගීත්ම ප්‍රනාන්දු කියන කතාව

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් මොහොමඩ් සුහායිල් දෙවන වරට දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහු තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඊශ්‍රායල් ධජය පාගා ගෙන සිටින වීඩියෝවක් බෙදා ගැනීම හේතුවෙන් බව ඔහුගේ නීතිඥ ප්‍රතිභා ගීත්ම ප්‍රනාන්දු බීබීසී සිංහල වෙත පැවසීය.

ඊශ්‍රායල් තානාපති කාර්යාලයට අනුබද්ධව දෙහිවල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පැවසුව ද, ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාවනැල්ලේදී බව මොහොමඩ් සුහායිල්ගේ දෙමව්පියන් පවසන බවත් ඊට අදාළ වීඩියෝ ද ඔවුන් සතුව පවතින බවත් නීතිඥවරයා සඳහන් කළේ ය.

“මෙයාව ගේනවා ඊට ඉස්සෙල්ලා AR රිපෝර්ට් එකකින් අයිඩෙන්ටිටි නැතුව දෙහිවල හිටියා සැකපිට අරන් ආවා කියලා. මම ඇප්ලිකේෂන් එකක් කළා දැන් අයිඩෙන්ටිය ගෙනාවා, කිසි ම වැරැද්දක් අනාවරණය වෙලා නැහැ කියලා. ඒ වෙලාවේ හිටපු විනිසුරුවරිය බැනලා එයාව රිලීස් කළා. ඇපයක්වත් දුන්නේ නැහැ, නඩු පවරන්න අදාළ නැහැ කියලා රිලීස් කළා. ඒ ඔරොප්පුව තමයි දෙහිවල පොලිසියට තිබුණේ.”

‘කිසි පදනමක් නැතිව මේ මොහොත වෙනකම් තියාගෙන ඉන්නේ’

දෙහිවල පොලිසිය මගින් මොහොමඩ් සුහායිල් සම්බන්ධව වරදක් අනාවරණය නොවන බවට වැඩිදුර වාර්තාවකින් අධිකරණයට දන්වා ඇති බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහේස්ත්‍රාත්වරයා වෙත ඇප ලබා දීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් නීතිපති උපදෙස් ලැබෙන තුරු ඔහුව බන්ධනාගාරගත කර සිටින බවත් නීතිඥ ප්‍රතිභා ගීත්ම පැවසීය.

“මෙයාව දැනට කිසි පදනමක් නැතිව මේ මොහොත වෙනකම් තියාගෙන ඉන්නේ. පොලිසියත් මෙයා සම්බන්ධයෙන් කිසි ම කරුණක් අනාවරණය කරගෙන නැහැ දැනට. ඒ පනත යටතේ නඩු පැවරීම කියන පදනම මත උසාවියට ඇප දෙන්න විදියක් නැහැ. නීතිපති උපදෙස් එනකම් කියන කාරණාව මත තමයි රිමාන්ඩ් භාරයේ ඉන්නේ.”

පොලිසියේ ප්‍රතිචාරය කුමක් ද?

දෙහිවල පිහිටි ඊශ්‍රායල් කොන්සියුලර් කාර්යාලය ආශ්‍රිත ප්‍රදේශයේ සැක කටයුතු ලෙස රැඳී සිටියදී මොහොමඩ් සුහායිල් අත්අඩංගුවට ගත් බව මෙම සිදුවීම පිළිබඳව කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුඩ්ලර් බීබීසි සිංහල සේවයට පැවසීය.

“මෙයා 2024 ඔක්තෝබර් 24 දින දෙහිවල ඊශ්‍රායල් කොන්සියුලර් කාර්යාල ප්‍රදේශයේදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. සැක කටයුතු ලෙස සිටිමේදී මෙයාව අත්අඩංගුවට අරන් තියෙනවා. වැඩිදුර විමර්ශන සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරලා මෙයා පිළිබඳ විමර්ශන කරන අතරතුර 2025.07.09 වන දින නඩු නැවත කැඳවන්න නියමිත යි.”

මොහොමඩ් සුහායිල්හට කිසිදු චෝදනාවක් නොමැති බවට පොලිසිය අධිකරණයට වාර්තා කර ඇති දැයි බීබීසී සිංහල සේවය විමසීය.

“ඒක ගැන හෙට අධිකරණ කටයුත්තකින් පස්සේ තමයි මට ලැබෙන්නේ ඒ වාර්තාව. ඒක ලැබුණාට පස්සේ අධිකරණයෙන් එන මග පෙන්වීම හා තීරණය මත ඉදිරි විස්තර ලබා දෙන්න පුළුවන්,” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.

මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මේ අතර, මොහොමඩ් සුහායිල් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද පසුගිය අප්‍රෙල් මාසයේදී පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබී ය.

“අපි හියුමන් රයිට්ස් එකේ අයව ගිහිල්ලා හම්බ වෙලා පුතාව අරන් ගිය වීඩියෝ එහෙම දුන්නා. පැමිණිල්ල විභාග කරනවා කියලා මේ මාසේ 23 වැනිදා එන්න කියලා තියෙනවා,” මොහොමඩ් සුහායිල්ගේ පියා බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තරගාවලිය දිනුම්…අවසන් තරගයත් ලකුණු 99කින් දිනුම්… ලෝක මට්ටමේ ශ්‍රේණිගත කිරිම්වලින් පියවරක් උඩට පැමිණි බංගලියනුත් දිනුම්…

Next Post

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශනයට එරෙහිව රජයේ විශේෂඥ වෛද්‍යවරු රෝගීන ප්‍රාණ ඇපයට ගෙන නිහඬ විරෝධයක…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.