සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආගම අනතුරේ ජාතිය අනතුරේ කියලා උලා කාලා ඉවරයි… මේ සැරේ ජනාධිපතිවරණයෙන් දැක්ක හොඳම දේ ඒකයි… අධිකරණ ඇමති අලි සබ්රි විමල්ලා ට කියයි!

by editor
සැප්තැම්බර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ආගම අනතුරේ ජාතිය අනතුරේ බවට ප්‍රකාශකරමින් අවුරුදු ගණනක් තිස්සේ රට උලා කෑ පිරිසගේ ජාතිවාදී මත තවදුරටත් වලංගු නොවන බව මේ ජනාධිපතිවරණයේ පෙනෙමින් ඇති බවත්, මේ රටේ මිනිසුන් ප්‍රථම වතාවට ආගම ජාතිය මත නොබෙදී පොදුවේ ශ්‍රි ලාංකිකයන් ලෙස ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීම ඉතාම සුභ දායක ලෙස තමා දකින බවත් අධිකරණ සහ විදේශ කටයුතු ඇමති අලි සබ්රි අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සත්‍ය සමගිය සහ ප්‍රතිසංවිධානය සඳහා වූ කොමිෂන් සභාව පිහිටුවිමට අදාල පනත් කෙටුම්පත පළමු වර කියැවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

එහිදී ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

මේ ජනාධිපතිවරණයේ දී හොඳ දෙයක් මම දැක්කා. පළවෙනි දේ තමයි ප්‍රථම වතාවට ජාතිය ආගම මත මිනිස්සු බෙදෙන්නේ නැතිව පොදුවේ ශ්‍රී ලාංකිකයන්ට තියන ප්‍රශ්න ගැන මේකේ කතා කරනවා.

මේකට සමහර අයට කැමති නෑ. හැබැයි මෙතෙන්ට තමයි අපි යන්න ඕන. අපි දිගින් දිගටම හිටියේ වෙන තැනක. මිනිස්සු කතා කරන්න ඕන ලාංකිය ප්‍රශ්න. මිනිස්සු කතා කරන්න ඕන පොදුවේ මේ රටේ ජනතාවට තියන ප්‍රශ්න. ආර්ථිකය, දූෂණය, වඩා දියුණු තාක්ෂණය ගෙනෙන විදිහ…

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

හැබැයි කාලයක් තිස්සේ අවුරුදු 25ක් තිස්සේ මේක උලාගෙන කාපු කට්ටියක් ඉන්නවා. ඒ ගොල්ල කතා කරන්නේ හැම වෙලාවෙම ජාතිය අනතුරේ ආගම අනතුරේ කියලා කෑ ගහන්න.

දැන් මේ අලුත් එකක් උස්සගෙන. සත්‍ය සමගිය සහ ප්‍රතිසංවිධානය සඳහා වූ කොමිෂන් සභාව පිහිටුවිමට අදාලව ගෙනෙන මේ පනතේ ඇති දෙයක් නෑ.

මේ පනතේ කිසිම තැනක කවුරුවත් මේ රටේ රණවිරුවන් පාවලා දෙන්න උත්සාහ කරන්නේ. අපිට එහෙම කරන්න තියෙන්නේ මොන ඔලුවේ අමාරුවක් ද?…

මේකෙන් අපි උත්සාහ කරන්නෙ දැනටමත් අප දන්නවා ජිනීවා හරහා එළියේ සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයක් තියන බව. අපි ඒකට මුලුමනින්ම විරුද්ධ වෙලා තියනවා. 2015 වර්ෂයේ රජය එකතු වෙලා ගත්ත තීරණයට එරෙහිව අප එළියට ඇවිත් තියනවා.

මේ රටේ විතරක් නෙමෙයි ටෲත් කමිෂන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. නේපාලයේ ක්‍රියාත්මක වුනා. පේරු රාජ්‍යයේ ක්‍රියාත්මක වුනා. දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වුනා. රටවල් 43ක විතර ක්‍රියාත්මක වුනා.

මේකෙන් උත්සාහ කරන්නේ මොකක්ද?… කාටවත් පිටරට ගිහින් මේකට ඇඟිලි ගහන්න දෙයක් නෑ. අප දේශීය යාන්ත්‍රණයක් තුළ මේ වැඩේ කරනවා කියලා පිටරට ඇඟිලි ගැසිම් වළක්වා ගැනීම.

මේක නොකලා නම් තමයි කියන්නේ මේකෙන් පීඩාවට පත් වුන අයට යන්න තැනක් නෑ   මෙහෙට (විදේශ මැදිහත්විමකට) හරි එන්න කියලා. හරියට කියෙව්වොත් මේක තේරුම් ගන්න පුලුවන්

දෙවැනි එක… මේකෙ කොතැනකවත් කොමිසමට දඬුවම් කිරීමේ බලයක් දීලා නෑ. මේකේ දීලා තියෙන්නේ මේ පිළිබඳව සොයා බලලා වාර්තා ඉදිරිපත් කරන්න.

මේ කොමිසම පිහිටුවීම දෙමළ පක්ෂවලිනුත් පිළිගන්නේ නෑ. එහෙම දෙයක් කරනවා නම් පැනලා ඇවිත් නවත්වන්න එපැයි. ඒ ගොල්ල කියන්නේ විදේශීය බලපෑම්වලින් බේරෙන්න ඒකෙන් වැලකෙන්න කරන බොරුවක් කියලා. ඔයගොල්ල කියනවා රණවිරුවන්ව දංගෙඩියට අරන් යනවා කියලා. ඒක වෙන්න බෑනේ.

රණවිරුවන්ව දංගෙඩියට ගෙන යනවා නම් දෙමළ පක්ෂ ඔක්කොම එකතු වෙලා අපට උදව් කරන්න ඕන. එහෙම වෙලා නෑ. ඒ ගොල්ල පිළිගන්නෙත් නෑ. මේ ගොල්ල පිළිගන්නෙත් නෑ. හේතුව මේක කිසිම අන්තයක නැතිව මධ්‍යස්ථව ඉඳලා අපේ ව්‍යවස්ථාව තුළ අපේ ප්‍රශ්න විසඳා ගන්න ක්‍රමවේදයක් ඉදිරිපත් කරන එක.

ඒක අද සම්මත වෙන්නෙ නෑ. ඊට විරුද්ධව ඔබට අධිකරණයට යන්න පලුවන්. ඒකට දවස් 07ක් තියනවා.

මේක තේරුම් ගන්න… මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කාටවත් දඬුවම් කරන්න නෙමෙයි. සත්‍ය සොයාගෙන මිනිස්සු අතර සාමය ඇති කරන්න.

අපට තියනවා යුතුකමක් ජාත්‍යාන්තරය ඉදිරියේ සහ මේ රටේ පීඩා වෙච්චි මිනිස්සුන්ට අවස්ථාවක් ලබා දෙන්න. මේක කාටවත් සීමා කරලා නෑ. සිංහල හා මුස්ලිම් අයත් ඉන්නවා යුද්ධය නිසා පීඩා වෙච්ච. ඒ අයටත් මෙතෙන්ට ගිහින් කරුණු කියන්න පුලුවන්. සත්‍ය  සොයා ගැනීමෙන් මොකක්ද වෙන අඩුපාඩුව.

කවුරුහරි වරදක් කරලා තියනවා නම් ඔවුන් දඬුවම් විඳිය යුතුයි. මේකෙන් කරන්නේ සත්‍ය සොයා ගැනීම. ඒ ටික සොයා ගත්තට පස්සේ උනත් නීතිපතිට යවන්න ඕන ඒ ටික නඩු දාන්න පුලුවන් ද කියලා.

බැලූ බැල්මටම අපේ නීතිය අනුව අපරාධමය වරදක් කරලා තියනවා නම් නීතිපති නඩු දාන්න ඕන. එහෙම අපරාධයක් කරලා තියනවා නම් යම් පුද්ගලයෙක් ඔහු දඬුවම් නොවිඳිය යුත්තේ ඇයි?

සාරාංශය මේකයි. මේ කොමිසම පිහිටුවීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නඩු දාන්න නෙමෙයි. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පීඩාවට පත් වුන මිනිස්සුන්ට වේදිකාවක් හදලා දෙන්න. සිංහල දෙමළ මුස්ලිම් කියලා වෙන් කරලා නෑ. 1983 සිට අද වෙනකම් පීඩා වින්ද ඕනෑම කෙනෙකුට මේ කොමිසමට යන්න පුලුවන්. අනික මෙවැනි කොමසමක් ලංකාවෙ විතරක් ගෙනාව දෙයක් නෙමෙයි. රටවල් 43කින් ගෙනාපු දෙයක්. මේ වගේ තමයි යම් කිසි ගැටුමකින් පස්සේ සාමය ඇති කරගන්න ලෝකය උත්සාහ කරන්නේ.

6047 ක් තමන්ගේ මිනිස්සු නැති වුනා කියලා වර්ෂ 2000 ඉඳලා 2009 වෙනකම් පැමිණිලි කරලා තියනවා. ඒ මිනිස්සුන්ට යන්න තැනක් නෑ. ප්‍රශ්නයක් තියනවා නම් තැනක් තියෙන්න ඕන ඒ ප්‍රශ්නය ගැන කියන්න. හැමදේම ජාතිවාදී කරගෙන ප්‍රශ්න ඇති කරගෙන, ප්‍රශ්න නැතිනම් ප්‍රශ්න ඇති කරගෙන…

මෙහෙම කරන්න ගියොත් අපට මේ ප්‍රශ්නය විසඳන්න වෙන්නේ නෑ. ඒ හින්දා මේවා ඉදිරියට යන්න ඕන. මේ කිසිම කොමිසමකට කාටවත් දඬුවම් කිරීමේ බලයක් නෑ.

යම් කිසි විදිහකින් ප්‍රශ්නයක් තියනවා කියනවා නම් ඒක ඒජී ට යවන්න පුලුවන්. ඒජී බලන්න ඕන ලංකාවේ අපරාධ නීතියට අනුව බැලූ බැල්මට නඩු දැමිය හැකි වරදක් කරලා තියනව ද කියලා.

ඉතින් වරදක් කරලා තියනවා නම් වෙන මොනවා කරන්න ද?. ඒ නිසා බිල්ලො මවන්න එපා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සත්‍ය සමගිය සහ ප්‍රතිසංවිධානය සඳහා වූ කොමිෂන් සභා පනතත්, පළාත් සභා වලට ඉඩම් බලතල ලබාදීම සඳහා වූ පනතත් පළමු වර කියවයි… දැඩි විරෝධතා මතුවෙයි!

Next Post

කරු පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.